Friday, June 27, 2014

අම­ර­නාත්ට ඔබේ පිහිට ඕනෑ

අම­ර­නාත් එක්දරු පියෙකි. ඔහු දක්ෂ හා අවං­කව සිය රාජ­කාරි කට­යු­තු­වල නිර­තව කට­යුතු කළ පුද්ග­ල­යෙකි. 1980 වර්ෂයේ වෘත්තීය රියැ­දු­රෙකු වූ හෙතෙම තම දිය­ණිය හා බිරිය සම­ඟින් සතු­ටින් කල්ගත කිරී­මට උත්සාහ ගත් අයෙකි.

වර්ෂ 36 ක් පුරා සිය රියැ­දුරු වෘත්තිය හොඳින් කැර­ගෙන ගියත් නොසිතූ මොහො­තක රිය අන­තු­ර­කට පත්ව හදිසි ශල්‍ය­ක­ර්ම­ය­කට අම­ර­නාත්ව භාජ­නය කර­න්නට විය.

එම අන­තු­රෙන් ඔත්පල වූ හෙතෙම දැඩි ආර්ථික පසු­බෑ­ම­කට ලක්වීම නිසා ඔහුගේ මිතු­රෙ­කුගේ කම්හ­ලක සුළු රැකි­යා­වක නියැ­ළෙ­න්නට විය. එහිදී කම්හලේ අත් උදව් කාර්යයේ නියැළී සිටි­යදී නිකුත් වූ යකඩ කැබැ­ල්ලක් දකුණු ඇසේ වැදී දරුණු ලෙස තුවාල ලබා අන්ධ­භා­ව­යට ගොදුරු විය.

කිසිදු අය­කුගේ අත නොපෑ­මට අදි­ටන් කැර ගත් අම­ර­නාත් සිය ආත්ම විශ්වා­සය ඉදි­රි­යට තබ­මින් මේ වන විට කළ හැකි සුළු වැඩ කර­මින් එදා වේල හම්බ කැර ගැනී­මට උත්සාහ කර­මින් සිටියි.

සිය දිය­ණි­යගේ අධ්‍යා­පන කට­යුතු ඉදි­රි­යට කැර­ගෙන යාමට දැඩි ආර්ථික අප­හ­සු­තා­වය බෙහෙ­වින් බලපා ඇති බැවින් ඔහුට මේ මොහො­තේදී කරු­ණා­වන්ත සිත් ඇති ඔබේ අව­ධා­න­යට යොමු­වනු ඇතැයි අපේක්ෂා කරමි.

පී. සුනිල් ප්‍රියන්ත බාරේ, ඩබ්ලිව්. එන්. පී. වයි. ආර්. අම­ර­නාත්, අංක 213, පොල්වත්ත ගුණ­සේ­කර මාවත, හිඹු­ටාන, නව මුල්ලේ­රි­යාව ඔහුගේ ලිපි­නය වන අතර තල­ව­තු­ගොඩ කොම­ර්ෂල් බැංකු ශාඛාවේ අංක 8780009663 ගිණුම ඔහුගේ දුකට පිහි­ට­වී­මට ඔබට හැකි­යා­වක් ඇත.

වකු­ගඩු සැත්ක­මට කඩි­න­මින් පිහිට ‍ෙවන්න

එච්. ඩී. එස්. කේ. සිරි­මාන්න  දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන බව වකු­ගඩු රෝග පිළි­බඳ වෛද්‍ය­ව­රුන්  නිර්දේශ  කර තිබේ.

ඔහුට අවශ්‍ය O නෙග­ටිව්   වර්ගයේ   වකු­ග­ඩු­වක් ලබා­දිය හැකි පරි­ත්‍යා­ග­ශී­ලි­යකු මේ නම්   ඒ බව 0716472203, 0711229055  දුර­ක­ථ­න­යන්ට දැනුම් දෙන්නැයි   ඔහුගේ පවුලේ ඥාතීහු ඉල්ලා  සිටිති.

වකු­ග­ඩු­වක් දන් දී පිහි­ටක් වෙන්න

නාව­ල­පි­ටිය,  වැලි­ග­ම්පල පදිං­චිව සිටින එස්. ජී. ජය­රත්න මහතා දරුණු  වකු­ගඩු රෝග­ය­කින්  පෙලෙන බැවින්  ඔහුට B + හෝ O + වර්ගයේ වකු­ග­ඩු­වක්  ඉක්ම­නින්  බද්ධ කිරී­මට අවශ්‍ය බව කොළඹ  මහ රෝහලේ වකු­ගඩු බද්ධ කිරීමේ අංශයේ වෛද්‍ය­ව­රුන් ප්‍රකාශ කරති.

48 වන වියේ  පසු­වන  ඒ මහතා  තිදරු  පියෙකි.  රජයේ රැකි­යා­වක නියුතු ඒ මහ­තාට වකු­ග­ඩු­වක්  ලබා දෙන මෙන්  පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා කැමැති අයෙක්  වෙතොත්  0758526307 හෝ 0754695070  යන  දුර­ක­ථන  අංක­ව­ලින් විම­සිය හැක

Thursday, June 26, 2014

වකු­ග­ඩු­වක් ලබා දුන්නොත් ලොකු පිනක්

ඇඹි­ලි­පි­ටිය සිළු­මි­ණ­ගම අංක 133 ලිපි­නය පදිංචි ඩබ්. එස්. ප්‍රේම­සිංහ මහතා එක් දරු පියෙකි.

කුලී රිය­දු­රකු ලෙස තම පවුල නඩත්තු කළ ඔහු මේ වන විට දරුණු වකු­ගඩු  රෝග­ය­කට ගොදු­රුව ඇත. වෙනත් කිසිඳු ආදා­යම් මාර්ග­යක් නොමැති වීමත් තම රෝගය සඳහා සියලු සම්පත්  විය පැහැ­දම් කර ඇති බැවින් මහ­ජන ආධාර ලබා ගැනී­මට සිදුව ඇත.

පරි­ත්‍යා­ග­ශීලී අයකු විසින් වකු­ග­ඩු­වක් ලබා­දී­මට පිය­වර ගෙන ඇති අතර එය බද්ධ කිරීමේ ශල්‍ය කර්මය වකු­ගඩු බද්ධ කිරීමේ මධ්‍ය­ස්ථා­නයේ ශල්‍ය වෛද්‍ය එස්. එම්. සෙනෙ­වි­රත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩ­ලය නොමිලේ සිදු­කර දීමට ද පිය­වර ගෙන ඇත. මේ සඳහා අම­තර විය­පැ­හැ­දම්  දැරී­මට ද සිදුව ඇත.

එම මුදල් ලබා ගැනීම සඳහා ප්‍රේම­සිංහ මහතා නමින් ඇඹි­ලි­පි­ටිය සම්පත් බැංකුවේ  අංක104350066640 යටතේ ගිණු­මක් ආරම්භ කර ඇත. පරි­ත්‍යා­ග­ශීලී පින්ව­තුන්ගේ ආධාර උප­කාර එම අංක­යට ලබා­දෙන මෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා විම­සීම් කිරී­මට ද පහත දු.අංක සඳ­හන් කර ඇත.

0771014119
0715228056

අස­රණ මවගේ වකු­ගඩු සැත්ක­මට පිහිට වන්න

බුල­ත්සිං­හල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ  මහ­ගම අර­ඹ­කන්දේ   පදිංචි පී. චන්ද්‍රා  කුසු­ම්සිරි මහ­ත්මිය මාරා­න්තික වකු­ගඩු රෝග­ය­කින්  පෙළෙයි.

මහ­නු­වර රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය නිශාන්ත නානා­ය­ක්කාර  මහතා ඇගේ ජීවි­තය බේරා ගැනී­මට “ඒ” පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක්  අවශ්‍ය බව වෛද්‍ය වාර්තාවේ සඳ­හන් කරයි.

ඇයගේ ජීවි­තය බේරා ගැනී­මට  වකු­ග­ඩු­වක්  පරි­ත්‍යාග කරන ලෙස ඉල්ලී­මක් කරයි. බුල­ත්සිං­හල ලංකා බැංකුවේ  ගිණුම් අංක 75633317 ගිණු­මට ඔබේ පරි­ත්‍යා­ගය ලබා දෙන්න. 034-3340135, 071-3507433

දෙදරු මවට වකු­ග­ඩු­වක් ඕනෑ

මිනු­ව­න්ගොඩ පදිංචි 39 හැවි­රිදි දෙදරු මවක වන ඩී.එස්. හෙට්ටි­ආ­රච්චි මහ­ත්මි­යට 'O' පොසි­ටිව් වර්ග‍යේ වකු­ග­ඩු­වක් ඉතා ඉක්ම­නින් බද්ධ කිරී­මට අවශ්‍ය බැව් වෛද්‍ය­ව­රුන් නිග­ම­නය කොට තිබේ.

ඇයට වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­ම­ට­කැ­මැති පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වෙතොත් 077 - 40904444, 077 - 8234699 දුර­ක­ථන අංක­ව­ලට අම­තන ලෙස ඉල්ලා සිටී.  

වකු­ග­ඩු­වක් ලබා දෙන්න

නිට්ට­ඹුව, පොල්ගහ ආගා­රක වත්ත පාරේ රොස්වුඩ් ගාර්ඩ්න් හි පදිංචි එස්. ජී. ඒ.කුසු­මා­වතී(54) මහ­ත්මිය දරුණු වකු­ගඩු ආබා­ධ­ය­කින් පෙළෙන බැවින් ඉක්ම­නින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බවට ජාතික රෝහ‍ලේ  වකු­ගඩු රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත.

ඇයට අවශ්‍ය ‘O’ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක්  පරි­ත්‍යාග කළ හැකි පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වේ නම් ඉදි­රි­පත් වන්නැයි ඇයගේ පුතු ඉල්ලා සිටී.
දුර.අංක. 077 – 4073747
077-4181227
033 - 4943003

Monday, June 16, 2014

වකු­ගඩු සැත්ක­මට පිහිට පතයි

බෙලි­අත්ත පුව­ක්ද­ණ්ඩාවේ පදිංචි බෙලි­අත්ත ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ ආර්ථික සංව­ර්ධන නිල­ධා­රි­නි­යක් ලෙස සේවය කරන විසි අට හැවි­රිදි ජී. බී. ශෂිකා මධු­ෂානි යන අය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර ඇයට ඕ හෝ බී පොසි­ටිව් වකු­ග­ඩු­වක් ඉතා ඉක්ම­නින් බද්ධ කල යුතු බව මහ­නු­වර මහ රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. එම්. වසීල් මහතා නිර්දේශ කර ඇත. 

ඇයට වකු­ග­ඩු­වක් ලබා දීමට පරි­ත්‍යා­ග­ශී­ලි­යකු සිටී නම් අංක 0716347227 හෝ 0787419717 යන දුර­ක­ථන අංක­යන්ට දැනුම් දෙන්නැයි ඇගේ ස්වාමි­පු­රු­ෂයා වන සම්පත් අතු­කෝ­රළ යන අය ඉල්ලී­මක් කරයි. 


ලංකා බැංකුවේ මහ­නු­වර ශාඛාවේ 75621166 දරන ගිණුම් අංක­යට ආධාර ලබා දෙන මෙන් ඉල්ලා­සිටී.

අක්මා බද්ධ සැත්ක­මට ඔබේ පිහිට පතයි

අක්මා බද්ධ­යක් සඳහා නිර්දේශ කර ඇති රෝගි­ය­කුට O+ හෝ O- වර්ගයේ අක්මා කොට­සක් අව­ශ්‍යව ඇත. 

ඉහත රුධිර කාණ්ඩයේ - පරි­ත්‍යා­ග­ශි­ලි­යකු සිටී නම් 0766 – 773695 දුර­ක­ථන අංක­යට ඇම­තී­මෙන් මේ පූන්‍ය­ක­ර්ම­යට දායක විය හැකිය
.

වකු­ග­ඩු­වක් දන් දෙන්න

කොළඹ දිස්ත්‍රි­ක්කයේ විහා­රා­ධි­පති නායක ස්වාමින් වහන්සේ නම­කට ‘ඕ පොසිට්ව්’ වර්ගයේ වකු­ග­ඩු­වක් ඉතා ඉක්ම­නින් අව­ශ්‍යව ඇත. 

අවු. 26 ට වැඩි 60 ට අඩු නිරෝගි පරි­ත්‍යා­ග­ශි­ලි­යෙ­කුගේ සහය පතයි. වැඩි විස්තර 071 – 8106223 දුර­ක­ථ­න­යෙන් විම­සිය හැක.

Friday, June 13, 2014

පිළිකා රෝග­යෙන් පීඩා විඳින මේ සිඟි­ත්ති­යට පිහිට වන්න

මාරා­න්තික පිළිකා රෝග­යෙන්  පීඩා විඳින අන්ත අස­රණ අවු­රුදු  දෙක­හ­මා­රක් වය­සැති කිරි­ස­ප්ප­යකු දඹ­ගල්ල  කර­දේ­ගං­ගොඩ  දුෂ්කර ගම්මා­න­යෙන් හමු විය.

මව්පි­යන්ට තම දරු­වන් තරම්  අගනා වස්තු­වක්,  සම්ප­තක් ලෝකයේ  තවත් නැත.   මාරා­න්තික  පිළිකා රෝග­යක් දරු­වාට ඇතැයි  කී විට ඒ දෙම­ව්පි­යන්ගේ  හිතට  කෙත­රම් වේද­නා­වක්  දුකක් දැනෙ­න්නට ඇද්ද? එසේ වූ විට තම මුළු සේස­තම විකුණා හෝ  දරුවා  බේරා­ගැ­නී­මට උත්සාහ ගන්නවා ‍ෙනාඅ­නු­මා­නය. 

එහෙත්  ඔවුන්ට  එවැනි වත්ක­මක් නැත.

නමින් ඈ  ටී. එම්. කුෂානි මෙත්ස­රණි දිය­ණි­යයි. වයස අවු­රුදු දෙක­හ­මා­රකි. මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ   මඩුල්ල   කොට්ඨා­සයේ   මීග­හ­පි­ටිය කර­දේ­ගං­ගොඩ, තලාව ප්‍රදේ­ශයේ  ජීවත්ව  සිටින  යූ. අනෝමා   ප්‍රිය­ද­ර්ශනී, ටී. එම්.  සෙනෙ­වි­රත්න යන අඹු සැමි  යු වළගේ දෙවැනි දරු­වාය.
සෙනෙ­වි­රත්න මහතා  ශ්‍රී ලංකා යුද  හමු­දාවේ සිවිල් ඉංජි­නේරු  අංශයේ  කම්බි නැවු­ම්ක­රු­වකු  ලෙස (අනි­යම්) සේවය කරයි.  ඔහුට  ඇත්තේ    ස්ථිර   රැකි­යා­වක්   නොවේ.

තාව­කා­ලික  පද­නම මත සේවය කරයි.  බිරි­ඳ­ටත්  හරි­හ­මන්  රැකි­යා­වක් නොමැත. දරුවා   දැන­ට‍ ­ම­හ­ර­ගම පිළිකා රෝහලේ ප්‍රති­කාර  ලබ­මින් සිටී. රෝගයේ තත්ත්වය පිළි­බ­ඳව  අද­හස් දක්ව­මින් සෙනෙ­වි­රත්න මහතා මෙසේ කීය.

පිළි­කාව  මුලින් තිබිලා  තිබෙන්නේ   බඩේ. මුල් කාලයේ නිතර නිතර බඩ රිදෙ­නවා, උණ ගන්නවා.  පළ­මුව මොන­රා­ගල  මූලික රෝහ­ල­ටත්, බදුල්ල රෝහ­ල­ටත් රැගෙන ගියා.

දැන­ගන්න බැරි වුණා.  පසුව යුද හමුදා රෝහ­ලට  ගෙන ආවා.  එතැ­නින්  රිජ්වේ ළමා රෝහ­ලට  යැව්වා. එහිදී  තමයි පිළි­කා­වක් කියා  හඳුනා ගත්තේ. පසුව මහ­ර­ගම පිළිකා රෝහ­ලට ඇතු­ළත් කර දැනට එහි  ප්‍රති­කාර  ලබ­මින් සිටි­නවා. බෙහෙත්  සඳහා  විශාල විය­ද­මක්  දරන්න  සිදු­වෙ­නවා.

කොළඹ ආවම  ඉන්න - හිටින්න තැනක් නැහැ. කුඩා කාම­ර­යක්  ගන්නත් විශාල මුද­ලක් දරන්න වෙනවා. දරු­වාට දෙන්න කියා කිරි­පිටි වර්ග­යක් නම් කර තිබෙ­නවා. එය රුපි­යල් 2000ක් පමණ  වෙනවා. දරු­වාට  නිත­රම පැම්පස් අන්දන්න ඕනෑ. ඒ අනුව විශාල විය­ද­මක්  දරන්න සිදු­වෙ­නවා.

දරු­වාගේ අස­රණ තත්ත්වය   බලා යම් උප­කා­ර­යක් කරන්න කවුරු හරි   ඉදි­රි­පත්  වෙන­වා­නම් හොඳයි. ඒ සඳහා    මගේ 071-6154470 දුර­ක­තන අංක­යට කථා කරන්න පුලු­වන්. අපට කරන ලොකු  උප­කා­ර­යක් වගේම ලොකුම පිනක් කියලා මතක් කරන්න ඕනෑ.  මෙවැනි  දරුණු රෝග­යක් කිසිම   දරු­වෙ­කුට  හැදෙන්න එපා  කියා අපි ප්‍රාර්ථනා  කර­නවා යැයි  දරු­වාගේ  පියා කීය.

Wednesday, June 11, 2014

වකු­ගඩු රෝගියා පිහිට පතයි

නො. 84 / 2 බෝලාන කල්එ­ලිය පදිංචි W.A. ගීතා ප්‍රිය­ද­ර්ශනී වීර­සිංහ මෙන­වි­යගේ (වයස අවු­රුදු 35) වකු­ගඩු දෙකම අක්‍රී­යවී (නරක්වී) මාලි­ගා­වත්ත රෝහ­ලෙන් ප්‍රති­කාර ලබ­මින් සිටී.

ඇයගේ ජීවි­තය බේරා­ගැ­නී­මට O පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් ඉතා ඉක්ම­නින් බද්ධ කළ යුතු බව මාලි­ගා­වත්ත රෝහලේ වෛද්‍ය­වරු පවසා ඇත. එයට රුපි­යල් ලක්ෂ නව­යක් පමණ වැයවේ.

ඇයගේ දෙම­ව්පි­යෝද රැකි­යා­වක් කර ගැනී­මට නොහැකි වයෝ­වෘද්ධ අය වෙති. ඇය­ටද රැකි­යා­වක් කළ නොහැක.

එම නිසා පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් ආධාර පතයි. එම ආධාර මුදල් ඇයගේ බැංකු ගිණුම වන මීරි­ගම කොම­ර්ෂල් බැංකුවේ 8660029299 ගිණු­මට යොමු කරන මෙන් ඉතා කාරු­ණි­කව ඉල්ලා සිටී.

දුර­ක­ථන අංකය 072 - 1107552

ස්ටැන්ලි ද අල්විස්ට කඩි­න­මින් පිහිට වෙන්න

ප්‍රවීණ සිනමා  සංස්ක­රණ ශිල්පී ස්ටැන්ලි ද අල්විස් මහතා වකු­ගඩු අක්‍රීය වීමේ  රෝගී තත්ත්වය  යටතේ මේ වන­විට  ජය­ව­ර්ධ­න­පුර  රෝහලේ  ප්‍රති­කාර ලබ­මින් සිටී.

දැනට ඒ මහ­තාට  සති­ය­කට  දෙව­රක් රුධිර  පාර­වි­ල­නය  ලබා­දී­මට  සිදුවී ඇත. ඔහුට නිර්දේශ  කර ඇති වකු­ගඩු බද්ධය සඳහා “ඕ පොසි­ටිව්” වර්ගයේ වකු­ග­ඩු­වක් ද අවශ්‍ය  වී ඇත.

විශේ­ෂ­යෙන් ස්ටැන්ලි ද අල්විස්  මහ­තාට බද්ද කිරී­මට  සුදුසු “ඕ පොසි­ටිව්” වර්ගයේ  වකු­ග­ඩු­වක්  පරි­ත්‍යාග කිරී­මට  කැමැති පුද්ග­ල­යෙක් සිටී නම් ඒ සඳහා  ඉදි­රි­පත් වන ලෙස  සංස­දය කාරු­ණික  ඉල්ලී­මක් කර සිටී.  සියලු  පරි­ත්‍යාග ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ  ස්ටැන්ලි ද  අල්විස් මහ­තාගේ 100532016087 දරන ගිණු­මට බැර කරන ලෙස ද ශ්‍රී ලංකා  සිනමා අධ්‍ය­ක්ෂ­ක­ව­රුන්ගේ සංස­දට සිය­ලුම පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් ඉල්ලී­මක් කර සිටී. ස්ටැන්ලි ද අල්විස් මහ­තාගේ  දුර­ක­ථන අංක 0112 848974 හා  0714 947105 වේ.

සැත්ක­ම­කින් පසු ආබා­ධිත වූ කුමා­රිට පිහිට වන්න

මැද මහ­නු­වර, වෑගල, මීග­හ­ම­ඩිත්ත, අංක 96/1 ලිපි­නයේ පදිංචි නදීකා කුමාරි දස­නා­යක දිය­ණිය ආබා­ධිත තත්ත්ව­යට ලක්ව සිටි­න්නීය. වයස අවු­රුදු 27 ක් වන ඇයට උකුල් ඇටයේ සැත්ක­මක් සිදු කිරී­මෙන් පසුව ආබා­ධිත තත්ව­යට ලක් වන්නට සිදු විය.

මැද මහ­නු­වර ඉප­දුණු නදී­කාට ප්‍රති­කාර ලබා ගැනීම සඳහා ඇගේ මව ඇය හර­හට වඩා­ගෙන මීටර් 300 පමණ පහ­ළට බසි­න්නීය. එවිට මවගේ දෑස්වල කඳුළු නලි­යන බවත් ඒ කඳුළු දකින විට තමාගේ හද­ව­තට තද වේද­නා­වක් දැනෙන බවත් නදීකා පව­ස­න්නීය.


පාර මට්ට­මින් තිබෙන ඉඩ­මක නිව­සක් සාදා ගැනී­මට උදව් කරන ලෙස නදීකා පරි­ත්‍යා­ග­ශී­ලි­න්ගෙන් ඉල්ලී­මක් කරයි. 
තමාගේ මේ අහිං­සක කතාව දැක තමාට ප්‍රති­කාර ලබා­දී­මට හැකි මිහි­පිට වෛද්‍ය­ව­ර­යකු ඉදි­රි­පත් වේවායි ඇය අහිං­සක ප්‍රාර්ථ­නා­වක් කරයි.

ඇයට නිව­සක් තනා දීමට කැමැ­ත්තක් දක්වන පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වේ නම් නදීකා කුමාරි නමින් තෙල්දෙ­නිය ලංකා බැංකුව ශාඛාවේ ආරම්භ කර ඇති 73999111 හෝ 75549084 ගිණුම් අංක­යන්ට ඔබගේ මුදල යොමු කරන ලෙස නදීකා ඉතා කාරු­ණි­කව ඉල්ලා සිටියි.

මේ සම්බ­න්ධ­යෙන් 0729003729, 0779518927, 0713813227 දුර­ක­ථන අංක­ය­කට කතා කිරී­මෙන් වැඩි විස්තර දැන ගැනී­මට හැකි ය.

වකු­ගඩු සැත්ක­මට පිහිට පතයි

රත්න­පුර උඩ­නි­රි­ඇල්ල, මැණි­ක්දෙ­ණිය පදිංචි විශ්‍රා­මික ගුරු­භ­ව­තකු වන ඩබ්. ඇම්. ජගත් බණ්ඩාර මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන හෙයින්, ඔහුට “ඕ” පොසිට්ව් ( ‘O’+ ) වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ද කළ යුතු බවට  විශේ­ෂඥ වෛද්‍ය චින්තන ගල­හි­ටි­යාව මහතා නිර්දේශ කර ඇත.‍ 

අංක 108A නාග­ස්තැන්න, මහ­නු­වර ලිපි­න­යට දන්වන ලෙසත් 071 – 7513132/ 071- 6794068 දුර­ක­ථන අංක­ව­ලට අම­තන ලෙසත් කාරු­ණි­කව ඉල්ලා සිටී.

Wednesday, June 4, 2014

වකු­ගඩුවක් දන් දී ජීවිතයක් බේරාගන්න

බුල­ත්සිං­හල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මහ­ගම අර­ඹ­කන්දේ පදිංචි ජී. චන්ද්‍රා කුසු­ම්සිරි මහ­ත්මිය මාරා­න්තික වකු­ගඩු රෝග‍ය­කින් පෙළෙයි.

මහ­නු­වර රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය නිශාන්ත නානා­ය­ක්කාර මහතා ඇගේ ජීවි­තය බේරා ගැනී­මට ඒ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් අවශ්‍ය බව වෛද්‍ය වාර්තාවේ සඳ­හන් කරයි. 


ඇයගේ ජීවි­තය ‍බේරා ගැනී­මට වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කරන ලෙස ‍ඉල්ලීමක් කරයි. බුල­ත්සිං­හල ලංකා බැංකුවේ ගිණුම් අංක 75633317 ගිණු­මට ඔබේ පරි­ත්‍යාග ලබා­දෙන්න.


වකු­ගඩු රෝගියා පිහිට පතයි

කළු­තර කල­මුල්ල බඩ­ල්පොල අංක 450හි පදිංචි ජී.ඩී. ගාමිණී ලක්ෂ්මන් මහතා වකු­ගඩු ආබා­ධ­ය­කින් අසා­ධ්‍යව සිටී.

ඔහුගේ ජීවි­තය බේරා ගැනීම සඳහා O පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් අව­ශ්‍යව ඇති බැවින් ඒ සඳහා පරි­ත්‍යා­ග­ශී­ලි­යෙ­කුගේ සහාය පතයි.

O පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමැති අයෙකු වෙතොත් දුර­ක­ථන අංක 077 - 3267997 071 - 6174440 හා 0715444491 වෙතින් විම­සන ලෙස ඒ මහතා කාරු­ණික ඉල්ලී­මක් කරයි.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts

Blog Archive