Wednesday, December 18, 2013

වකු­ගඩු රෝගී ඔහුට පිහිට වන්න

මැදි­රි­ගි­රිය දිවු­ලං­ක­ඩ­වල  දිය­වර ගම්මා­නයේ අංක 80 නිවසේ පදිංචි ඩබ්. එච්. එම්. ධර්ම­රත්න මහතා 93%ක්ම වකු­ගඩු දෙකම දියවී ඇති දරුණු  ලෙස  වකු­ගඩු  අමා­රු­වෙන් පීඩා   විඳින  අයෙකි. 

 ඒ බව න්නරුව  මහ රෝහලේ වකු­ගඩු  සාය­නයේ වෛද්‍ය­ව­රයා 
නිග­ම­නය කර ඇත.

ඔහු  දරු­වන්  හත­ර­දෙ­න­කුගේ පියෙකි. පවුල නඩත්තු කිරී­මට බිරිඳ කුලී වැඩ කරයි.  ඔවුන්ට  ස්ථිර ආදා­ය­මක් නැත. 

ඔහු ජීව­ත්ක­ර­ලී­මට “ඕ” පොසි­ටිව්  වර්ගයේ   වකු­ග­ඩු­වක්  බද්ධ කළ යුතු බව වෛද්‍ය වාර්තාව නිරි­දේශ කරයි. 

ඔහුට වකු­ග­ඩු­වක්  ලබා දෙන ලෙසත්  ඔවුන්ගේ  පවුල ජීවත් වීමට ආධා­ර­යක් ලබා දෙන ලෙසත් ඔහු  ජන­තා­ව­ගෙන් කාරු­ණි­කව ඉල්ලා  සිටී. දුර­ක­ථන අංකය 0714016754.

මැදි­රි­ගි­රිය මහ­ජන  බැංකු ගිණුම් අංකය 23120016006002.

සෙවු­මිණි දිය­ණිය සුවපත් කරමු

තෙලි­ජ්ජ­විල, ඇල්ගි­රිය, නිශාන් ලිපි­නයේ පදිංචි අවු­රුදු හත­රක් වය­සැති තීක්ෂණා සෙවු­මිණි සිඟිති දිය­ණි­යගේ හද­වතේ සිදු­රක් ඇති බැවින් ඇය සුව කිරී­මට ශල්‍ය­ක­ර්ම­යක් සිදු කළ යුතු බව වෛද්‍ය­ව­රුන් නිර්දේශ කර තිබේ‍.

මේ සඳහා රුපි­යල් එක්ලක්ෂ හැත්තෑ­ප­න්ද­හ­සක (175000) මුද­ලක් වැය වන බවට වෛද්‍ය­වරු පවසා ඇති නමුත් ඇයගේ මව්පි­යන් සතුව එප­මණ මුද­ලක් නොමැති නිසා එම මුදල සොයා ගැනී­මට පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ අනු­ග්‍ර­හය අපේක්ෂා කරයි.

මේ ශල්‍ය­ක­ර්මය සිදු කර සිඟිති තීක්ෂ­ණාගේ ජීවි­තය බේරා ගැනී­මට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වෙතොත් ලංකා බැංකුවේ අකු­රැස්ස ශාඛාවේ 4010777 ගිණුම් අංක­යට මුදල් බැර කරන ලෙස ඉල්ලී­මක් කෙරේ. 

මෙම ගිණුම තීක්ෂ­ණාගේ පියා එස්. දන්ත­නා­රා­යන නමින් ආරම්භ කර තිබේ. 0776214954 දුර­ක­ත­න­යෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.

Wednesday, December 11, 2013

පුංචි දරු­වාට ඔබේ පිහිට ඕනැ

අලව්ව කොහො­ලාන අංක 81/1 හි පදිංචි ගගන සංඛ­ජිත් සුග­ත­දාස දරුවා උප­තින්ම දරුණු හෘද­යා­බා­ධ­ය­කින් පෙළෙයි. 

ඔහුට සුවය ලබා දීමට නම් සැත්කම්   හත­රක් කළ යුතු බවත් එම  හෘද­යා­බා­ධය  සුව කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පහ­සු­කම්  නොමැති නිසා ඉන්දි­යාවේ සිදු කිරීම ආර­ක්ෂා­කාරී බව එම දරු­වාට ප්‍රති­කාර කරන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග විශේ­ෂ­ඥ­ව­රයා නිර්දේශ කර ඇතැයි  ඔහුගේ මව වන ඩී. ඒ. මංජුලා විජේ­ව­ර්ධන මහ­ත්මිය පව­සයි.

මේ දරු­වාට ඉන්දි­යාවේ එම්. එම්. එම්. රෝහලේ  දී ශල්‍ය කර්ම­යක් සිදු කිරීම සඳහා අමෙ­රි­කානු ඩොලර් 7500ක් වැය වන  බවත් එම විශාල මුදල පෞද්ග­ලි­ක­වම සොයා ගැනී­මට නොහැකි  නිසා පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ ආධාර අපේක්ෂා කරන බවත් මංජුලා විජ­ය­ව­ර්ධන මහ­ත්මිය  පව­සයි.

තම දරු­වාගේ ජීවි­තය බේරා ගැනීම සඳහා ආධාර කරන ලෙස ඇය ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි. 

එවනු ලබන ආධාර ලංකා බැංකුවේ අලව්ව ශාඛාවේ ගිනුම් අංක 75317192 ට  යොමු­ක­රන ලෙස ඇය  ඉල්ලී­මක් කරයි. මේ සඳහා අවශ්‍ය විස්තර දුර­ක­තන අංක 071-2148076 071-8240439 වෙතින් දැන­ගත හැකිය.

Monday, December 9, 2013

කොඳු ඇට පෙළේ ශල්‍ය­ක­ර්ම­යට ඔබේ ආධාර අපට දෙන්න

දැඩි­ග­මුව - පිටි­ය­ග­හ­වත්ත අංක 519/16 නිවසේ පදිංචි ජේ. දීපිකා ප්‍රියං­ගනී මහ­ත්මි­යට කොඳු ඇට පෙළේ හදිසි ශල්‍ය­ක­ර්ම­යක් කිරී­මට  සෙන්ට්‍රල් රෝහලේ වෛද්‍ය සී. ආනන්ද එල්ලා­වල මහතා නිර්දේශ කර ඇත. 

එම ශල්‍ය­ක­ර්මය හැකි ඉක්ම­නින් සිදු කළ යුතු බවද ඒ මහතා කියා සිටියි. ශල්‍ය­ක­ර්මය සිදු කිරීම සඳහා  රුපි­යල් පන්ලක්ෂ පන­ස්දා­හක (රු:5,50,000ක) මුද­ලක් අව­ශ්‍යව ඇත. 

මෙවැනි මුද­ලක් සොයා ගැනී­මට ජේ.   දීපිකා ප්‍රියං­ගනී මහ­ත්මි­යට හැකි­යා­වක් නැත. ඇයගේ ස්වාමි පුරු­ෂ­යාට ස්ථීර රැකි­යා­වක් නොමැත. එසේම අධ්‍යා­ප­නය ලබන දරු­වන් ‍ තිදෙ­නකු   ජේ. දීපිකා ප්‍රියං­ගනී මහ­ත්මි­යට සිටිති. 

එම නිසා මෙවැනි  මුද­ලක් සොයා ගැනී­මට ඇයට හැකි­යා­වක් නැත. මේ සඳහා  නොම­සුරු දාය­ක­ත්වය පින්වන්න ඔබ­ගෙන් ලබා ගැනී­මට   ඇය බලා­පො­රොත්තු වේ.

 ජේ. දීපිකා ප්‍රිංය­ගනී මහ­ත්මි­යට මුද­ලින් ආධාර කිරී­මට කැමැති අයකු වෙතොත් 0114255821 හෝ 0711198457 යන දුර­ක­ථන අංක­ව­ලට අමතා දැනුම්  දෙන ලෙසත්, ශල්‍ය­ක­ර්ම­යට අවශ්‍ය විය­දම්  සහ ආධාර ලබා­දී­මට කැමැති අය වෙතොත් හෝමා­ගම මහ­ජන බැංකුවේ ගිණුම් අංක 049-2-001-3-0027634ට මුදල් බැර කරන ලෙස  ජී. දීපිකා ප්‍රියං­ගනී මහ­ත්මි­යත් ස්වාමියා සහ දරුවෝත් ඉල්ලා සිටිති.

වකු­ග­ඩු­වක් අව­ශ්‍යයි

නාත්ත­න්ඩිය බාඳු­රාව පදිංචි එච්. එම්. රූපා­වතී හේරත් මහ­ත්මිය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන බැවින් වකු­ගඩු  දෙකම අක්‍රීය  වෙමින් පව­තින බව  වෛද්‍ය­වරු පව­සති.

දෙදරු මවක්  වන ඇයගේ ජීවි­තය  බේරා ගැනීම සඳහා “ඕ” නෙග­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් හැකි ඉක්ම­නින් බද්ධ කළ යුතු බැවින් ඒ සඳහා වකු­ග­ඩු­වක් සහ මූල්‍ය ආධා­ර­යක් ලබා­දී­මට හැකි අයෙක් වෙතොත්  දුර­ක­තන අංක 0776630902  ට කතා­කර නාත්ත­න්ඩිය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 1-0034022582-7 ආධාර කරන ලෙස ඉල්ලා සිටියි.

ඕ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් පිරි­නමා ජීවි­ත­යක් බේරා ගනිමු

කොළො­න්නාව, පැර­කුම්බා මාවත පටු­මග, අංක 60/4 හි පදිංචි   රත්න­සිරි  බාල­සූ­රිය මහතා හට ඕ පොසි­ටිව් වර්ගයේ (O+) වකු­ග­ඩු­වක් ඉක්ම­නින්   බද්ධ කළ යුතුව ඇත. 

එහෙ­යින් එම  සැත්කම  සඳහා  පිං කැමති ඔබෙන් සර­ණක්  අයැද  සිටිමු.

දුර­ක­ථන 0718564085, 0719684053 වහාම  අම­තන ලෙස ඉල්ලා සිටී.

Wednesday, December 4, 2013

ශ්‍රවණ උප­ක­ර­ණ­යක් ලබා ­ගැ­නී­මට සහාය පතයි

මුල­ටි­යන, කැට­ප­ල­කන්ද,  කිරි­මැ­ටි­ව­ලේ­හේන ලිපි­නයේ  පදිංචි   වීර­සේන   විතා­රණ  මහ­තාගේ   අවු­රුදු  දොළ­හක් වය­සැති  මධු­ෂිකා   විතා­රණ  දිය­ණිය   ශ්‍රව­ණා‍භා­ධිත  තත්ත්ව­යෙහි   පසුවේ.

මේ දිය­ණි­යට  ශල්‍ය කර්ම­යක් මඟින් උප­ක­ර­ණ­යක්  සවි­කොට  පසු කන්  ඇසීම   ලබා­දිය  හැකි බව  වෙද්‍ය­ව­රුන්  පවසා ඇත.  

ඒ සඳහා රුපි­යල් ලක්ෂ  තිහක් පමණ  මුද­ලක්  වැය වන බව පේරා­දෙ­ණිය  සිරි­මාවෝ  බණ්ඩා­ර­නා­යක   ළමා රෝහලේ  වෛද්‍ය­ව­රුන්   පවසා ඇත. 

මධු­ෂි­කාගේ  පියා    දෛනික කම්ක­රු­වෙකු  ලෙස ජීවි­කාව ගෙන  යන අතර  ස්ථීර  රැකි­යා­වක්  නොමැති  බැවින් මෙත­රම්  විශාල  මුද­ලක්  සොයා ගැනීම  මොවුන්ට   අප­හසු වී ඇත. 

 මේ සඳහා  ඔවුන්  පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ  අනු­ග්‍ර­හය  අපේක්ෂා කරයි.

මේ සඳහා   මුදල් පරි­ත්‍යාග  කිරී­මට  කැමති පරි­ත්‍යා­ග­ශී­ලි­යෙකු ඇතොත්  ලංකා බැංකුවේ  දෙයි­ය­න්දර   ශාඛාවේ   73255376  ගිණුම්  අංක යටතේ   දරු­වාගේ  පියා වන ඩබ්. වීර­රත්න  නමින් ආරම්භ   කර ඇති   ගිණු­මට යොමු  කරන ලෙස  ඉල්ලා සිටී. 

 වැඩි­දුර  තොර­තුරු  041 – 5789773/ 071-3145632 යන දුර­ක­ථන  අංක­යන්ට  අමතා ලබා ගත හැකිය. 

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts