Sunday, October 18, 2015

වකුගඩු රෝගී දෙදරු පියාට ඔ‍බේ පිහිට ඕනේ


වැලිගම, අලුත්වීදිය, අංක 256/10 අයි ලිපිනයේ පදිංචි අවුරුදු එම්. එස්. එම්. නාෆි මහතා දරුණු වකුගඩු රෝගයකින් පසුවේ.



 වයස අවුරුදු විස්සක සහ අවුරුදු දාහතක අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනකු සිටින ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ ජීවත් වන එම්. එස්.එම්. නාෆි මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාසිකව මුදලක් දැරීම ඉතා අසීරු කටයුත්තක් වී ඇත.

එබැවින් පරිත්‍යාගශීලීන්ගේ සහාය ප්‍රාර්ථනා කරයි.

ඔබේ පරිත්‍යාග සම්පත් බැංකුවේ වැලිගම ශාඛාවේ ගිණුම් අංක 120954714981 යටතේ එම්. එන්. එෆ්. සිෆ්රා නමින් ඇති ගිණුමට යොමු කරන ලෙස ඉල්ලා සිටී.

වැඩිදුර ‍තොරතුරු 077-4858985/071-7797360 යන දුරකතන අංකයන්ගෙන් අමතා ලබා ගත හැකිය.

වකුගඩුවක් දන් දී ජීවිතයක් බේරා ගන්න


තංගල්ල, නලගම, මුස්ලිම් වීදිය , අංක 53/1 ලිපිනයේ පදිංචි එම්. එස්. එම්. අස්වර්දීන් මහතා දරුණු වකුගඩු රෝගයකින් පසුවේ.

මොහු ගාල්ල කරාපිටිය රෝහලෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර එම රෝහ‍ලේ මාසික වකුගඩු සායනයට ද සහභාගී වේ.

තවදුරටත් අස්වර්දීන් මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත.

දියණියන් තිදෙනකුගේ පියෙකු වන එම්. එස්. එම්. අස්වර්දීන් මහ‍තා ස්ථීර රැකියාවක් නොමැතිව ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ ජීවත් වේ.

මෙම සැත්කම සඳහා ලක්ෂ විසිදෙකක පමණ මුදලක් වැයවන බැවින් මොවුනට මෙම සැත්කම සිදුකර ගැනීම ඉතා අසීරු කටයුත්තක් වී ඇත.

එබැවින් පරිත්‍යාගශීලීන්ගේ සහාය ප්‍රාර්ථනා කරයි. ඔබේ පරිත්‍යාග මහජන බැංකුවේ මාතර උයන්වත්ත ශාඛාවේ ගිණුම් අංක 032 2 001 40006975 යටතේ ෆාතිමා ෂීනියා අබ්දුල් මහත්මියගේ ගිණුමට යොමු කරන ලෙස ඉල්ලා සිටී.

ප්‍රතිකාර ලබා ගැනීමට ඔබේ සහාය පතයි


කිරින්ද පුහුල්වැල්ල, කොපුවඩුගේහේන, ලිපින‍යේ පදිංචි පනස් දෙක හැවිරිදි බී.පී. කාන්ති මහත්මිය පිළිකා රෝගී තත්ත්වයෙහි පසුවේ. කරාපිටිය මහ රෝහලේ දී මීට වසරකට පෙර සැත්කමක් කර ඇත.
 
මෙම රෝගී තත්ත්වය නිසා දැනට මාසිකව එන්නත් ලබා ගැනීමට හා ඖෂධ ලබා ගත යුතුව ඇත. ඒ සඳහා මසකට විශාල මුදලක් වැය වේ.

දරුවන් සිව් දෙනකුගේ මවක් වන කාන්ති මහත්මියට ස්ථීර ආදායම් මාර්ගයක් නොමැති අතර ඇයගේ සැමියා ද පෞද්ගලික බස් රථයක රියදු‍රෙකු ලෙස රැකියාවේ නිරත වන අතර මොවුනට මසකට මෙතරම් වියදම් දැරීමට නොහැකි වී ඇත.

එබැවින් කාන්ති මහත්මිය පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය අපේක්ෂා කරයි. මේ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු ඇතොත් මහජන බැංකුවේ හක්මණ ශාඛාවේ 130200100037700 ගිණුම් අංක යටතේ ඊ.ජී. සුනිල් නමින් ආරම්භ කර ඇති ගිණුමට යොමු කරන ලෙස දන්වා සිටිමි

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts