Wednesday, December 18, 2013

වකු­ගඩු රෝගී ඔහුට පිහිට වන්න

මැදි­රි­ගි­රිය දිවු­ලං­ක­ඩ­වල  දිය­වර ගම්මා­නයේ අංක 80 නිවසේ පදිංචි ඩබ්. එච්. එම්. ධර්ම­රත්න මහතා 93%ක්ම වකු­ගඩු දෙකම දියවී ඇති දරුණු  ලෙස  වකු­ගඩු  අමා­රු­වෙන් පීඩා   විඳින  අයෙකි. 

 ඒ බව න්නරුව  මහ රෝහලේ වකු­ගඩු  සාය­නයේ වෛද්‍ය­ව­රයා 
නිග­ම­නය කර ඇත.

ඔහු  දරු­වන්  හත­ර­දෙ­න­කුගේ පියෙකි. පවුල නඩත්තු කිරී­මට බිරිඳ කුලී වැඩ කරයි.  ඔවුන්ට  ස්ථිර ආදා­ය­මක් නැත. 

ඔහු ජීව­ත්ක­ර­ලී­මට “ඕ” පොසි­ටිව්  වර්ගයේ   වකු­ග­ඩු­වක්  බද්ධ කළ යුතු බව වෛද්‍ය වාර්තාව නිරි­දේශ කරයි. 

ඔහුට වකු­ග­ඩු­වක්  ලබා දෙන ලෙසත්  ඔවුන්ගේ  පවුල ජීවත් වීමට ආධා­ර­යක් ලබා දෙන ලෙසත් ඔහු  ජන­තා­ව­ගෙන් කාරු­ණි­කව ඉල්ලා  සිටී. දුර­ක­ථන අංකය 0714016754.

මැදි­රි­ගි­රිය මහ­ජන  බැංකු ගිණුම් අංකය 23120016006002.

සෙවු­මිණි දිය­ණිය සුවපත් කරමු

තෙලි­ජ්ජ­විල, ඇල්ගි­රිය, නිශාන් ලිපි­නයේ පදිංචි අවු­රුදු හත­රක් වය­සැති තීක්ෂණා සෙවු­මිණි සිඟිති දිය­ණි­යගේ හද­වතේ සිදු­රක් ඇති බැවින් ඇය සුව කිරී­මට ශල්‍ය­ක­ර්ම­යක් සිදු කළ යුතු බව වෛද්‍ය­ව­රුන් නිර්දේශ කර තිබේ‍.

මේ සඳහා රුපි­යල් එක්ලක්ෂ හැත්තෑ­ප­න්ද­හ­සක (175000) මුද­ලක් වැය වන බවට වෛද්‍ය­වරු පවසා ඇති නමුත් ඇයගේ මව්පි­යන් සතුව එප­මණ මුද­ලක් නොමැති නිසා එම මුදල සොයා ගැනී­මට පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ අනු­ග්‍ර­හය අපේක්ෂා කරයි.

මේ ශල්‍ය­ක­ර්මය සිදු කර සිඟිති තීක්ෂ­ණාගේ ජීවි­තය බේරා ගැනී­මට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වෙතොත් ලංකා බැංකුවේ අකු­රැස්ස ශාඛාවේ 4010777 ගිණුම් අංක­යට මුදල් බැර කරන ලෙස ඉල්ලී­මක් කෙරේ. 

මෙම ගිණුම තීක්ෂ­ණාගේ පියා එස්. දන්ත­නා­රා­යන නමින් ආරම්භ කර තිබේ. 0776214954 දුර­ක­ත­න­යෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.

Wednesday, December 11, 2013

පුංචි දරු­වාට ඔබේ පිහිට ඕනැ

අලව්ව කොහො­ලාන අංක 81/1 හි පදිංචි ගගන සංඛ­ජිත් සුග­ත­දාස දරුවා උප­තින්ම දරුණු හෘද­යා­බා­ධ­ය­කින් පෙළෙයි. 

ඔහුට සුවය ලබා දීමට නම් සැත්කම්   හත­රක් කළ යුතු බවත් එම  හෘද­යා­බා­ධය  සුව කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පහ­සු­කම්  නොමැති නිසා ඉන්දි­යාවේ සිදු කිරීම ආර­ක්ෂා­කාරී බව එම දරු­වාට ප්‍රති­කාර කරන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග විශේ­ෂ­ඥ­ව­රයා නිර්දේශ කර ඇතැයි  ඔහුගේ මව වන ඩී. ඒ. මංජුලා විජේ­ව­ර්ධන මහ­ත්මිය පව­සයි.

මේ දරු­වාට ඉන්දි­යාවේ එම්. එම්. එම්. රෝහලේ  දී ශල්‍ය කර්ම­යක් සිදු කිරීම සඳහා අමෙ­රි­කානු ඩොලර් 7500ක් වැය වන  බවත් එම විශාල මුදල පෞද්ග­ලි­ක­වම සොයා ගැනී­මට නොහැකි  නිසා පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ ආධාර අපේක්ෂා කරන බවත් මංජුලා විජ­ය­ව­ර්ධන මහ­ත්මිය  පව­සයි.

තම දරු­වාගේ ජීවි­තය බේරා ගැනීම සඳහා ආධාර කරන ලෙස ඇය ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි. 

එවනු ලබන ආධාර ලංකා බැංකුවේ අලව්ව ශාඛාවේ ගිනුම් අංක 75317192 ට  යොමු­ක­රන ලෙස ඇය  ඉල්ලී­මක් කරයි. මේ සඳහා අවශ්‍ය විස්තර දුර­ක­තන අංක 071-2148076 071-8240439 වෙතින් දැන­ගත හැකිය.

Monday, December 9, 2013

කොඳු ඇට පෙළේ ශල්‍ය­ක­ර්ම­යට ඔබේ ආධාර අපට දෙන්න

දැඩි­ග­මුව - පිටි­ය­ග­හ­වත්ත අංක 519/16 නිවසේ පදිංචි ජේ. දීපිකා ප්‍රියං­ගනී මහ­ත්මි­යට කොඳු ඇට පෙළේ හදිසි ශල්‍ය­ක­ර්ම­යක් කිරී­මට  සෙන්ට්‍රල් රෝහලේ වෛද්‍ය සී. ආනන්ද එල්ලා­වල මහතා නිර්දේශ කර ඇත. 

එම ශල්‍ය­ක­ර්මය හැකි ඉක්ම­නින් සිදු කළ යුතු බවද ඒ මහතා කියා සිටියි. ශල්‍ය­ක­ර්මය සිදු කිරීම සඳහා  රුපි­යල් පන්ලක්ෂ පන­ස්දා­හක (රු:5,50,000ක) මුද­ලක් අව­ශ්‍යව ඇත. 

මෙවැනි මුද­ලක් සොයා ගැනී­මට ජේ.   දීපිකා ප්‍රියං­ගනී මහ­ත්මි­යට හැකි­යා­වක් නැත. ඇයගේ ස්වාමි පුරු­ෂ­යාට ස්ථීර රැකි­යා­වක් නොමැත. එසේම අධ්‍යා­ප­නය ලබන දරු­වන් ‍ තිදෙ­නකු   ජේ. දීපිකා ප්‍රියං­ගනී මහ­ත්මි­යට සිටිති. 

එම නිසා මෙවැනි  මුද­ලක් සොයා ගැනී­මට ඇයට හැකි­යා­වක් නැත. මේ සඳහා  නොම­සුරු දාය­ක­ත්වය පින්වන්න ඔබ­ගෙන් ලබා ගැනී­මට   ඇය බලා­පො­රොත්තු වේ.

 ජේ. දීපිකා ප්‍රිංය­ගනී මහ­ත්මි­යට මුද­ලින් ආධාර කිරී­මට කැමැති අයකු වෙතොත් 0114255821 හෝ 0711198457 යන දුර­ක­ථන අංක­ව­ලට අමතා දැනුම්  දෙන ලෙසත්, ශල්‍ය­ක­ර්ම­යට අවශ්‍ය විය­දම්  සහ ආධාර ලබා­දී­මට කැමැති අය වෙතොත් හෝමා­ගම මහ­ජන බැංකුවේ ගිණුම් අංක 049-2-001-3-0027634ට මුදල් බැර කරන ලෙස  ජී. දීපිකා ප්‍රියං­ගනී මහ­ත්මි­යත් ස්වාමියා සහ දරුවෝත් ඉල්ලා සිටිති.

වකු­ග­ඩු­වක් අව­ශ්‍යයි

නාත්ත­න්ඩිය බාඳු­රාව පදිංචි එච්. එම්. රූපා­වතී හේරත් මහ­ත්මිය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන බැවින් වකු­ගඩු  දෙකම අක්‍රීය  වෙමින් පව­තින බව  වෛද්‍ය­වරු පව­සති.

දෙදරු මවක්  වන ඇයගේ ජීවි­තය  බේරා ගැනීම සඳහා “ඕ” නෙග­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් හැකි ඉක්ම­නින් බද්ධ කළ යුතු බැවින් ඒ සඳහා වකු­ග­ඩු­වක් සහ මූල්‍ය ආධා­ර­යක් ලබා­දී­මට හැකි අයෙක් වෙතොත්  දුර­ක­තන අංක 0776630902  ට කතා­කර නාත්ත­න්ඩිය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 1-0034022582-7 ආධාර කරන ලෙස ඉල්ලා සිටියි.

ඕ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් පිරි­නමා ජීවි­ත­යක් බේරා ගනිමු

කොළො­න්නාව, පැර­කුම්බා මාවත පටු­මග, අංක 60/4 හි පදිංචි   රත්න­සිරි  බාල­සූ­රිය මහතා හට ඕ පොසි­ටිව් වර්ගයේ (O+) වකු­ග­ඩු­වක් ඉක්ම­නින්   බද්ධ කළ යුතුව ඇත. 

එහෙ­යින් එම  සැත්කම  සඳහා  පිං කැමති ඔබෙන් සර­ණක්  අයැද  සිටිමු.

දුර­ක­ථන 0718564085, 0719684053 වහාම  අම­තන ලෙස ඉල්ලා සිටී.

Wednesday, December 4, 2013

ශ්‍රවණ උප­ක­ර­ණ­යක් ලබා ­ගැ­නී­මට සහාය පතයි

මුල­ටි­යන, කැට­ප­ල­කන්ද,  කිරි­මැ­ටි­ව­ලේ­හේන ලිපි­නයේ  පදිංචි   වීර­සේන   විතා­රණ  මහ­තාගේ   අවු­රුදු  දොළ­හක් වය­සැති  මධු­ෂිකා   විතා­රණ  දිය­ණිය   ශ්‍රව­ණා‍භා­ධිත  තත්ත්ව­යෙහි   පසුවේ.

මේ දිය­ණි­යට  ශල්‍ය කර්ම­යක් මඟින් උප­ක­ර­ණ­යක්  සවි­කොට  පසු කන්  ඇසීම   ලබා­දිය  හැකි බව  වෙද්‍ය­ව­රුන්  පවසා ඇත.  

ඒ සඳහා රුපි­යල් ලක්ෂ  තිහක් පමණ  මුද­ලක්  වැය වන බව පේරා­දෙ­ණිය  සිරි­මාවෝ  බණ්ඩා­ර­නා­යක   ළමා රෝහලේ  වෛද්‍ය­ව­රුන්   පවසා ඇත. 

මධු­ෂි­කාගේ  පියා    දෛනික කම්ක­රු­වෙකු  ලෙස ජීවි­කාව ගෙන  යන අතර  ස්ථීර  රැකි­යා­වක්  නොමැති  බැවින් මෙත­රම්  විශාල  මුද­ලක්  සොයා ගැනීම  මොවුන්ට   අප­හසු වී ඇත. 

 මේ සඳහා  ඔවුන්  පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ  අනු­ග්‍ර­හය  අපේක්ෂා කරයි.

මේ සඳහා   මුදල් පරි­ත්‍යාග  කිරී­මට  කැමති පරි­ත්‍යා­ග­ශී­ලි­යෙකු ඇතොත්  ලංකා බැංකුවේ  දෙයි­ය­න්දර   ශාඛාවේ   73255376  ගිණුම්  අංක යටතේ   දරු­වාගේ  පියා වන ඩබ්. වීර­රත්න  නමින් ආරම්භ   කර ඇති   ගිණු­මට යොමු  කරන ලෙස  ඉල්ලා සිටී. 

 වැඩි­දුර  තොර­තුරු  041 – 5789773/ 071-3145632 යන දුර­ක­ථන  අංක­යන්ට  අමතා ලබා ගත හැකිය. 

Thursday, November 28, 2013

වකු­ගඩු රෝගී රේණුකා ඔබේ සහාය පතයි

මාතර, වල්ගම උතුර සිරි­වි­ජ­ය­ති­ල­කා­රාම මාවතේ පදිංචි කේ. රේණුකා මිය දරුණු වකු­ගඩු ආබා­ධ­ය­කින් පෙළෙයි.

ඉතා ඉක්ම­නින් ඇයට වකු­ග‍ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේ­ශ­යයි. පරි­ත්‍යා­ග­ශී­ලි­ය­කු­ගෙන් කාරු­ණික ඉල්ලී­මක් කරයි. 

දුර­ක­ථන අංක 077-5773576 හෝ 0715604822.

Sunday, November 24, 2013

වකු­ගඩු සැත්ක­මට ඔබේ පිහිට ඕනෑ

අංක 56, බදු­ලු­පුර  ගින්නො­රුව පදිංචි 28 වියැති  ඒ. එම්. නන්ද­සිරි මහ­තාට වකු­ගඩු බද්ධ කිරී­මක් සඳහා O + (ඕ - පොසි­ටිව්) වර්ගයේ  වකු­ග­ඩු­වක්  අව­ශ්‍යව  ඇති  බැවින් පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ පිහිට පතයි.

ඒ සඳහා   0715252022, 0555787592 අම­තන  ලෙස ද  ඉල්ලා  සිටියි.

වකු­ගඩු සැත්ක­මට පිහිට පතයි

පුත්ත­ලම  කට්ට­ක­ඩුව  පදිංචි  වයස  අවු 30 ඩෙනි­සන්  සිල්වා   මහ­තාගේ  වකු­ගඩු  දෙකම  අක්‍රිය වී ඇති   නිසා  වකු­ග­ඩු­වක්   බද්ධ කළ යුතු  බව වෛද්‍ය­ව­රුන්  නිර්දේශ   කර ඇත.   

ඒ සඳහා  අවශ්‍ය O+ (පොසි­ටිව්)  වර්ගයේ   වකු­ග­ඩු­වක්   දීමට  කැමති අයක්  සිටී නම්  මෙම දුර­ක­ථන අංක­ව­ලට    අම­තන ලෙස  ඉල්ලා සිටී.  0779131483 – 0729413152

ප්‍රති­කාර සඳහා   අධික මුද­ලක්  අවශ්‍ය  වන නිසා මුද­ලින්   ආධාර   කිරී­මට  කැමති අය හැටන් නැෂ­නල්  බැංකුවේ   මූල­ස්ථාන  සහ­කාර  ගිණුම්  අංක  00302061774 දරන  ගිණු­මට  මුදල් බැර  කරන ලෙසත්  ඉල්ලා  සිටි.

Monday, November 4, 2013

රෝගී හිරු­ෂාන් තාරු­කට ඔබේ පිහිට ඕනෑ

49/A, පන්සල වත්ත, පට්ටි­ගල බෙර­ල­ප­නා­තර ලිපි­නයේ පදිංචි ජේ හිරු­ෂාන් තාරුක (වයස අවු­රුදු 4යි මාස 08) දරුවා කොඳු ඇට පෙළ ඇද­වීමේ දරුණු රෝග­ය­කට ගොදුරු වී සිටියා.

මේ සඳහා ඉන්දි­යාවේ චෙන්නායි ඇපලෝ රෝහලේ දී සැත්ක­මක් සිදු කළ යුතු බව වෛද්‍ය­ව­රුන් තීර­ණය කර ඇත.

රුපි­යල් ලක්ෂ 15ක පම­ණක් මුද­ලක් වැය වන බැවින් එම මුදල සොයා ගැනී­මට නොහැකි බැවින් කාරු­ණික ඔබගේ ආධාර පතයි.

දරු­වාගේ පියා වන ජේ. මෛත්‍රි­දාස මහතා මැහුම් ආය­ත­න­යක සුළු රැකි­යා­වක නිරත වන අතර ඔහුට එම මුදල සොයා ගැනී­මට නොහැකි වී තිබේ.

ඔබගේ ආධාර මහ­ජන බැංකු ගිණුම් අංක 271200190040509ට හෝ හැටන් නැෂ­නල් බැංකුව 199020022960ට හෝ බැර කළ හැකිය.

Wednesday, October 23, 2013

වකු­ගඩු රෝගියා පිහිට පතයි

කොළඹ - 02 පල්ලිය පාරේ අංක 41 නිවසේ පදිංචි බී.ජී. ප්‍රියන්ති (අවු. 45) මහ­ත්මිය දරුණු වකු­ගඩු ආබා­ධ­ය­කින් පෙළෙයි. 

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා පවසා ඇත්තේ හැකි ඉක්ම­නින් ඕ + වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කරන ලෙසය. 

වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට පරි­ත්‍යා­ග­ශීලී කෙනෙකු සිටී නම් පහත අංක වලට හැකි ඉක්ම­නින් දැනුම් දෙන්න. 071 6882561 / 075 7483466

Tuesday, October 22, 2013

වකු­ගඩු සැත්ක­මට ඔබේ පිහිට පතයි

පාදුක්ක, බෝපේ කඳ­න­පි­ටියේ අංක 55Aහි පදිංචි චූලා ලක්ෂ්මී දස­නා­යක මහ­ත්මිය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළේ.

ඇයට හැකි ඉක්ම­නින් “ඕ පොසි­ටිව් හෝ ඕ නෙග­ටිව්” වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේ­ශ­යයි.

ඒ සඳහා යම් පරි­ත්‍යා­ග­ශි­ලි­යකු වේ නම් දුර­ක­ථන අංක 077 - 4573026 හෝ 0113 – 114972 දන්වන ලෙස ඉල්ලී­මක් කෙරේ.

ඇයගේ වෛද්‍ය ප්‍රති­කාර සඳහා විශාල මුද­ලක් වැය­වන බැවින් මහ­ජන බැංකුවේ පාදුක්ක ශාඛාවේ ගිණුම් අංක 049- 2 - 001- 3 -0016 838 ගිණු­මට මුදල් බැර කරන ලෙස ඉල්ලී­මක් කෙරේ.

Wednesday, October 16, 2013

වකු­ගඩු රෝගියා ආධාර පතයි

පිට­කෝට්ටේ , බැද්ද­ගාන පාරේ අංක 28 යන ලිපි­නයේ පදිංචි එක් දරු පි‍යකු වන ඩබ්. ඒ.ඒ. නව­සිරි මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර, ඔහුට ඉක්ම­නින් වකු­ග‍ඩු­වක් බද්ධ කළ යුතු බව, ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර ‍රජයේ රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය සී.ඒ. හේරත් මහතා විසින් නිර්දේශ කර ඇත.

ඕ(+) හෝ ඕ(-) වර්ගයේ වකු­ග­ඩු­වක් දිය හැකි පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වේ නම් ඒ බව ඉහත ලිපි­න­යට හෝ 071- 8293531හෝ 072-3609226 යන අංක­ව­ලට දැනුම් දෙන මෙන් ඉල්ලා සිටී.

වකු­ගඩු රෝගී කාන්තාව පිහිට පතයි

රාජ­ගි­රිය නාවල පාරේ 421හි පදිංචි එන්. විජේ­රත්න මහ­ත්මිය (අවු.56) වකු­ගඩු රෝග­ය­කින් පෙළේ. 

ඇයට වකු­ගඩු බද්ධ කිරී­මට අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා දන්වා ඇත.

ඇයට බද්ධ කිරීම සඳහා වයස අවු. 25 – 55 වයස් කාණ්ඩයේ ඕනෑම අය­කුගේ වකු­ග­ඩු­වක් සුදුසු බව වෛද්‍ය­තුමා පව­සයි. 

එබැ­වින් පරි­ත්‍යා­ග­ශී­ලීන් වෙත්නම් දුර­ක­ථන අංක 0112878540 හෝ 0772917670 දන්වන ලෙස ඉල්ලා සිටී.

හෘද රෝගියා ආධාර පතයි

රත්න­පුර, කර­ඳන බට­හිර පදිංචි කේ.ඒ. චන්ද්‍ර­සිරි මහතා හෘද රෝග­ය­කින් පෙළෙයි. වයස අවු­රුදු 45 ක් වන ඒ මහතා දෙදරු පියෙකි. 

ඔහුගේ හෘදයේ කපාල තුවාල වීම නිසා ඉක්මන් සැත්ක­ම­කට ලක් කළ යුතු බව හෘද රෝග විශේ­ෂඥ වෛද්‍ය පී.එන්. රාජ­පක්ෂ මහතා නිර්දේශ කර ඇත. ඒ සඳහා රුපි­යල් ලක්ෂ නව­යක මුද­ලක් වැය වන අතර පරි­ත්‍යා­ග­ශී­ලින්ගේ මූල්‍ය ආධාර ඔවුන් බලා­පො­රොත්තු වේ. 

චන්ද්‍ර­සිරි මහ‍තාගේ ජීවි­තය බේරා ගැනී­මට කැමැ­ත්තක් දක්වන පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වේ නම් ඔබගේ මුදල් ආධාර හොරණ මහ­ජන බැංකුවේ ගිණුම් අංක 041200210004528 දරණ එන්.ආර්.එම්.ටී. මල්කාන්ති මහ­ත්මි­යගේ ගිණු­මට යොමු කරන ලෙස කාරු­ණි­කව ඉල්ලා සිටියි. 

වැඩි විස්තර සඳහා 071-1052645 දුර­ක­ථන අංකය අම­තන්න.

වකු­ග­ඩු­වක් දන් දී ජීවි­ත­යක් බේරා ගනිමු

හලා­වත අලු­ත්වත්තේ පදිංචි සුදේනි පීරිස් (31) මහ­ත්මි­යගේ වකු­ගඩු දෙකම අක­ර්මණ්‍ය වී ඇති හෙයින් ඇයට ඉක්ම­නින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව ජය­ව­ර්ධ­න­පුර රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා පව­සයි.

ඕ පොසි­ටිව් හෝ 'ඕ' වර්ගයේ වකු­ග­ඩු­වක් ලබා­දී­මට කැමති අයෙකු වෙතොත් දුර­ක­ථන අංක 071 6756714 යන අංක­යට අම­තන ලෙස ඉල්ලා සිටී.

Wednesday, October 9, 2013

උප­තින්ම ශ්‍රව­ණා­බා­ධිත සචිර සිඟිති පුතුට ඔබේ සහාය පතයි

දෙනි­යාය, ඕල­කු­ඹුර, ලිපි­නයේ පදිංචි එස්. කේ. කේ. නිමල් වීර­රත්න මහ­තාගේ අවු­රුදු දෙකයි මාස හයක් වය­සැති සචිර නිශාන් නැමති දරුවා උප­තින්ම ශ්‍රව­ණා­බා­ධිත තත්ත්ව­යෙහි පසුවේ.

මෙම සිඟිති දරු­වාට කන් ඇසීම ලබා­දීම ශ්‍රවණ උප­ක­ර­ණ­යක ආධා­ර­යෙන් කළ හැකි බව වෛද්‍ය­වරු පවසා ඇත. ඒ සඳහා අවශ්‍ය ශ්‍රවණ උප­ක­රණ යුග­ලය සඳහා රුපි­යල් තුන්ලක්ෂ හැත්තෑ­ද­හ­සක් වැය වන බව වෛද්‍ය­ව­රුන් පව­සති. 

දරු­වාගේ පියා­ටද ස්ථිර රැකි­යා­වක් නොමැති බැවින් මෙත­රම් විශාල මුද­ලක් සොයා ගැනීම මොවුන්ට අප­හසු වී ඇත. මේ සඳහා ඔවුන් පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ අනු­ග්‍ර­හය අපේක්ෂා කරයි.

මේ සඳහා මුදල් පරි­ත්‍යාග කිරී­මට කැමති පරි­ත්‍යා­ග­ශී­ලි­යෙකු ඇතොත් සම්පත් බැංකුවේ දෙනි­යාය ශාඛාවේ 101450076954 ගිණුම් අංක යටතේ දරු­වාගේ පියා වන එස්. කේ. කේ. එන්. වීර­රත්න නමින් ආරම්භ කර ඇති ගිණු­මට හෝ මහ­ජන බැංකුවේ දෙනි­යාය ශාඛාවේ 207-087640-8 ගිණුම් අංක යටතේ දරු­වාගේ පියා වන එස්. කේ. කේ. නිමල් වීර­රත්න නමින් ආරම්භ කර ඇති ගිණු­මට යොමු කරන ලෙස ඉල්ලා සිටී. 

(වැඩි­දුර තොර­තුරු දරු­වාගේ පියා වන නිමල් වීර­රත්න මහ­තාගේ 077 – 3128127 යන දුර­ක­ථන අංකය අමතා ලබා­ගත හැකිය.

Monday, October 7, 2013

එන්නතක් වැරදීමෙන් කන් ඇසීම නැති වුණ පුංචි පුතාට පිහිටක් වන්න

විශේෂ අවශ්‍යතා ඇති සිසුවෙකු සාමාන්‍ය සිසුන් සමග අධ්‍යාපනය ලබා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 166 ලබා ගෙන විභාගය සමත්වූ පුවතක් වාර්තා වෙනවා.

මාවරල ශී‍‍්‍රමත් අනගාරික ධම_පාල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මෙම දරුවා, රිවිඳු හංස ශාලුක ජාසිංහ නම් වේ.. ඉපදී එක් වර්ෂයක් ගත වූ අවස්ථාවෙහි, රෝගී තත්වයකට ලබා දුන් එන්නතක් වැරදීමෙන් කන් ඇසීම නැති වී තිබේ..වෛද්‍ය උපදෙස් මත ශ‍‍්‍රවණාධාර කට්ටලයක් ළමයා භාවිත කළද, ඒවා ප‍‍්‍රමිතියෙන් අඩු වූ ඒවා බැවින්, බොහෝ අවස්ථාවල අබලන් වීම නිසා ශ‍‍්‍රවණාධාර නොමැතිව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මෙම සිසුවාට සිදුව තිබේ.

කන් ඇසෙන සාමාන්‍ය ළමයි සම`ග එකට ඉඳගෙන අධ්‍යාපනය ලැබීමේදී,මෙම දරුවා දැඩි පීඩනයකට හා අපහසුතාවනට පත්ව සිටි බව දෙමව්පියෝ පවසනවා.

ශිෂ්‍යත්ව විභාගයට දැඩි උනන්දුවකින් සහ කැපවීමකින් මුහුණ දුන් මෙම දරුවා,අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලටද දස්කම් දක්වා ඇත..දරුවාගේ මව ස්නායු ආබාධයකින් රෝගාතුරව මාස 4 කට අධික කාලයක් එක්තැන්ව සිට ඇත.

එම කාලයේදී දරුවාගේ අධ්‍යාපන කටයුතු වලට මවගෙන් ලැබිය යුතු සහයෝගය,උදව්ව, හෝ රැකවරණය ලබා ගැනීමට මෙම දරුවාට වාසනාව ලැබී නැත.

කර්‍ණ සංඛ බද්ධයකට රුපියල් ලක්ෂ 28 ක්ද, නියම ප‍‍්‍රමිතියෙන් යුත් සවන් වහල් (ශ‍‍්‍රවණාධාර) කට්ටලයක් සඳහා රුපියල් ලක්ෂ 4 ක්ද වැය වන බව වෛද්‍යවරු පවසා ඇතත්,ස්ථිර රැකියාවන් නොකරන වෙනත් ආදායම් මාර්‍ගද නොමැති දෙමව්පියන් සතුව ඒ සඳහා ප‍‍්‍රමාණවත් මුදලක් නොමැති නිසා පරිත්‍යාග ශීලීන්ගේ සහයෝගයක් දෙමව්පියන් අපේක්ෂා කරයි.

ආබාධිත තත්වයක් තුල බාධක මැද ශිෂ්‍යත්ව විභාග කඩඉම සමත් කළ ,දීප්තිමත් අනාගතයකට සිහින දකින මෙම සිසුවාට අධ්‍යාපනය ලැබීමට, ප‍‍්‍රමිතියෙන් යුත් ශ‍‍්‍රවණාධාර කට්ටලයක් ලබා දීමට කාරුණික වූ පරිත්‍යාගශීලී අයෙකු වේ නම්, දුරකථන අංක 0710144331 ට හෝ 0710899452 ට කථා කොට පියා වන රණදේව මහතා අමතන මෙන් ද දරුවාගේ මව ඉල්ලීමක් කර සිටින්නීය.

ඒ නෙග­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යා­ග­ කැර ජීවි­ත­යක් බේරා ගනිමු

දැනට ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර මහ රෝහලේ ප්‍රති­කාර ලබන බණ්ඩා­ර­වෙල කිනි­ගම ගම­ගෙ­දර පදිංචි ජේ.ඇම්.ආශා කුමු­දුණී ජය­සේ­කර මහ­ත්මි­යගේ (28)වකු­ගඩු දෙකම දැනට අක්‍රීය බව එම රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය සී.ඒ.හේරත් මහතා වෛද්‍ය වාර්තා­වක් මගින් ප්‍රකාශ කර සිටී.

ඇය සුව­පත් කිරී­මට නම් ඒ නෙග­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් වහාම ඇයට බද්ධ කළ යුතු බවද එම වෛද්‍ය වාර්තාවේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වේ.

එබැ­වින් එම වර්ගයේ වකු­ග­ඩු­වක් ලබා­දී­මට කැමැ­ත්තක් දක්වන පරි­ත්‍යා­ග­ශීලී කවු­රුන් හෝ ඉදි­රි­පත් වන්නේ නම්  හැකි ඉක්ම­ණින්ම ඒ බව  0715507202 යන දුර­ක­තන අංක­ය­ට­දැ­නුම් දෙන ලෙස ඇගේ මවු­පි­යන් කාරු­ණි­කව ආයා­චනා කර සිටිති.

Sunday, October 6, 2013

වකු­ගඩු රෝගියා ආධාර පතයි

මාතලේ දිස්ත්‍රි­ක්කයේ රත්තොට මාතලේ පාර අංක 2 / 80 B දරන ස්ථානයේ පදිංචි එච්.ටි. වසන්තා මහ­ත්මිය වකු­ගඩු රෝගි­යකු වී දැනට මහ­නු­වර රජයේ ශික්ෂණ රෝහ­ලින් ප්‍රති­කාර ලබයි.

ලේ පිරි­සිදු කිරීමේ ප්‍රති­කා­ර­යෙන් පසුව ඇයට වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු යැයි මහ­නු­වර රජයේ ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය ඒ.ඩබ්ලිව්. එම්. ෆසීල් මහතා නිර්දේශ කර ඇත.

ඇයට වකු­ග­ඩු­වක් ලබා­දී­මට කැමැති ඕ පොසි­ටිව් වර්ගයේ රුධි­රය හිමි පින්ව­තකු හෝ පින්ව­ති­යක ගේ පරි­ත්‍යා­ගය ඇය අපේක්ෂා කරයි.

පරි­ත්‍යා­ග­ශි­ලියා රැක බලා­ගෙන උදව් උප­කාර කිරී­ම­ටත් වසන්තා මහ­ත්මිය කැමැ­ත්තෙන් සිටී. ඒ පිළි­බඳ ඉදි­රි­පත් වන්නේ නම් 077 2583104 අම­තන මෙන් වසන්තා මහ­ත්මි­යගේ සැමියා දන්වා සිටී.

මොළයේ සැත්ක­මට ආධාර පතයි

වාද්දුව, ගුණ­ති­ලක පාරේ අංක 77/2 පදිංචි අනෝමා ප්‍රනාන්දු (අවු: 49) මහ­ත්මි­යට වහාම මොළයේ සැත්ක­මක් කළ යුතු බවට ශල්‍ය වෛද්‍ය ජයන්ත ලිය­නගේ නිර්දේශ කර ඇත. 

ඒ සඳහා රු. 6,50,000 මුද­ලක් අව­ශ්‍යව ඇති බැවින් පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ පිහිට අපේක්ෂා කරයි. එම පරි­ත්‍යා­ග­යන් ලංකා බැංකුවේ නගර ශාඛාවේ ගිණුම් අංක 359156 වෙත බැර කරන ලෙස ඉල්ලා සිටී.

වකු­ගඩු රෝගී මල්ලි­කාගේ ජීවි­තය ඔබේ අතේ

මාකේ­විට ජාඇළ අංක 170E ලිපි­නයේ  පදිංචි  එලි­විට මුදි­ය­න්සේ­ලාගේ මල්ලිකා  එලි­විට  මහ­ත්මිය (50) දරුණු වකු­ගඩු  රෝග­ය­කින්  පෙළෙයි. 

 කොළඹ ජාතික රෝහලේ  වෛද්‍ය  ඒ. එල්. එම්. නසාර්  මහතා මේ දෙදරු මවට  ඉතා  ඉක්ම­නින්  වකු­ග­ඩු­වක්  බද්ධ කිරී­මට  අවශ්‍ය  බවට  නිර්දේශ කර  ඇත. 

එබැ­වින්   ‘A’හෝ ‘O’ රුධිර වර්ගයේ  වකු­ග­ඩු­වක්  පරි­ත්‍යාග  කිරී­මට  කැමැති පින්ව­තකු  වෙත්නම්  පහත සඳ­හන්  ලිපි­න­යට දන්වා  එවන මෙන්  ඉතා කරු­ණා­වෙන් ඉල්ලා සිටී.  ඊ. එම්. එම්. එලි­විට, අංක 170E , මාක­විට , ජාඇළ , දුර­ක­ථන  අංකය -033 5710320, 071 - 3129624

වකු­ගඩු සැත්ක­මට පරි­ත්‍යා­ග­ශී­ලින්ගේ පිහිට පතයි

පාන­දුර එළු­විල පදිංචි 50 හැවි­රිදි දෙදරු මවක් වන ජයනා ප්‍රියන්ති මහ­ත්මි­යගේ වකු­ගඩු දෙකම නරක් වී ඇති බැවින් B පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් ඉතා ඉක්ම­නින් බද්ද කිරී­මට අවශ්‍ය බැව් වෛද්‍ය­ව­රුන් නිග­ම­නය කර තිබේ. 

ඇයට වකු­ග­ඩු­වක් පිරි­නැ­මී­මට  පරි­ත්‍යා­ග­ශී­ලි­යකු ඇතොත් 0382236511 හෝ 0385689541 අංක­යට අම­තන ලෙස ඉල්ලා සිටී.

Wednesday, October 2, 2013

වකු­ග­ඩු­වක් දන් දී ජීවි­ත­යක් බේරා­ගන්න

පොලිස් විශේෂ කාර්ය බළ­කායේ සේවයේ යෙදි සිටිය  දී,  දැයෙන් සමු­ගත් පොලිස් සැර­යන් 20537 පී. පී. බී‍. ජය­සු­න්දර මහ­තාගේ බිරිය වන ආර්. ඒ. ජී.රේණුකා මහ­ත්මිය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළිම නිසා වකු­ග­ඩු­වක් බද්ධ කිරී­මට අවශ්‍ය බව ඇයට  ප්‍රති­කාර කරනු ලබන නුවර මහ රෝහලේ වෛද්‍ය ඒ. ඩබ්. එම්. වසිල් මහ­තාගේ නිග­ම­නය වේ.

සිය සැමියා අහි­මිව, දරු­වන් ද සම­ගින් ජීවන සට­නට උර දී සිටින රේණුකා මහ­ත්මිය හට ජීවිත අව­දා­නම තොර කිරීම සඳහා කඩි­න­මින් වකු­ග­ඩු­වක් බද්ධ කිරී­මට අවශ්‍ය බව වෛද්‍ය නිග­ම­නය බැවින් A පො‍සිටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කිරීම සඳහා පරි­ත්‍යා­ග­ශිලි පින්වත් ඔබගේ උප­කාර අපේක්ෂා කරයි.

පරි­ත්‍යා­ග­ශි­ලි­යකු සිටී නම් 077-4594402 යන දුර­ක­ථන අංක­යට දැනු­ම්දෙන මෙන් කරු­ණි­කව ඉල්ලා සිටී‍.

Tuesday, October 1, 2013

හද­වත් සැත්ක­මට ඔබේ ආධා­රය පතයි

කොට­පොල, හිඟු­රු­ප­නා­ගල, බටේ­මුල්ල, ලිපි­නයේ පදිංචි හත­ළිස් හය හැවි­රිදි එච්. එච්. ඩබ්. සුමිත්‍රා මහ­ත්මිය දරුණු හද­වත් රෝග­ය­කින් පසුවේ.

ඇය සුව කර ගැනීම සඳහා ඉතා ඉක්ම­නින් හෘද සැත්කම් කළ යුතු බව ගාල්ල කරා­පි­ටිය හෘද රෝග විශේ­ෂඥ වෛද්‍ය පී. පී. සදා­න­න්දම් මහතා නිර්දේශ කර ඇත. එම සැත්කම් සඳහා රුපි­යල් ලක්ෂ දෙකක පමණ මුද­ලක් වැයවේ.

ඇයගේ සැමි­යා­ටද ස්ථිර ආදා­යම් මාර්ග­යක් නොමැති අතර අධ්‍යා­ප­නය ලබන දරු­වන් සිව් දෙනකු සිටින මොවුන්ට මේ තරම් විශාල මුද­ලක් එක­වර සොයා ගැනී­මට අප­හසු බැවින් ඒ සඳහා පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ සහාය බලා­පො­රොත්තු වේ. 

මේ සඳහා මුදල් පරි­ත්‍යාග කිරී­මට කැමති පරි­ත්‍යා­ග­ශී­ලි­යකු ඇතොත් මහ­ජන බැංකුවේ මොර­වක ශාඛාවේ 060-2-001-2-0010382 ගිණුම් අංක යටතේ ඇයගේ සැමියා වන ආර්. පිය­සේන යන නමින් ආරම්භ කර ඇති ගිණු­මට යොමු කරන ලෙස ඉල්ලා සිටී.

වකු­ග­ඩු­වක් දන් දී ජීවි­ත­යක් බේරා ගනිමු

දරුණු වකු­ගඩු ආබා­ධ­ය­කින් පෙළෙන කටු­පොත පාර, කඩ­හ­පොල, හොරො­ම්බාව යන ලිපි­නයේ පදිංචි එච්. ඩී. ජය­සිංහ මහ­තාට ‘බී’ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් කඩි­න­මින් බද්ධ කළ යුතුව ඇති බැව් මහ­නු­වර ශික්ෂණ රෝහලේ වකු­ගඩු රෝග විශේ­ෂඥ වෛද්‍ය ඒ. ඩබ්. එම්. වසීල් මහතා නිර්දේශ කර ඇත.

එම වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමති පින්ව­ත­කුවේ නම්, ඒ බැව් ඉ‍හත ලිපි­න­යට දැනුම් දෙන ලෙස දරුවෝ කාරු­ණි­කව ඉල්ලා සිටිති.

Monday, September 30, 2013

වකු­ගඩු රෝගියා පිහිට පතයි

කඩ­වත   ඉහ­ළ­බි­ය­න්විල  නො.494/1Aහි පදිංචි එච්. වයි . මෙරිල්  ප්‍රසන්න යන අය   දරුණු  වකු­ගඩු   රෝග­ය­කින්   පෙළෙයි. 

විශේ­ෂඥ   වෛද්‍ය   නිර්දේශ මත   ඉතා ඉක්ම­නින්   වකු­ඩු­වක්  බද්ධ කිරී­මට    අවශ්‍ය වී  ඇති බැවින් “B”වර්ගයේ   හෝ “O”වර්ගයේ  වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට පරි­ත්‍යා­ග­ශී­ලි­යකු  සිටී නම්   පහත අංක­යන්ට අම­තන මෙන් ඉතා කරු­ණා­වෙන්  ඉල්ලා සිටී.
0713067100
0770696433

මොළයේ සැත්ක­මට ආධාර කර ජීවි­ත­යක් බේරා ගනිමු

කොළඹ තර්ස්ටන්  විදු­හලේ  10 වැනි ශ්‍රේණියේ   ඉගෙ­නුම  ලබන  මිනුර ලක්සිත අබේ­කෝන් රත්නා­ය­කට  මොළයේ සැත්ක­මක්  සිදු­කි­රි­මට  සිදුවී තිබේ.

දැනට  දෙපා වාරු නැතිව ඇවි­දී­මට  නොහැකි තත්ත්වයේ පසු­වන මේ දරු­වාගේ රෝග­යට ප්‍රති­කාර කළ හැක්කේ ඉන්දි­යාවේ  ඇපලෝ රෝහලේ දීය.  

මේ සඳහා රුපි­යල් ලක්ෂ 15ක් පමණ  අව­ශ්‍ය­යව ඇති බව එම රෝහලේ වෛද්‍ය­ව­රුන්  ඇස්ත­මේන්තු කොට තිබේ. මේ දරු­වාගේ  පියාට   මේ තරම් විශාල  මුද­ලක්  ‍ෙසායා ගැනීම ඉතා අසීරු කරු­ණකි. 

එබැ­වින්  පිරි­ත්‍යා­ග­ශීලී සිත් ඇත්තන් වෙතින් දර­වාගේ පියා ආධාර බලා­පො‍රොත්තු වෙයි.

නම  - P .W.A.   රත්නා­යක-ගිණුම් අංකය 8690013238
කොම­ර්ෂල් බැංකුව-දුර­ක­ථන අංක - 0776773333-0112923071-777044028

හිස්ක­බල සැත්ක­මට උප­කා­ර­යක්

හදිසි  අන­තු­ර­කින්  හිස් කබලේ  කොට­සක්   බිඳී­යාම  නිසා,  කෘතිම  හිස් කබ­ලක් බද්ධ කිරීම සඳහා අවශ්‍ය වන  රුපි­යල්  ලක්ෂ දෙක හමා­රක මුදල ලබා­ගැ­නී­මට උප­කාර  කර­න්නැයි  ඒ. ඩී. චානක  සුමේධ සිල්වා   මහතා පරි­ත්‍යා­ග­ශීලී ඔබ සැම­ගෙන්  ඉල්ලා සිටිති.

හොරණ  හඳු­පැ­ල්පොල, සිරි­ල්ට­න්වත්ත නො.65 /16, මීව­න­ප­ලාන   පදිංචි චානක , විවා­හක  එක්දරු පියෙකි. 

වඩු කාර්මි­ක­යකු  ලෙස සේවය  කළ ඔහු  හොරණ ප්‍රදේ­ශයේ  නිව­සක සේවය කර­මින්  සිටිය දී පලං­චි­යෙන්  ඇද වැටී  ඔහුගේ හිසට  බර­ප­තළ   හානි ඇති විය.   

පෙර පාසල්  වයසේ දිය­ණි­යක්  ද සිටින ඔහුගේ බිරි­යට රැකි­යා­වක්  කිරී­මට ද අප­හ­සුය.   වෙනත් කිසිම ආදා­යම්  මාර්ග­යක්  නැති ඔහුට  හිත­ව­තුන් ලබා­දුන්  රුපි­යල් 75 දහ­සක  මුද­ලක්  ඇති බව  කියයි.

එබැ­වින්  ඉතිරි මුදල  සොයා  ගැනී­මට  පිං කැමැති ඔබ­ගෙන්    මේ  දරු පවුල  උප­කා­ර­යක් පතයි.  

මහ­ජන බැංකුව  හොරණ 041200110996091 ගිණු­මට  යම් කිසි මුද­ලක් බැර කළ හැකිය. වැඩි­දුර තොර­තුරු  0778952833 (චානක) දුර­ක­ථන අංක­යෙන් ලබා­ගත හැකිය.‍

Sunday, September 29, 2013

වකු­ගඩු රෝගියා පිහිට පතයි

අංගොඩ, අග්ගොඩ, රුව­න්පුර අංක 500/19 නිවසේ පදිංචි ඩී. එල්. එල්. ලීලා­රත්න ද සිල්වා මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර හැකි ඉක්ම­නින් ඔහුට ඕ පොසි­ටිව්  (O+)  වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව මාලි­ගා­වත්ත ජාතික වකු­ගඩු මධ්‍ය­ස්ථා­නයේ විශේ­ෂඥ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර තිබේ.

අවු­රුදු 48 ක් වය­සැති ලීලා­රත්න මහතා දරු­වන් තිදෙ­නෙ­කුගේ පියෙකි. කුලී රථ රියැ­දු­රෙකු ලෙස සේවය කළ ඔහු මේ රෝගා­බාධ හේතු­වෙන් රැකි­යා­වද කළ නොහැ­කිව සිටී.

වකු­ග­ඩු­වක් පරි­ත්‍යා­ග­ශීලී කෙනෙක් වෙතොත් 0778132869 / 0722016555 දුර­ක­ථන අංක­ව­ලින් වැඩි විස්තර ලබා­ගත හැකියි.

වකු­ගඩු රෝගී මීපුරේ ඔබේ පිහිට පතයි

මීග­මුවේ පදිංචි එල්. පී. සී. මීපුරේ මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින්  පෙළෙන බැවින්  ඒ මහ­තාට O+ වර්ගයේ වකු­ග­ඩු­වක් අවශ්‍ය බව වෛද්‍ය­වරු පව­සති.

මීට අදාළ සැත්කම ජය­ව­ර්ධන පුර රෝහලේ සිදු කිරී­මට නිය­මිත බැවින් O+ වර්ගයේ වකු­ග­ඩු­වක් ලබා­දී­මට කැමැති කෙනෙක් වෙතොත් 0776076035, 0715845173 දුර­ක­තන අංක­යට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී‍.

­මී­පුරේ මහතා ට දැනට ප්‍රති­කාර ගැනීම සඳහා මස­කට රුපි­යල්  30,000ක මුද­ලක් වැය­වන අතර, එම මුදල සොයා ගැනී­මට ඉතා අසීරු  තත්ත්ව­යක සිටී.

ඒ මහ­තාට මුද­ලින්  උප­කාර කිරී­මට කැමැති කෙනෙක් වෙතොත් මීග­මුව මහ­ජන බැංකු ශාඛාවේ 034 – 2 – 00 – 9 – 0713158 ගිණු­මට මුදල්  බැර කළ හැකිය‍.

ලසිත ළද­රු­වාගේ ජීවි­තය ඔබේ අතේ

පාත හේවා­හැට හපු­තලේ එගො­ඩ­ගම දොඩ­ම්ග­ස්තැන්න පදිංචි වයි. ජී. එස්. නන්ද­සිරි සහ එම්. ජී. නිලන්ති හේම­ලතා දෙප­ළගේ එකම පුතු වන තෙමස් හැවි­රිදි වයි. ජී. ලසිත ගිම්සාන් නන්ද­සිරි ළද­රුවා ක්ලෙබි­සි­යෙල්ලා විෂ­බී­ජය උප­තේදී ශරී­ර­ග­ත­වීම නිසා සෙප්ටි­සී­මියා සහ බ්‍රොන්කො­මෝ­නියා දරුණු  රෝග­යෙන් පෙළේ.

මේ වන­විට ළද­රුවා පේරා­දෙ­ණිය සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක ළමා රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රථි­කාර ලබයි. 

රෝහලේ ළමා­රෝග විශේ­ෂඥ වෛද්‍ය එම්. ඒ. එම්. ෆයි­සාල් මහ­තාගේ නිර්දේ­ශය අනුව ළද­රුවා රෝගී තත්ව­යෙන් මුදා­ගැ­නීම සඳහා 21. 09. 2013 දින සිට නොක­ඩවා දින දහ­යක් යාන්ත්‍රික ස්වස­නය සහ කොලි­ස්ටින් 120000 වන එන්නත පැය අට­කට වරක් දින 10 ක් ලබා­දිය යුතුව ඇත. 

එක්ව­තා­ව­කදී ලබා­දි­ය­යුතු එන්න­තක මිල රු. 8000/-කි. අඩු­ආ­දා­යම් ලාභි­න්වන ළද­රු­වාගේ මවු­පියෝ මේ සඳහා මහ­ජන සහාය පතති. 

උදව් උප­කාර කිරී­මට කැමති අයගේ දාය­ක­ත්වය වයි. ජී. එස්. නන්ද­සිරි ගිණුම් අංක 70928088 ලංකා බැංකුව තලා­තු­ඔය ශාඛා­වට යොමු­ක­රන මෙන් ඉල්ලා සිටී.

වකු­ගඩු රෝගියා පිහිට පතයි

බණ්ඩා­ර­ගම, රයි­ගම හංදිය පදිංචි සුමිත් කුමාර සිරි­මාන්න (45) මහ­තාගේ වකු­ගඩු දෙකම අක්‍රිය වී ඇති නිසා ඔහුට  ඉක්ම­නින් සැත්ක­මක් කළ­යුතු බව විශේ­ෂඥ වෛද්‍ය අනුර හේවා­ගී­ගන  මහතා විසින් නිර්දේශ කර ඇත. 

මේ සඳහා  ඉතා­මත් ඉක්ම­නින්  ඕ නෙගෙ­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග ‍කිරීමට කැමැති අයකු වෙතොත් දුර­ක­ථන අංක 0716472203 හෝ 0719153984 හෝ අම­තන මෙන් ඉල්ලා සිටී.

වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කර­න්නෙ­කුට මුද­ලින් උප­කා­ර­යක් කිරී­මට වුවද හැකි බව ඥාතීහු පව­සති.

Wednesday, September 25, 2013

වකු­ග­ඩු­වක් දී රෝගී ජීවි­ත­යක් බේරා ගනිමු

විශේ­ෂඥ  වෛද්‍ය  නිර්දේශ මත  ඔහුට ඉතා ඉක්ම­නින් වකු­ග­ඩු­වක් බද්ධ කිරී­මට අවශ්‍ය වී  ඇත.

 ඒ සඳහා  “බී”  වර්ගයේ  හෝ ‘ඕ’ වර්ගයේ වකු­ග­ඩු­වක්  පරි­ත්‍යාග කිරී­මට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලි­යකු   ඇතොත්  ජංගම දුර­ක­තන අංක  0713067100 ට  හෝ  0770696433ට  හෝ   අම­තන  මෙන් ඉතා කරු­ණා­වෙන් ඉල්ලා  සිටියි.

ලියු­කේ­මියා රෝගී දැරිය ඔබේ පිහිට පතයි

ජින්නා­පු­රම්, ආලං­කුඩා, ඒත්තාලේ පදිංචි ඒ.එස්.ගෆූර් (සිවු දරු පියා)  ලියු­කේ­මියා රෝග­යෙන් පීඩා  විඳින  තම  සිවු  වැනි දරුවා වන ෆාතිමා  රිකාසා (අවු­රුදු 08 යි) යන   අය  වෙනු­වෙන්  ඔබගේ උප­කා­රය පතයි. මේ ගැහැණු  දරු­වාගේ මව  වස­ර­කට පමණ පෙර මිය ගොස් ඇත. 

මේ දරු­වාගේ ශල්‍ය  කර්මය සිදු­කළ  හැක්කේ ඉන්දි­යාවේ  මීනාච්චි මිෂන්  රෝහලේ පම­ණකි. මේ සඳහා රුපි­යල් ලක්ෂ  විසි­ප­හක් අවශ්‍ය වනු  ඇති බවට එම රෝහලේ වෛද්‍ය වරුන් විසින් ඇස්ත­මේන්තු කොට තිබේ.

මෙම  පවුලේ ගෘහ  මූලි­කයා කුලී පද­නම මත ත්‍රී රෝද රථ­යක් පැද­වීම  මඟින් තම  දරු­වන්  ජීවත් කර­වයි.  මෙත­රම් විශාල මුද­ලක් සොයා ගැනීම  මොහුට ඉතා අසීරු  කරු­ණකි.  

එබැ­වින් පරි­ත්‍යා­ග­ශීලි  සිත් ඇත්තන්  වෙතින් ආධාර  බලා­පා­රොත්තු  වෙයි.
ගිණුම් අංකය  : 71449879 -  ලංකා බැංකුව, නොර­ච්චෝල
දුර­ක­ථන අංකය : 0723584862

Tuesday, September 24, 2013

වකු­ගඩු සැත්ක­මට පිහිට පතයි

මිනු­ව­න්ගොඩ පදිංචි 37 හැවි­රිදි එක් දරු මවක් වන ඩී. එස්. හෙට්ටි­ආ­රච්චි මහ­ත්මි­යට “O” පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් ඉතා ඉක්ම­නින් බද්ධ කිරී­මට අවශ්‍ය බැව් වෛද්‍ය­ව­රුන් නිග­ම­නය කොට තිබේ.

ඇයට වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට පරි­ත්‍යා­ග­ශී­ලි­යකු ඇතොත් 077 8234699 – 0112 295900 දුර­ක­ථන අංක­යන් අම­තන ලෙස ඉල්ලා සිටී.

Wednesday, September 18, 2013

වකු­ගඩු සැත්ක­මට වාස­නාට පිහි­ට­වන්න

හල්දු­ම්මුල්ල කිරි­මැ­ටියේ පදිංචි වයස අව­රුදු 13 ක් වය­සැති තිස­රණී වාසනා සුබ­සිංහ දැරිය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර ඇයට නොප­මාව වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය ඒ. එල්. නසාර් මහතා නිර්දේ­ශ­කර තිබේ.

අඩු ආදා­යම් ලාභී පවු­ලක් වූ වාස­නාගේ මවු­පියෝ මෙම සැත්කම සඳහා අවශ්‍ය මුදල් රැස්කර ගත නොහැ­කිව අස­රණ වී සිටිති. 

පරි­ත්‍යා­ග­ශීලි ඔබ සැමගේ ආධාර බලා­පො­රොත්තු වන අතර ඒ සඳහා ලංකා බැංකුවෙ රිජන්ට් වීදිය ශාඛාවේ ඇති 75067765 දරන ගිණු­මට මුද­ල් බැර කරන ලෙස ඉල්ලා සිටී.

මේ සඳහා වැඩි­වි­ස්තර 0715374030 දුර­ක­ථන අංක­යෙන් දැරි­යගේ මව අමතා ලබා ගත හැකිය.

වකු­ග­ඩු­වක් දන්දී ජීවි­ත­යක් බේරා ගනිමු

බොර­ලැ­ස්ග­මුව රත්ත­න­පි­ටියේ පරණ කැස්බෑව පාරේ අංක 47 නිවසේ පදිංචි ඩබ්ලිව්.ඩී.එන්.එස්. ද අල්විස් මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර ඔහුට වහාම ඕ පොසි­ටිව් වර්ගයේ (O +) වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව මාලි­ගා­වත්ත ජාතික රුධිර කාන්දු හා වකු­ගඩු බද්ධ කිරීමේ මධ්‍ය­ස්ථා­නයේ විශේ­ෂඥ වෛද්‍ය එස්.එම්. සෙනෙ­වි­රත්න මහ­ත්මිය පව­සයි.

ඔහුගේ ජීවි­තය බේරා ගැනී­මට වකු­ග­ඩු­වක් දන්දී­මට කැමැති පරි­ත්‍යා­ග­ශීලී අයෙක් වෙතොත්  077 7278856 / 011 2517250 දුර­ක­ථන අංක­ව­ලට අම­තන ලෙස ජී. ජයන්ති පෙරේරා මිය (බිරිය) ඉල්ලා සිටී.

Sunday, September 15, 2013

ඇවි­දී­මට නොහැකි දරු­වාගේ සැත්ක­මට ආධාර පතයි

කොළො­න්නාව, පිරි­වෙණ පාර, අංක 5/ඒ දරණ ලිපි­නයේ පදිංචි මොහො­මඩ් රකීබ් නමැති අවු­රුදු තුනක් වය­සැති දරු­වාගේ එක් පාද­යක අස්ථි­යක් නොමැති වීමෙන් ඇවි­දී­මට නොහැ­කිව සිටී.

දරු­වාගේ පාදය යථා තත්ත්ව­යට පත් කර ගැනී­මට අවශ්‍ය ශල්‍ය­ක­ර්මය මෙර­ටදී සිදු කිරී­මට නොහැකි බව වෛද්‍ය­වරු පව­සති. සැත්කම සිදු කිරීම සඳහා දරුවා ඉන්දි­යා‍වට රැගෙන යා යුතු අතර ඒ සඳහා රුපි­යල් ලක්ෂ දහ­යක මුද­ලක් වැය වන බවට වෛද්‍ය­වරු ඇස්ත­මේන්තු කර ඇත.

එත­රම් විශාල මුද­ලක් සොයා ගැනී­මට අප­හ­සු­කම නිසා පරි­ත්‍යා­ග­ශී­ලින්ගේ මුදල් පරි­ත්‍යාග දරු­වාගේ මාපියෝ අපේක්ෂා කරති. 

මේ දරු­වාට මුදල් උප­කාර කිරී­මට කැමැ­ත්තක් දක්වන අයකු වේ නම් කොම­ර්ෂල් බැංකුව, බේස්ල­යින් ශාඛාවේ ගිණුම් අංකය 8113020251 නමින් ඇති ඊ.ඩී. නිලූකා සුද­ර්ශනී හෝ සම්පත් බැංකුව, වැල්ල­ම්පි­ටිය ශාඛාවේ ගිණුම් අංකය 104554300313 නමින් ඇති ඊ.ඩී.එන්. සුද­ර්ශනී හෝ මහ­ජන බැංකුව, කොළො­න්නාව ශාඛාවේ ගිණුම් අංකය194200283824217 නිලූකා සුද­ර්ශනී ඇඹු­ල්දෙ­නිය නමින් විවෘත කර ඇති ගිණු­මට යොමු කරන ලෙස රකීබ් දරු­වාගේ දෙමා­පි­යන් ඔබ­ගෙන් කාරු­ණි­කව ඉල්ලා සිටිති. 


මේ පිළි­බඳ වැඩි විස්තර 0723643447, 0722139490, 0778604581 දුර­ක­ථන අංක­ව­ලට කතා කිරී­මෙන් දැන ගත හැකිය.

Wednesday, September 11, 2013

වකු­ගඩු සැත්කමට පිහිට වෙන්න

ගණේ­මුල්ල බුළු­ග­හ­ගොඩ අංක 104 බී හි පදිංචි ඩී.ඒ. රණ­සිංහ මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළේ. 

ඔහුට වහාම වකු­ග­ඩු­වක් බද්ධ කළ­යුතු බව වෛද්‍ය­ව­රුන්ගේ නිග­ම­න­යයි. 

ඒ පොසි­ටිව් හෝ ඕ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් (අවු 25 – 50 අතර) පරි­ත්‍යාග කිරී­මට කැමති පරි­ත්‍යා­ග­ශී­ලි­ය­කුගේ සහාය පතයි. වැඩි විස්තර 0718337815, 0112241066 අංක­ය­න්ගෙන් දැන­ගත හැකිය.

සැත්ක­මට ආධාර පතයි

මහ­නු­වර දීගල අංක 09 අකු­රණ ලිපි­නයේ පදිංචි ඒ. ඇම්. ඩී. සීල­වතී මහ­ත්මිය උකුල් ඇට දිරා­ප­ත්වීමේ රෝග­යෙන් පෙළෙන අතර, ඇයගේ එක් උකුල් ඇට­යක් දැනට සැත්ක­ම­කින් බද්ධ කර ඇත.

ඇය මෙම රෝගය හේතු­වෙන් දැනට ඇවි­දී­මට අප­හසු තත්ත්ව­යෙන් පසු­වෙයි.
සීල­වතී මහ­ත්මි­යගේ වම් උකුල් ඇටය බද්ධ කිරීමේ සැත්ක­මක් කිරී­මට දැනට අව­ශ්‍යව ඇති අතර, ඇය ත්‍යාග­ශීලී පින්ව­තු­න්ගෙන් ආධාර බලා­පො­රොත්තු වේ.

මහ­ජන බැංකුවේ අකු­රණ ශාඛාවේ ඇති අංක 153 - 2001 – 1 – 0065067 දරන ගිණු­මට ආධාර ලබා දෙන මෙන් සීල­වතී මහ­ත්මිය ඉල්ලා සිටී.

වකු­ග­ඩු­වක් දන්දී තරු­ණි­යගේ ජීවි­තය බේරාගනිමු

අංක 333 / 1 වේර­හැර බොර­ලැස්ස ලිපි­නයේ පදිංචි ටෙක්ලා ගයනි තිසේරා අවු­රුදු (26) දරුණු වකු­ගඩු රෝග­ය­කින් පීඩා­වට පත්ව මේ වන විට මාලි­ගා­වත්ත වකු­ගඩු රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටී.

ඇයට ප්‍රති­කාර කරන අනුර හේවා­ගී­ගන මහතා විසින් ඇයට ඉතා ඉක්ම­නින් ඕ හෝ බී (O, B) වර්ගයේ නෙග­ටිව් හෝ පොසි­ටිව් වර්ග­වල වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව නිර්දේශ කර ඇත. 

ඊට උප­කාර කළ හැකි අයකු වේ නම් 071 - 9391194 දුර­ක­ථන අංක­යට අම­තන ලෙස ඉල්ලී­මක් කෙරේ.

Tuesday, September 10, 2013

ශල්‍යකර්මයට ඔබේ පිහිට ඕනෑ

කඩුගන්නාව කුරුකුත්තල අංක 224/බී නිවසේ පදිංචි ඩබ්ලිව්. එන්. කේ. කරුණානායක මහත්මිය හදිසි රිය අනතුරකට මුහුණපෑමෙන්, තදබල ස්නායු තදවීමේ රෝග තත්ත්වයකට මුහුණ පා ඇති බවත්, කඩිනමින් විශේෂ ශල්‍යකර්මයට ලක් කළ යුතු බවත් ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කැර ඇත.

අදාළ ශල්‍යකර්මය සඳහා රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් වැය වන බවත්, මෙම ශල්‍යකර්මය ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසා තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාගේ බිරිය වන කරුණානායක මහත්මිය සුවපත් කරගැනීම සදහා කැමති පින්වත් අයෙකු වෙතොත්, පිළිමතලාව ලංකා බැංකුවේ ගිණුම් අංක 72376936 ට ආධාර මුදල් බැර කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.

Sunday, September 8, 2013

වකු­ගඩු සැත්ක­මට පිහිට වෙන්න

225/8 නිව­සෙහි පදිංචි ෆාතිමා නසීනා මහ­ත්මිය දරු­වන් සිවු­දෙ­නෙ­කුගේ මෑණි­යන්ය. 

ඇය මේ වන විට වකු­ගඩු රෝග­යෙන් පෙළෙන අතර ඇයගේ වකු­ගඩු දෙකම නරක් වී ඇති බව වෛද්‍ය­වරු පව­සති. මේ සඳහා ඇයට වහාම “ඕ පොසි­ටිව්” වර්ගයේ වකු­ග­ඩු­වක් සති­යක් තුළ අවශ්‍ය බවත්, වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමති අයෙ­කුට පහත සඳ­හන් දුර­ක­ථන අංක­ව­ලට අම­තන ලෙස කාරු­ණි­කව ඉල්ලා සිටී. දුර­ක­ථන අංක 0775399643, 0774975455

Wednesday, September 4, 2013

කොඳු ඇට රෝගියා පිහිට පතයි

නො:02 නිව්සිටි, බට­කැ­ත්තර, මඩ­පාත. පදිංචි පී. එල්. අනෝමා නන්දනී යන අයට කොඳු ඇට 03ක් ඉවත් කොට ඇණ 06ක් බද්ධ කිරීම සඳහා ශල්‍ය කර්ම­යක් කිරී­මට ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර රෝහලේ වික­ලාංග රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය ආනන්ද පෙරේරා මහතා නිර්දේශ කර ඇත.

 ඒ සඳහා රු. ලක්ෂ 8ක් පමණ වැයවේ. එය දැරී­මට නොහැ­කිව ඇය මහත් අසී­රු­තා­ව­යට පත්ව සිටී. උප­කාර කිරී­මට කැමැති ඔබ සැම­ගෙන් ආධාර පතයි.

කොම­ර්ෂල් බැංකුවේ 8212000555 දරන ගිණු­මට බැර කරන මෙන් කරු­ණා­වෙන් ඉල්ලා සිටිමි. දු.ක. 0775833327,

Tuesday, September 3, 2013

වකුගඩුවක්‌ දන් දී ජීවිතයක්‌ බේරා ගනිමු

ඇඹිලිපිටිය, පදලංගල, කුට්‌ටිගලහි පදිංචි ඩබ්ලිව්. කේ. මහින්දරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ.

එA මහතාගේ ජීවිතය බේරා ගැනීමට නම් වයස අවුරුදු විසිඑකත් අවුරුදු හැටත් අතර වයසේ පසුවන අයකුගේ වකුගඩුවක්‌ බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. 

වකුගඩුවක්‌ පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීන් ඉහත ලිපිනයට හෝ දුරකථන අංක 077-4333875 ට හෝ 071-5382743 ට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.

මේ දරුවා වෙනුවෙන් අපිත් ආධාර කරමු

උපතින්ම අංගවිකලව සිටින මේ දරුවාගේ පියා නැත. දරුවාගේ වයස අවුරුදු පහක්‌ පමණ වේ. දරුවා රැකබලා ගැනීමේ ගැටලුව මත තරුණ මවට කුලී වැඩකට යැමට වත් නුපුළුවන.
දරුවාගේ මව ඇයගේ මව ළඟ ජීවත්වෙයි. මේ දරුවා නඩත්තු කර ගැනීමට, බේත් ගැනීමට ඇයට අසීරු වී ඇත.
පින් කැමැති අයට ඇය ආරාධනා කරන්නේ මේ අංගවිකල දරුවා නඩත්තු කරගැනීමට ආධාර කරන ලෙසය. 

එප්පාවල මහජන බැංකුවේ අංක "170-2-001-8-1561316" ගිණුම මේ දරුවාගේ මව වන වසන්ති චතුරානි දිසානායක නමින් ඇත. එප්පාවල - රත්න බී. එකනායක

Monday, September 2, 2013

වකු­ගඩු සැත්ක­මට පිහිට පතයි

යුද හමුදා කමාන්ඩෝ   රෙජි­මේ­න්තුවේ සේවයේ නියු­තුව සිටි ගණේ­මුල්ල කලු­වල පාරේ 20/ 12 ලිපි­නයේ පදිංචි 42 හැවි­රිදි එස්. පී. ගමගේ නම් දෙදරු පියා වකු­ගඩු  රෝග­ය­කින් පෙළෙයි.

ඔහුගේ ජීවි­තය බේරා ගැනී­මට “ඕ  පොසි­ටිව්” (O+) වකු­ග­ඩු­වක් ඉතා ඉක්ම­නින් අවශ්‍ය බැවින් පරි­ත්‍යා­ග­ශීලී පින්ව­තෙක් වෙතොත් 0773913244 දුර­ක­ථන අංකය අම­තන ලෙස ඉල්ලා සිටී.

Friday, August 30, 2013

චන්දන රවිලාල් වෛද්‍ය සිසුවාගේ සැත්කමට ඔබේ ආධාරය පතයි

ඇඹිලිපිටිය, පනාමුර, බණ්ඩොක්කයාය ලිපිනයේ පදිංචි රුහුණු විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන චන්දන රවිලාල් වික්‍රම වෛද්‍ය සිසුවා ශ්‍රවණාබාධිත තත්ත්වයෙන් පසුවෙයි.

මෙම සිසුවා සුවපත් කිරීම සඳහා කඩිනමින් සැත්කමක් කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත.

එම සැත්කම සඳහා රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් වැයවන බව වෛද්‍යවරුන් දැනුම් දී ඇත. මේ තරම් විශාල මුදලක් එකවර සොයා ගැනීම රැකියාවක් කිරීමටවත් ශක්තියක් නොමැති රෝගීවී සිටින පියාටත්, කම්කරු රැකියාවක නිරතව ජීවිතය ගැටගසා ගැනීමට උත්සාහ ගන්නා මෙම සිසුවාගේ මවටත් ඉතා අසීරු කටයුත්තක් බැවින් පරිත්‍යාගශීලීන්ගේ සහාය ප්‍රාර්ථනා කරයි.

ඔබගේ කාරුණික පරිත්‍යාග සම්පත් බැංකුවේ කරාපිටිය ශාඛාවේ ගිණුම් අංක 114154296028 යටතේ චන්දන රවිලාල් වික්‍රම නමින් ආරම්භ කර ඇති ගිණුමට යොමු කරන ලෙස ඉල්ලා සිටී.

නිවෙස අහිමි වූ සරසවි වරම් ලැබූ හංසමාලිට පිහිට වෙන්න

පසුගියදා ඇතිවූ සුලි සුළෙඟන් නිවෙස අහිමි වූ සරසවි වරම් ලැබ සිටින හොරණ ඕවිටියාගල මයෝමි හංසමාලි සිසුවියගේ නිවස සාදාදීම සඳහා හැකි දානපතින් සිටීනම් ඔවුන්වෙත පිහිටවෙන ලෙස හොරණ ප්‍රාදේශීය ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය ඉල්ලා සිටී.

පසුගිය 29 දා දහවල් හමාගිය සුලිසුළඟ හේතුවෙන් හොරණ ප්‍රදේශයේ නිවාස 20කට පමණ හානි සිදුවිය. මයෝමි හංසමාලිගේ නිවසටද ගස් කඩාවැටීමෙන් නිවාසය සම්පූර්ණයෙන් විනාශ විය.

Thursday, August 29, 2013

සංවේදී ඔබට හැකිනම් පුංචි කවීෂාට ජීවිතය දෙන්න

පුංචි කවීෂාගේ දැන් වයස අවුරුදු හතයි. රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යා ලයේ පළමු වැනි ශ්‍රේණියේ ඉතා දක්‍ෂ ලෙස ඇය අධ්‍යා පන කටයුතු කරගෙන ගියා. 

ඒත් ඇයට දෙවැනි ශ්‍රේණිය ට එන්න බැරි වුණා. ඒ බියකරු, අවාසනාවන්ත සිද්ධියක්‌ නිසා.

පුංචි කවීෂාගේ තාත්තා රැකියාව කළේ ගරාජයක. ඒක එයාගෙම ගෙදර මිදුලේ තමයි තියෙන්නේ. තමන්ගෙම පුංචි ව්‍යාපාරයක්‌ හැටියට තාත්තා ගරාජය කරගෙන ගියා. දවසට වාහන දෙක තුනක්‌ නෙවෙයි. ඊට වැඩිය හදපු දවසුත් තිබුණා. 


ඒ ලැබෙන මුදලින් තමයි ගෙදර හැමෝම ජීවත් වුණේ. කවීෂා පුංචි වුණාට අවුරුදු 22 ක අක්‌කෙකුයි අවුරුදු 21 ක අයියෙකුයි කවීෂාට ඉන්නවා. තාත්තාගෙයි අම්මාගෙයි මහන්සියෙන් අක්‌කා විශ්වවිද්‍යාලයට ගියා. අයියත් ඉගෙන ගන්නවා.

මේ හැමෝගෙම ආදරය පුංචි කවීෂාට අඩුවක්‌ නැතුව ලැබුණා. පුංචි කවීෂාගේ වැඩේම අම්මාගේ සාරි ඇඳගෙන, පොත් මිටියකුයි, කුඩේකුයි අරගෙන එයාගේ ඉස්‌කෝලේ ගුරුතුමිය වගේ හැම තිස්‌සෙම රඟපාන එකයි. 


එදත් (2011 නොවැම්බර් 20 දා) පුංචි කවීෂා තරුදි අම්මාගේ සිල්ක්‌ සාරියක්‌ ඇඳගෙන ගේ පුරාම ඇවිද ඇවිද සෙල්ලම් කරමින් සිටියා. හදිසියේම දුරකථනය නාද වුණා. 

ඒ වෙලාවට කතා කරන්නේ විශ්වවිද්‍යාලෙ ඉන්න අක්‌කා තමයි කියලා පුංචි කවීෂා දුවගෙන ගිහින් රිසීවරය අරගෙන ''හලෝ '' කිව්වා. ඇත්තමයි, ඒ අක්‌කා තමයි. 

අම්මාත් කවීෂා ළඟට දුවගෙන ආවා. අක්‌කා කතා කරන බව තාත්තට කියන්න කවීෂාට තිබුණේ පුදුම හදිස්‌සියක්‌. රිසීවරය අම්මාට දීලා, සාරියත් දෙපැත්තෙන් උඩට උස්‌සගෙන කවීෂා එයාගේ තාත්තගේ ගරාජය පැත්තට එක පිම්මේ දිව්වා.

දවස්‌ ගාණක්‌ හදන්න බැහැ කියලා හරවලා යවපු හමුදාවේ වාහනයක්‌ භාර අරගෙන තාත්තගේ යාළුවෙක්‌ ඒ වෙලාවේ තාත්තාගේ ගරාජයේ ඉඳගෙන හදමින් සිටියා. හදිසියේම ගරාජයේ තිබුණු පෙට්‍රල් භාජනයකට ගිනි ඇවිලුණේ ඔය වෙලාවේදීයි. කොහේදෝ සිට ආ හුළං පොදක්‌ පෙට්‍රල් ගිනිදැල්ල වේගයෙන් අරගෙන ඇවිත් පුංචි කවීෂාගේ සාරියේ වෙළුණා.


කවීෂාත් ගරාජය පැත්තට දුවමින් සිටි නිසා ගින්න එසැනින් කවීෂාගේ මුළු ඇඟම මහා ගිනි කඳක්‌ සේ වෙලා ගනිමින් ඇවිළුණේ පුංචි කවීෂාගේ ජීවිතයට වගේම ගෙදර හැමෝගෙම අවාසනාවටත් එක්‌කයි. ගින්නේ දැවෙද්දීත් පුංචි කවීෂා එයාගේ ඇස්‌ දෙක ඇහි පිල්ලම්වලින් තදට වසා ගෙන ඇස්‌දෙක විතරක්‌ බේරගන්න කියලා ලොකු සටනක නිරත වුණා.

පුංචි කවීෂාව ගින්නෙන් බේරගන්න හදපු එයාගේ අම්මාවත් ඒ ගින්නෙන් හොඳටම පිච්චුණා. ගින්න නිවුණා. කවීෂාගේ මුළුඇඟම විකෘති වුණා. කෙස්‌ ගස්‌ ටික පිච්චිලා, උණුවෙලා ගිහින් තිබුණා. රත්නපුර රෝහලෙන් ඒ මොහොතේම පුංචි කවීෂාව ගිලන් රථයක දමා කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට එව්වා. 

පිළිස්‌සුණු හම උණුවෙමින් ඕජස්‌ ගලමින් තිබෙන අයුරු දුටුව රෝහල් කාර්ය මණ්‌ඩලය තිගැස්‌සුණා. තදකරගෙන හිටපු ඇස්‌ දෙක ඇරලා පුංචි කවීෂා ළමා රෝහලේ හෙදියන් දෙස බැලුවා. රෝහලට භාර ගන්න බැරි තරම් භයානක තත්ත්වයක සිටි පුංචි කවීෂාව කඩි මුඩියේ වාට්‌ටුවට අරගෙන ගියා. 

ඉක්‌මණින්ම දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා. හරියටම මාස දෙකහමාරක්‌ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. ඇස්‌දෙක ඉතිරි වෙන්න මුළු ඇඟම වෙළුම් පටිවලින් ඔතලා කවීෂාව ගෙදර එව්වා. කවීෂා මේ තත්ත්වයටවත් ඒවි කියලා වෛද්‍යවරුන්ටත් විශ්වාස කරන්න අමාරු වුණා.

ඒත් පුංචි කවීෂාට හොඳටම හොඳ වුණේ නැහැ. ඇඟේ තැනින් තැන ඕජස්‌ ගලන්න පටන් ගත්තා. උණු වුණු හම යථා තත්ත්වයට ගන්න පුළුවන් කමක්‌ තිබුණේ නැහැ. දවස ගානේ රත්නපුරේ සිට කොළඹ ළමා රෝහලට කවීෂාව රැගෙන යන්න සිද්ධ වුණා. අතේ තිබුණු හැම සතයක්‌ම ඉවර වුණා.

මේ අතරේ හිතවතුන්ගේ උදව් උපකාරයෙන් පුංචි කවීෂාව ඉන්දියාවේ ඇපලෝ රෝහලට රැගෙන යන්න කවීෂාගේ අම්මාටත් (නිලුෂා මල්කාන්ති) තාත්තාටත් (කවීන්ටස්‌ ජයරත්න) හැකි වුණා.පළමු සැත්කමට රුපියල් ලක්‍ෂ 35 ක්‌ පමණ වැය වන බව ඇපලෝ රෝහල දැන්වූවා. 


කණකර අබරණ දේපළ ඉඩකඩම් උකස්‌ කළත් එච්චර මුදලක්‌ හොයා ගන්න බැරි වුණා. මේ ගැන පළ වුණු ලිපිය දැකලා බොහෝ දෙනෙකුගේ උදව් උපකාර පුංචි කවීෂා වෙනුවෙන් ලැබෙන්න පටන් ගත්තා. 

පුංචි කවීෂා පිළිස්‌සුණු දෑත් එකතු කරලා ළමා රෝහලේ ඇඳ උඩ ඉඳගෙන ජනාධිපතිතුමාට ලියපු ලියුම දැකලා ජනාධිපති අරමුදලිනුත් රුපියල් ලක්‍ෂ 5 ක මුදලක්‌ කවීෂාට ලැබුණා. පළමු සැත්කම සඳහා කවීෂා ඇපලෝ රෝහලට ඇතුළත් කෙරුණා. පැය හතර බැගින් ශල්‍යකර්ම 3 ක්‌ සිදු කළා. පුංචි කවීෂාට අට වතාවක්‌ සිහිනැති කළා. ඒත් මූණ විතරයි හැදුවේ. 

ඒකට රුපියල් ලක්‍ෂ 21 ක්‌ වැය වෙලා තිබුණා. මූQණ ටික ටික හැදෙන්න කියලා ක්‍රීම් වර්ගයක්‌ නිර්දේශ කරලා තියෙනවා. ඒ ක්‍රීම් ටියුබ් 6 ක්‌ මාසෙකට ඕනෑ වෙනවා. ටියුබ් එකක මිල රුපියල් 67950 යි. ඒ වගේ හයක්‌ එක මාසෙකට ඕනේ. ඒ බෙහෙතෙන් තමයි හම දියවීම නැවතිලා තියෙන්නේ.

පුංචි කවීෂාගේ පපුවත් හොඳටම පිච්චිලා, උණුවෙලා, හම ඇකිළිලා ගිහින් තියෙනවා. තැනින් තැනින් තවමත් ඕජස්‌ ගලනවා. පිච්චුණු හම කපා ඉවත් කරලා තවත් ලොකු සැත්කමක්‌ කරන්න තියෙනවා. ඉන්දියාවේ ඇපලෝ රෝහල ඒ සඳහා තවත් ඉන්දියානු රුපියල් ලක්‍ෂ 12 ක මුදලක්‌ වැයවෙතැයි කවීෂාගේ දෙමාපියන්ට පවසා තිබෙනවා. 


දැනටමත් බොහෝ දෙනකුගේ උදව් උපකාරවලින් හා තමන් සතුව තිබූ සියලු සේසත මුදල් කිරීමෙන් සොයා ගත් රුපියල් ලක්‍ෂ 50 කට වැඩි මුදලක්‌ පුංචි කවීෂාගේ ජීවිතය බේරා ගැනීම උදෙසා වැය වෙලා ඉවරයි. 

තවත් රුපියල් ලක්‍ෂ තිහක්‌ තිස්‌පහක්‌ සොයා ගන්න හිතන තරම් ලේසි නැහැ. ඒත් අම්මා තාත්තා හැටියට මේ අහිංසක මල් කැකුළ බේරගන්න දහදුක්‌ විඳිනවා හැරෙන්නට වෙන මොනවා කරන්නද.

මේ කතාව කියවූ සංවේදී ඔබට හැකිනම් පුංචි කවීෂාගේ සැත්කමට උදව් කරන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රත්නපුර ශාඛාවේ ඒ. කේ. කේ. තරුදි නමින් ඇති අංක 100-10-50-7759-1 ගිණුමට මුදල් පරිත්‍යාග ලබාදෙන්න. 


ක්‌වීන්ටස්‌ ජයරත්න, අංක 55 කොලින් ක්‍රෙස්‌කෙට්‌, මුවගම, රත්නපුර ලිපිනයෙන් සහ 0452230463, 0710707380 දුරකථන අංක ඔස්‌සේ පුංචි කවීෂාට හෝ ඇගේ දෙමාපියන්ට කතා කරලා උදව් කරන්නත් ඔබට හැකියි. මේ අහිංසක පුංචි දැරියට ඔබගේ පිහිට මිස දැන්නම් වෙනත් පිළිසරණක්‌ නැත.

Friday, August 23, 2013

වකුගඩු රෝගියාට පිහිට පතයි

මාර­විල, වීර­හේන, වීදි­පාරේ අංක 75 යන ලිපි­නයේ පදිංචි දෙදරු මවක් වන එල්. ඒ. බ්‍රිජට් (55) යන අය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළේ.

ඇයගේ ජීවි­තය බේරා­ගැ­නී­මට ‘ඕ’ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේ­ෂඥ වෙද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත.

“ඕ” පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමති පරි­ත්‍යා­ශී­ලි­යකු වෙතොත් 0770803523/0778958618 යන දුර­ක­ථන අංක­යන්ට දැනුම් දෙන මෙන් කාරු­ණි­කව ඉල්ලා සිටී.

වකු­ගඩු සැත්ක­මට පිහිට වෙන්න

නිට්ට­ඹුව කන්ද­හේන නාම­ල්වත්තේ අංක 564/2/4 ලිපි­නයේ පදිංචි එක්දරු මවක් වන, විසි­හත් හැවි­රිදි එච්. පී. එම්. ලක්මාලි රාජ­පක්ෂ දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළේ. ඇයට උප­තින්ම පිහිටා ඇත්තේ එක් වකු­ග­ඩු­වක් පම­ණක් බවත්, එම වකු­ග­ඩු­වද අක්‍රීය වී ඇති බවත් මාලි­ගා­වත්ත වෘත්තීය හා කාන්දු පෙරීමේ ආය­ත­නයේ වකු­ගඩු රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය අනුර හේවා ගීග­නගේ මහතා නිර්දේශ කර තිබේ.

ඇයට අවශ්‍ය ඕ  පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමති පරි­ත්‍යා­ග­ශි­ලි­යෙකු 033-2296494 අංක­යට දැනුම් දෙන්න.

වෛද්‍ය ප්‍රති­කාර සඳහා විශාල මුද­ලක් වැය­වන බැවින් මුදල් ආධාර ලබා දීමට කැමති පින්ව­තුන් වේය­න්ගොඩ මහ­ජන බැංකු ශාඛාවේ 079200144357198 මධු­රිකා ලක්මාලි රාජ­පක්ෂ නමට ඇති ගිණු­මට බැර කරන ලෙසද කාරු­ණි­කව දැනුම් දෙමු.

ශ්‍රව­ණා­බා­ධිත දැරිය ඔබේ පිහිට පතයි

මතු­ගම, වැලි­පැන්න, ඌරා­ගොඩ පදිංචි ඩබ්. කේ. හිරුණි කාව්‍ය, දැරිය (අවු.4) ශ්‍රව­ණා­බා­ධිත තත්ත්ව­යෙන් පසුවේ. ඇයගේ කන් දෙකම නොඇ­සෙන අතර කතා කිරී­ම­ටද නොහැ­කිය.

 ඒ සඳහා කර්ණ කොටස් බද්ධ කිරීමේ සැත්ක­මක් කළ යුතු බව බොරැල්ල ළමා රෝහලේ වෛද්‍ය ඒ. ඩී. කේ. එස්. එන්. යස­ව­ර්ධන මහතා පව­සයි.

එම සැත්කම සඳහා රුපි­යල් දහ­නම ලක්ෂ පන­ස්ද­හ­සක මුද­ලක් වැය වන නිසා­වෙන් අස­රණ මවු­පි­යන්ට මේ මුදල සොයා ගැනී­මට නොහැ­කිය.

මේ සඳහා ආධාර කිරී­මට කැමති පින්ව­තුන් වෙතොත් ලංකා බැංකුවේ මතු­ගම ශාඛාවේ ඉ/ඒ72942974  දරන ඩබ්. කේ. තිලක් පුෂ්ප­කු­මාර මහතා නමින් ඇති ගිණු­මට ලබා­දෙන ලෙස ඉල්ලා සිටී.

Thursday, August 22, 2013

සිසු­වි­යගේ කශේරුකා සැත්ක­මට පිහිට පතයි

මාතර බතුතා පාර අංක 41 6/ඕ 1/1 ලිපි­නයේ පදිංචි මාර/තෙලි­ජ්ජ­විල මධ්‍ය මහ විද්‍යා­ලයේ 12 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන කොඩි­තු­වක්කු ආර­ච්චිගේ ජයත්‍රි රසි­නිකා සිසු­විය වසර 1ක පමණ කාල­යක සිට කශේරු­කාව ඇද­වීමේ දරුණු රොීගා­බා­ධ­යට පත්වී ඇත.

ඇය සුව­පත් කිරී­මට නම් ශල්‍ය­ක­ර්ම­යක් කළ යුතු බවත් ඒ සඳහා රුපි­යල් ලක්ෂ 20ක මුද­ලක වැය­වෙන බවට වෛද්‍ය­වරු පවසා ඇත.

මෙවන් මුද­ලක් ඇයගේ මවු­පි­යන්ට සොයා ගැනී­මට නොහැකි නිසා දනට පිනට කැමති පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් මේ සඳහා නොම­සුරු සහ­යක් ලබා­දෙන ලෙසත් ඒ සඳහා ලබා­දෙන යම්කිසි ආධාර මුද­ලක් ඇතොත් අකු­රැස්ස ලංකා බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුම් අංක 3386336ට බැර කරන ලෙසත් කාරු­ණි­කව ඉල්ලමි.

වකු­ගඩු සැත්ක­මට පිහිට පතයි

අංක 62 තුලාන, පුල්එ­ළිය, මැද­ව­ච්චිය යන ලිපි­නයේ පදිංචි ඩබ්ලිව්. ගුණ­පාල මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන බැවින් ඔහුට බද්ධ කිරී­මට ඒ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් අවශ්‍ය වී තිබෙන බව වෛද්‍ය­ව­රුන් දැනුම් දී ඇත.

එබැ­වින් ඒ පොසි­ටිව් වර්ග­යට අයත් වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමති අය­කුවේ නම් අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ වකු­ගඩු ප්‍රති­කාර සහ පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­නය, දු.අ. 0252221181 න්ද 0788700790 කරුණු විම­සිය හැක. අනු­රා­ධ­පුර රෝහලේ රෝගි­යාගේ ප්‍රති­කාර අංකය වනුයේ 101994843 වේ.

වකු­ග­ඩු­වක් ලබා දී ජීවි­ත­යක් බේරා ගනිමු

තිඹි­රි­වැව, මගු­ලා­ගම, පඬු­ව­ස්නු­වර ලිපි­නයේ පදිංචි එච්. ඒ ආරි­ය­සිංහ (60) මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර හැකි ඉක්ම­ණින් ඔහුට වකු­ගඩු බද්ධ කිරී­මක් කළ යුතු බව කුරු­ණෑ­ගල රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය එස්. මතු මහතා නිර්දේශ කර තිබේ.

 ඕ පොසි­ටිව් (O +) වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමති අයෙක් වෙතොත් 077 - 6111850 / 077 - 6079934 දුර­ක­ථන අංක­ව­ලින් විස්තර ලබා ගත හැකිය.

ණ්ඩාර තෙන්න­කෝන්, ජගත් විජේ­නා­යක, ගාමිණී විජ­ය­බ­ණ්ඩාර, අනු­රාධ ජය­රත්න, චන්දන කඩ­ව­ත­මු­දලි, ජගත් චන්ද්‍ර­රත්න යන මහ­ත්ව­රුද මහ­නු­වර නියෝජ්‍ය පුර­පති සේන දිසා­නා­යක යන මහ­ත්ව­රුද මෙහිදී කතා කළහ.

ලියු­කේ­මියා රෝගී දරු­වාට ආධාර පතයි

කඩු­වෙල වැලි­විට පදිංචි වයස අවු­රුදු 11ක් වූ කේ.පී. සහන් මහීෂ දින­කර මේ වන විට ලියු­කේ­මියා රෝගය නිසා දැඩි සේ පීඩා විඳියි.

ස්ථිර රැකි­යා­වක් හෝ නොමැති කුලී නිව­සක පදිංචි මේ රෝගී දරු­වාගේ මවු­පි­යන් ඉතා අස­රණ තත්ත්ව­යට පත්ව ඇති අතර දරු­වාගේ ඖෂධ සඳහා මස­කට රු. 25000ක පමණ මුද­ලක්ද අවශ්‍ය වේ.

දරු­වාගේ ප්‍රති­කාර සඳහා රෝහල් ගමන් විය­දම් හෝ සපයා ගැනී­මට නොහැකි තත්ත්ව­යක සිටින සහන් ගේ මවු­පි­යන් පින් කැමැති ඔබ­ගෙන් දරු­වාගේ ජීවි­තය බේරා ගැනීම සඳහා ආධාර පතයි.

ඔබගේ ආධාර පහත අංක වෙත යොමු කරන්න. එම්.එම්.සී. විජේ­රත්න, ඩී.එෆ්.සී.සී. බැංකුව, අංක 5111070271190, කොම­ර්ෂල් බැංකුව අංක 8570001965 වැඩි විස්තර දැන ගැනීම සඳහා 0757107538 දුර­ක­ථන අංක­යෙන් ලබා­ගත හැකිය.

හද­වත් රෝගියා පිහිට පතයි

දෙදරු පියකු වන එන්.ධර්ම­රාජ මහතා (48) හද­වත් රෝග­ය­කින් පෙළෙයි.

ඒ සඳහා ඔහුට හැකි ඉක්ම­නින් සැත්ක­මක් කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය වජිර සේනා­රත්න මහතා නිර්දේශ කර ඇත. ඊට රුපි­යල් තුන්ලක්ෂ පනස් දහ­සක් (350000) මුද­ලක් වැය වේ.

ආර්ථික දුෂ්ක­ර­තා­ව­ලින් යුතු හෙයින් මේ මුදල සොයා ගැනී­මට ‍ඔහු කාරු­ණික ඉල්ලී­මක් කර සිටී. ඔහුට ලබා දෙන ආධාර නො. 118 / 04 ආරා­මය පාර දෙම­ට­ගොඩ යන ලිපි­න­යට හෝ දු. අ. 072 - 8834866 075 - 2274923 යන අංක­ව­ලට කතා කර ලබා­දිය හැක.

එසේත් නැති­නම් ඔහුගේ නමින් ඇති දෙම­ට­ගොඩ කොම­ර්ෂල් බැංකු ශාඛාවේ 8113018176 යන ගිණුම් අංක­යට බැර කළ හැකිය.

Wednesday, August 21, 2013

වකු­ගඩු රෝගි­යා ආධාර පතයි


මිනු­ව­න්ගොඩ නිව්හම් පාර අංක 22 / සී හි පදිංචි ජමා­ලියා උම්මා මහ­ත්මිය (වයස 43) කලක සිට දරුණු වකු­ගඩු රෝග­යෙන් පෙළෙයි. ජමා­ලියා මහ­ත්මිය සුව කර ගැනීම සඳහා ඇයට ඉතා ඉක්ම­නින් ශල්‍ය­ක­ර්ම­යක් කළ යුතු බව නාරා­හේ­න්පිට 'ලංකා හොස්පි­ටල්ස්' පෞද්ග­ලික වෛද්‍ය ආය­ත­නයේ වකු­ගඩු ශල්‍ය­කර්ම විශේ­ෂඥ වෛද්‍ය අනුර හේවා­ගී­ගන මහතා පවසා අත.

ඒ සඳහා පළමු සැත්ක­මට රුපි­යල් ලක්ෂ 20ක මුද­ලක්ද වෙනත් විය­දම් හා සැත්කම් වලට රුපි­යල් ලක්ෂ­යක පමණ මුද­ලක්ද වැය වනු ඇතැයි ගණන් බලා ඇත. 

ළමුන් දෙදෙ­නෙ­කු­ගෙන් යුත් හා ජීවන උපාය සොයා ගැනීම වශ­යෙන් එදි­නෙදා තාව­කා­ලික රැකි­යා­වන්හි නිරත වන ඇයගේ සැමි­යාට තම බිරි­යගේ වෛද්‍ය ප්‍රති­කාර සඳහා අවශ්‍ය වන මුදල සොයා ගැනී­මට හැකි­යා­වක් නොමැති නිසා ඇය හා ඇයගේ පවුලේ සාමා­ජි­ක­යන් මෙම රාම­සාන් සමයේ මේ සඳහා පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් මුදල් ආධාර බලා­පො­රොත්තු වේ.


ලංකා බැංකුව - මිනු­ව­න්ගොඩ ශාඛාවේ 9519835 අංකය දරණ ගිණු­මට මහ­ජන ආධාර බැර කරන ලෙස පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් ජමා­ලියා මහ­ත්මි­යගේ පවුලේ සාමා­ජි­ක­යින් ඉල්ලා සිටින අතර මේ සම්බ­න්ධව 077 7034842 හෝ 077 8213515 යන දුර­ක­ථන අංක­ව­ලට කථා කර වැඩි විස්තර දැන ගැනී­මට හැකි බවත් පවුලේ සාමාජිකයෝ පවසා සිටිති.

වකු­ග­ඩු­වක් බද්ධ කිරී­මට ආධාර කරන්න

නාල්ල කිත­ල­ව­ලාන පදිංචි ඩී.එම්.දිසා­නා­යක මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙයි.

ඔහු උසස් පෙළ හදා­රන දිය­ණි­ය­කගේ පියකු වන අතර දයා­බර ගුරු මෑණි­ය­කගේ සැමියා ය. ඔහුට වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට බිරිය එකඟ වී ඇත.

ඔහුට ඉතා ඉක්ම­ණින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව මහ­නු­වර මහ රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය ඒ.ඩබ්ලිව්.එම්.වෂිල් මහතා නිර්දේශ කර ඇත. වකු­ග­ඩුව බද්ධ කිරීම සඳහා ද ඉන් පසු ප්‍රති­කාර සඳ­හාද විශාල විය­ද­මක් දැරී­මට සිදුව තිබේ. 


එය ඔහුට තනි­වම දැරිය නොහැ­කිය. ඒ නිසා ඔහු ඔබගේ ආධාර ගිරි­උල්ල මහ­ජන බැංකුවේ ඩී.එම්.දිසා­නා­යක මහ­තාගේ අංක 092 2 001 5973206 ගිණු­මට බැර කරන ලෙස කාරු­ණි­කව ඉල්ලා සිටියි. දුර­ක­ථ­නය 0776700610

ආනන්ද විදු­හලේ නවෝද්‍ය ඔබේ පිහිට පතයි

කොළඹ ආනන්ද විද්‍යා­ලයේ විද්‍යා අංශ­යෙන් උසස් පෙළ හදා­ර­මින් සිටින නවෝද්‍ය හපු­ආ­රච්චි සිසුවා පෙන­හලු පිළිකා රෝග­ය­කින් පෙළෙන බැවින් විදේශ රට­කට ගෙන­ගොස් ඔහුට කඩි­නම් ප්‍රති­කාර කළ යුතු බව මහ­ර­ගම පිළිකා ආය­ත­නයේ විශේ­ෂඥ වෛද්‍ය ඩිහාන් ගුණ­සේ­කර මහතා පව­සයි.

මේ සඳහා රුපි­යල් ලක්ෂ 50ක් (රු.50,00000) පමණ වැය වන බව වෛද්‍ය­වරු කියති.

කඩ­වත විද්‍යා­ලෝක විද්‍යා­ලයේ සේවය කරන සිදත් හපු­ආ­රච්චි සහ කඩ­වත මධ්‍ය මහා විද්‍යා­ලයේ සේවය කරන ශිවන්ති රත්නා­යක යන නවෝ­ද්‍යගේ මවු­පි­යන්ට මෙත­රම් විශාල මුද­ලක් වැය කළ නොහැකි බැවින් ඔවුන් තම දරුවා බේරා ගැනීම සඳහා පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ ආධාර පතයි.

කඩ­වත ලංකා බැංකුවේ නවෝද්‍ය හපු­ආ­රච්චි නමින් අරඹා ඇති 74932107 දරන ගිණු­මට පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ ආධාර බැර කළ හැකිය.

ආබා­ධිත තරු­ණ­ය­ාට මෝටර් බයි­සි­ක­ල­යක් ගන්න සහාය පතයි

බෙර­ල­ප­නා­තර, උඩු­හු­පි­ටිය, කොස්කඳ ලිපි­නයේ පදිංචි කේ. කේ. චන්ද්‍ර­රත්න නැමැත්තා උප­තින්ම දෙපා පණ නැති ආබා­ධිත තරු­ණ­යෙකි.
ඔහු එදි­නෙදා ජීවත් වන්නේ වෙළ­ඳාම් කිරී­මෙනි.

දෙපා පණ නැති මොහුට තම ජීව­නෝ­පාය කර­ගෙන යාම සඳහා ආබා­ධිත පුද්ග­ල­යින් පද­වන මෝටර් බයි­සි­ක­ල­යක් ලබා ගැනී­මට ආශාව ඇතත් ආර්ථික අප­හ­සුතා රැසක් මධ්‍යයේ ජීවත් වන ඔහුට එය මිලදී ගැනී­මට තරම් වත්ක­මක් නොමැති කම නිසා­වෙන් පරි­ත්‍යා­ග­ශීලී ඔබගේ කාරු­ණික අනු­ග්‍ර­හය ප්‍රාර්ථනා කරයි.

ඔහු වෙනු­වෙන් මුදල් පරි­ත්‍යාග කිරී­මට කැමති පරි­ත්‍යා­ග­ශී­ලි­යෙකු වෙතොත් මහ­ජන බැංකුවේ ඌරු­බොක්ක ශාඛාවේ 271-2-001-0-0029356 යටතේ ආරම්භ කර ඇති කේ. කේ. චන්ද්‍ර­රත්න මහ­තාගේ ගිණු­මට යොමු කරන ලෙස ඉල්ලා සිටී.

කශේ­රු­කාව ඇද­වීමේ රෝගී සිසු­වාට පිහිට වෙන්න

බොර­ලන්ද වැලි­මඩ පාරේ “සුරේෂ් නිවසේ” පදිං­චිව සිටින බොලන්ද ධර්ම­පාල විදු­හලේ උසස් පෙළ ඉගෙ­නුම ලබන එච්.ඒ. ඉරේෂ් උද­යංග යන සිසුවා කශේ­රුව වක්‍ර­වීමේ රෝග­යෙන් පීඩා විඳී.

මොහු සුව­පත් කිරී­මට හදිසි සැත්ක­මක් කළ­යුතු බව දකුණු ඉන්දි­යාවේ චෙන්නායි නග­රයේ “ඇපලෝ” රෝහලේ ශල්‍ය වෛද්‍ය සජන් කේ. හිජ් මහතා දන්වා සිටී.

මේ සඳහා ඉන්දි­යානු රුපි­යල් 900,000 හෝ ඉන්දි­යානු රුපි­යල් 1,000000 (ලංකා රුපි­යල් ලක්ෂ 25)ක් පමණ වැය­වෙ­තැයි ඇස්ත­මේන්තු කර ඇත.

මෙම සිසු­වාගේ පියා බොර­ලන්ද දැව සංස්ථා සේව­ක­යෙකි. ඔවු­නට වෙනත් ආදා­යම් මාර්ග­යක්ද නොමැති නිසා මෙවන් මුද­ලක් වැය කිරී­මට හැකි­යා­වක් නොමැත. නෑදෑ හිත­ව­තුන් යම් මුද­ලක් මීට ලබා­දී­මට සූදා­නම් නමුත් එයද මීට ප්‍රමා­ණ­වත් නොවේ.

එනිසා ඉතා අප­හ­සු­වෙන් අධ්‍යා­පන කට­යුතුª සිදු­ක­රන මෙම සිසුවා ශල්‍ය කර්ම­ය­කට භාජ­නය කර සුව­පත් කර ගැනී­මට යම් මුද­ලක් පරි­ත්‍යාග කරන ලෙසට දාන­පති, පිංකැ­මැති ඔබට මාපි­යන් ආරා­ධනා කරති.
ගිණුම් අංක-බොර­ලන්ද මහ­ජන බැංකු ශාඛාව 209200140018948 වැලි­මඩ හැටන් නැෂ­නල් බැංකු ශාඛාව – 03302099971-දුර­ක­ථන අංක-057 – 2280490 / 0728831505

ලියු­කේ­මියා රෝගී දරු­වාට ඔබේ පිහිට ඕනෑ

වත්තල, ගොංගි­තොට අංක 656 /113 /11/ ඕ ලිපි­න­යෙහි පදිංචි සෙනේෂ් රන්දික (අවු­රුදු 08) දරුවා ලියු­කේ­මියා රෝග­යෙන් පීඩා විඳියි.

එය සුව­කර ගැනීම සඳහා කොළඹ ඇපලෝ රෝහලේ (ලංකා රෝහල) දී සැත්ක­මක් සිදු­කර ගැනී­මට නිය­මිත ය.

මේ සැත්කම සඳ­හාත් එහිදී දරු­වාට අවශ්‍ය ප්‍රති­කාර සඳ­හාත් රුපි­යල් ලක්ෂ 45 වැය­වන බව ඔහුට ප්‍රති­කාර කරන වෛද්‍ය­ව­රුන් පවසා ඇත. සෙනෙෂ්ගේ පියා ත්‍රිරෝද රථ රිය දුරකු වන අතර ඔවුන් ඉතා අඩු ආදා­ය­ම්ලා­භීන් බැවින් මෙම මුදල එක­වර සපයා ගැනී­මට දුෂ්ක­රය.

සෙනෙෂ්ගේ සැත්කම සඳහා මුද­ලින් ආධාර කළ හැකි පින්ව­තුන් වේනම් හැටන් නැෂ­නල් බැංකුවේ වත්තල ශාඛාවේ ගිණුම් අංක 035020437194 වෙත බැර­ක­රන මෙන් හෝ වැඩි­වි­ස්තර දුර­ක­තන අංක 072 2138451, 0722154471 වෙතින් ලබා­ගන්නා ලෙස දරු­වාගේ පියා­වන එම්.එන්. ආනන්ද ඉල්ලී­මක් කරයි.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts

Blog Archive