වකුගඩු රෝගියා ආධාර පතයි
මිනුවන්ගොඩ නිව්හම් පාර අංක 22 / සී හි පදිංචි ජමාලියා උම්මා මහත්මිය (වයස 43) කලක සිට දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙයි. ජමාලියා මහත්මිය සුව කර ගැනීම සඳහා ඇයට ඉතා ඉක්මනින් ශල්‍යකර්මයක් කළ යුතු බව නාරාහේන්පිට 'ලංකා හොස්පිටල්ස්' පෞද්ගලික වෛද්‍ය ආයතනයේ වකුගඩු ශල්‍යකර්ම විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා පවසා අත.ඒ සඳහා පළමු සැත්කමට රුපියල් ලක්ෂ 20ක මුදලක්ද වෙනත් වියදම් හා සැත්කම් වලට රුපියල් ලක්ෂයක පමණ මුදලක්ද වැය වනු ඇතැයි ගණන් බලා ඇත.
ළමුන් දෙදෙනෙකුගෙන් යුත් හා ජීවන උපාය සොයා ගැනීම වශයෙන් එදිනෙදා තාවකාලික රැකියාවන්හි නිරත වන ඇයගේ සැමියාට තම බිරියගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන මුදල සොයා ගැනීමට හැකියාවක් නොමැති නිසා ඇය හා ඇයගේ පවුලේ සාමාජිකයන් මෙම රාමසාන් සමයේ මේ සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් ආධාර බලාපොරොත්තු වේ.
ලංකා බැංකුව - මිනුවන්ගොඩ ශාඛාවේ 9519835 අංකය දරණ ගිණුමට මහජන ආධාර බැර කරන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ජමාලියා මහත්මියගේ පවුලේ සාමාජිකයින් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධව 077 7034842 හෝ 077 8213515 යන දුරකථන අංකවලට කථා කර වැඩි විස්තර දැන ගැනීමට හැකි බවත් පවුලේ සාමාජිකයෝ පවසා සිටිති.
0 comments:
Post a Comment