Monday, September 30, 2013

වකු­ගඩු රෝගියා පිහිට පතයි

කඩ­වත   ඉහ­ළ­බි­ය­න්විල  නො.494/1Aහි පදිංචි එච්. වයි . මෙරිල්  ප්‍රසන්න යන අය   දරුණු  වකු­ගඩු   රෝග­ය­කින්   පෙළෙයි. 

විශේ­ෂඥ   වෛද්‍ය   නිර්දේශ මත   ඉතා ඉක්ම­නින්   වකු­ඩු­වක්  බද්ධ කිරී­මට    අවශ්‍ය වී  ඇති බැවින් “B”වර්ගයේ   හෝ “O”වර්ගයේ  වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට පරි­ත්‍යා­ග­ශී­ලි­යකු  සිටී නම්   පහත අංක­යන්ට අම­තන මෙන් ඉතා කරු­ණා­වෙන්  ඉල්ලා සිටී.
0713067100
0770696433

මොළයේ සැත්ක­මට ආධාර කර ජීවි­ත­යක් බේරා ගනිමු

කොළඹ තර්ස්ටන්  විදු­හලේ  10 වැනි ශ්‍රේණියේ   ඉගෙ­නුම  ලබන  මිනුර ලක්සිත අබේ­කෝන් රත්නා­ය­කට  මොළයේ සැත්ක­මක්  සිදු­කි­රි­මට  සිදුවී තිබේ.

දැනට  දෙපා වාරු නැතිව ඇවි­දී­මට  නොහැකි තත්ත්වයේ පසු­වන මේ දරු­වාගේ රෝග­යට ප්‍රති­කාර කළ හැක්කේ ඉන්දි­යාවේ  ඇපලෝ රෝහලේ දීය.  

මේ සඳහා රුපි­යල් ලක්ෂ 15ක් පමණ  අව­ශ්‍ය­යව ඇති බව එම රෝහලේ වෛද්‍ය­ව­රුන්  ඇස්ත­මේන්තු කොට තිබේ. මේ දරු­වාගේ  පියාට   මේ තරම් විශාල  මුද­ලක්  ‍ෙසායා ගැනීම ඉතා අසීරු කරු­ණකි. 

එබැ­වින්  පිරි­ත්‍යා­ග­ශීලී සිත් ඇත්තන් වෙතින් දර­වාගේ පියා ආධාර බලා­පො‍රොත්තු වෙයි.

නම  - P .W.A.   රත්නා­යක-ගිණුම් අංකය 8690013238
කොම­ර්ෂල් බැංකුව-දුර­ක­ථන අංක - 0776773333-0112923071-777044028

හිස්ක­බල සැත්ක­මට උප­කා­ර­යක්

හදිසි  අන­තු­ර­කින්  හිස් කබලේ  කොට­සක්   බිඳී­යාම  නිසා,  කෘතිම  හිස් කබ­ලක් බද්ධ කිරීම සඳහා අවශ්‍ය වන  රුපි­යල්  ලක්ෂ දෙක හමා­රක මුදල ලබා­ගැ­නී­මට උප­කාර  කර­න්නැයි  ඒ. ඩී. චානක  සුමේධ සිල්වා   මහතා පරි­ත්‍යා­ග­ශීලී ඔබ සැම­ගෙන්  ඉල්ලා සිටිති.

හොරණ  හඳු­පැ­ල්පොල, සිරි­ල්ට­න්වත්ත නො.65 /16, මීව­න­ප­ලාන   පදිංචි චානක , විවා­හක  එක්දරු පියෙකි. 

වඩු කාර්මි­ක­යකු  ලෙස සේවය  කළ ඔහු  හොරණ ප්‍රදේ­ශයේ  නිව­සක සේවය කර­මින්  සිටිය දී පලං­චි­යෙන්  ඇද වැටී  ඔහුගේ හිසට  බර­ප­තළ   හානි ඇති විය.   

පෙර පාසල්  වයසේ දිය­ණි­යක්  ද සිටින ඔහුගේ බිරි­යට රැකි­යා­වක්  කිරී­මට ද අප­හ­සුය.   වෙනත් කිසිම ආදා­යම්  මාර්ග­යක්  නැති ඔහුට  හිත­ව­තුන් ලබා­දුන්  රුපි­යල් 75 දහ­සක  මුද­ලක්  ඇති බව  කියයි.

එබැ­වින්  ඉතිරි මුදල  සොයා  ගැනී­මට  පිං කැමැති ඔබ­ගෙන්    මේ  දරු පවුල  උප­කා­ර­යක් පතයි.  

මහ­ජන බැංකුව  හොරණ 041200110996091 ගිණු­මට  යම් කිසි මුද­ලක් බැර කළ හැකිය. වැඩි­දුර තොර­තුරු  0778952833 (චානක) දුර­ක­ථන අංක­යෙන් ලබා­ගත හැකිය.‍

Sunday, September 29, 2013

වකු­ගඩු රෝගියා පිහිට පතයි

අංගොඩ, අග්ගොඩ, රුව­න්පුර අංක 500/19 නිවසේ පදිංචි ඩී. එල්. එල්. ලීලා­රත්න ද සිල්වා මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර හැකි ඉක්ම­නින් ඔහුට ඕ පොසි­ටිව්  (O+)  වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව මාලි­ගා­වත්ත ජාතික වකු­ගඩු මධ්‍ය­ස්ථා­නයේ විශේ­ෂඥ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර තිබේ.

අවු­රුදු 48 ක් වය­සැති ලීලා­රත්න මහතා දරු­වන් තිදෙ­නෙ­කුගේ පියෙකි. කුලී රථ රියැ­දු­රෙකු ලෙස සේවය කළ ඔහු මේ රෝගා­බාධ හේතු­වෙන් රැකි­යා­වද කළ නොහැ­කිව සිටී.

වකු­ග­ඩු­වක් පරි­ත්‍යා­ග­ශීලී කෙනෙක් වෙතොත් 0778132869 / 0722016555 දුර­ක­ථන අංක­ව­ලින් වැඩි විස්තර ලබා­ගත හැකියි.

වකු­ගඩු රෝගී මීපුරේ ඔබේ පිහිට පතයි

මීග­මුවේ පදිංචි එල්. පී. සී. මීපුරේ මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින්  පෙළෙන බැවින්  ඒ මහ­තාට O+ වර්ගයේ වකු­ග­ඩු­වක් අවශ්‍ය බව වෛද්‍ය­වරු පව­සති.

මීට අදාළ සැත්කම ජය­ව­ර්ධන පුර රෝහලේ සිදු කිරී­මට නිය­මිත බැවින් O+ වර්ගයේ වකු­ග­ඩු­වක් ලබා­දී­මට කැමැති කෙනෙක් වෙතොත් 0776076035, 0715845173 දුර­ක­තන අංක­යට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී‍.

­මී­පුරේ මහතා ට දැනට ප්‍රති­කාර ගැනීම සඳහා මස­කට රුපි­යල්  30,000ක මුද­ලක් වැය­වන අතර, එම මුදල සොයා ගැනී­මට ඉතා අසීරු  තත්ත්ව­යක සිටී.

ඒ මහ­තාට මුද­ලින්  උප­කාර කිරී­මට කැමැති කෙනෙක් වෙතොත් මීග­මුව මහ­ජන බැංකු ශාඛාවේ 034 – 2 – 00 – 9 – 0713158 ගිණු­මට මුදල්  බැර කළ හැකිය‍.

ලසිත ළද­රු­වාගේ ජීවි­තය ඔබේ අතේ

පාත හේවා­හැට හපු­තලේ එගො­ඩ­ගම දොඩ­ම්ග­ස්තැන්න පදිංචි වයි. ජී. එස්. නන්ද­සිරි සහ එම්. ජී. නිලන්ති හේම­ලතා දෙප­ළගේ එකම පුතු වන තෙමස් හැවි­රිදි වයි. ජී. ලසිත ගිම්සාන් නන්ද­සිරි ළද­රුවා ක්ලෙබි­සි­යෙල්ලා විෂ­බී­ජය උප­තේදී ශරී­ර­ග­ත­වීම නිසා සෙප්ටි­සී­මියා සහ බ්‍රොන්කො­මෝ­නියා දරුණු  රෝග­යෙන් පෙළේ.

මේ වන­විට ළද­රුවා පේරා­දෙ­ණිය සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක ළමා රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රථි­කාර ලබයි. 

රෝහලේ ළමා­රෝග විශේ­ෂඥ වෛද්‍ය එම්. ඒ. එම්. ෆයි­සාල් මහ­තාගේ නිර්දේ­ශය අනුව ළද­රුවා රෝගී තත්ව­යෙන් මුදා­ගැ­නීම සඳහා 21. 09. 2013 දින සිට නොක­ඩවා දින දහ­යක් යාන්ත්‍රික ස්වස­නය සහ කොලි­ස්ටින් 120000 වන එන්නත පැය අට­කට වරක් දින 10 ක් ලබා­දිය යුතුව ඇත. 

එක්ව­තා­ව­කදී ලබා­දි­ය­යුතු එන්න­තක මිල රු. 8000/-කි. අඩු­ආ­දා­යම් ලාභි­න්වන ළද­රු­වාගේ මවු­පියෝ මේ සඳහා මහ­ජන සහාය පතති. 

උදව් උප­කාර කිරී­මට කැමති අයගේ දාය­ක­ත්වය වයි. ජී. එස්. නන්ද­සිරි ගිණුම් අංක 70928088 ලංකා බැංකුව තලා­තු­ඔය ශාඛා­වට යොමු­ක­රන මෙන් ඉල්ලා සිටී.

වකු­ගඩු රෝගියා පිහිට පතයි

බණ්ඩා­ර­ගම, රයි­ගම හංදිය පදිංචි සුමිත් කුමාර සිරි­මාන්න (45) මහ­තාගේ වකු­ගඩු දෙකම අක්‍රිය වී ඇති නිසා ඔහුට  ඉක්ම­නින් සැත්ක­මක් කළ­යුතු බව විශේ­ෂඥ වෛද්‍ය අනුර හේවා­ගී­ගන  මහතා විසින් නිර්දේශ කර ඇත. 

මේ සඳහා  ඉතා­මත් ඉක්ම­නින්  ඕ නෙගෙ­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග ‍කිරීමට කැමැති අයකු වෙතොත් දුර­ක­ථන අංක 0716472203 හෝ 0719153984 හෝ අම­තන මෙන් ඉල්ලා සිටී.

වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කර­න්නෙ­කුට මුද­ලින් උප­කා­ර­යක් කිරී­මට වුවද හැකි බව ඥාතීහු පව­සති.

Wednesday, September 25, 2013

වකු­ග­ඩු­වක් දී රෝගී ජීවි­ත­යක් බේරා ගනිමු

විශේ­ෂඥ  වෛද්‍ය  නිර්දේශ මත  ඔහුට ඉතා ඉක්ම­නින් වකු­ග­ඩු­වක් බද්ධ කිරී­මට අවශ්‍ය වී  ඇත.

 ඒ සඳහා  “බී”  වර්ගයේ  හෝ ‘ඕ’ වර්ගයේ වකු­ග­ඩු­වක්  පරි­ත්‍යාග කිරී­මට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලි­යකු   ඇතොත්  ජංගම දුර­ක­තන අංක  0713067100 ට  හෝ  0770696433ට  හෝ   අම­තන  මෙන් ඉතා කරු­ණා­වෙන් ඉල්ලා  සිටියි.

ලියු­කේ­මියා රෝගී දැරිය ඔබේ පිහිට පතයි

ජින්නා­පු­රම්, ආලං­කුඩා, ඒත්තාලේ පදිංචි ඒ.එස්.ගෆූර් (සිවු දරු පියා)  ලියු­කේ­මියා රෝග­යෙන් පීඩා  විඳින  තම  සිවු  වැනි දරුවා වන ෆාතිමා  රිකාසා (අවු­රුදු 08 යි) යන   අය  වෙනු­වෙන්  ඔබගේ උප­කා­රය පතයි. මේ ගැහැණු  දරු­වාගේ මව  වස­ර­කට පමණ පෙර මිය ගොස් ඇත. 

මේ දරු­වාගේ ශල්‍ය  කර්මය සිදු­කළ  හැක්කේ ඉන්දි­යාවේ  මීනාච්චි මිෂන්  රෝහලේ පම­ණකි. මේ සඳහා රුපි­යල් ලක්ෂ  විසි­ප­හක් අවශ්‍ය වනු  ඇති බවට එම රෝහලේ වෛද්‍ය වරුන් විසින් ඇස්ත­මේන්තු කොට තිබේ.

මෙම  පවුලේ ගෘහ  මූලි­කයා කුලී පද­නම මත ත්‍රී රෝද රථ­යක් පැද­වීම  මඟින් තම  දරු­වන්  ජීවත් කර­වයි.  මෙත­රම් විශාල මුද­ලක් සොයා ගැනීම  මොහුට ඉතා අසීරු  කරු­ණකි.  

එබැ­වින් පරි­ත්‍යා­ග­ශීලි  සිත් ඇත්තන්  වෙතින් ආධාර  බලා­පා­රොත්තු  වෙයි.
ගිණුම් අංකය  : 71449879 -  ලංකා බැංකුව, නොර­ච්චෝල
දුර­ක­ථන අංකය : 0723584862

Tuesday, September 24, 2013

වකු­ගඩු සැත්ක­මට පිහිට පතයි

මිනු­ව­න්ගොඩ පදිංචි 37 හැවි­රිදි එක් දරු මවක් වන ඩී. එස්. හෙට්ටි­ආ­රච්චි මහ­ත්මි­යට “O” පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් ඉතා ඉක්ම­නින් බද්ධ කිරී­මට අවශ්‍ය බැව් වෛද්‍ය­ව­රුන් නිග­ම­නය කොට තිබේ.

ඇයට වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට පරි­ත්‍යා­ග­ශී­ලි­යකු ඇතොත් 077 8234699 – 0112 295900 දුර­ක­ථන අංක­යන් අම­තන ලෙස ඉල්ලා සිටී.

Wednesday, September 18, 2013

වකු­ගඩු සැත්ක­මට වාස­නාට පිහි­ට­වන්න

හල්දු­ම්මුල්ල කිරි­මැ­ටියේ පදිංචි වයස අව­රුදු 13 ක් වය­සැති තිස­රණී වාසනා සුබ­සිංහ දැරිය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර ඇයට නොප­මාව වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය ඒ. එල්. නසාර් මහතා නිර්දේ­ශ­කර තිබේ.

අඩු ආදා­යම් ලාභී පවු­ලක් වූ වාස­නාගේ මවු­පියෝ මෙම සැත්කම සඳහා අවශ්‍ය මුදල් රැස්කර ගත නොහැ­කිව අස­රණ වී සිටිති. 

පරි­ත්‍යා­ග­ශීලි ඔබ සැමගේ ආධාර බලා­පො­රොත්තු වන අතර ඒ සඳහා ලංකා බැංකුවෙ රිජන්ට් වීදිය ශාඛාවේ ඇති 75067765 දරන ගිණු­මට මුද­ල් බැර කරන ලෙස ඉල්ලා සිටී.

මේ සඳහා වැඩි­වි­ස්තර 0715374030 දුර­ක­ථන අංක­යෙන් දැරි­යගේ මව අමතා ලබා ගත හැකිය.

වකු­ග­ඩු­වක් දන්දී ජීවි­ත­යක් බේරා ගනිමු

බොර­ලැ­ස්ග­මුව රත්ත­න­පි­ටියේ පරණ කැස්බෑව පාරේ අංක 47 නිවසේ පදිංචි ඩබ්ලිව්.ඩී.එන්.එස්. ද අල්විස් මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර ඔහුට වහාම ඕ පොසි­ටිව් වර්ගයේ (O +) වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව මාලි­ගා­වත්ත ජාතික රුධිර කාන්දු හා වකු­ගඩු බද්ධ කිරීමේ මධ්‍ය­ස්ථා­නයේ විශේ­ෂඥ වෛද්‍ය එස්.එම්. සෙනෙ­වි­රත්න මහ­ත්මිය පව­සයි.

ඔහුගේ ජීවි­තය බේරා ගැනී­මට වකු­ග­ඩු­වක් දන්දී­මට කැමැති පරි­ත්‍යා­ග­ශීලී අයෙක් වෙතොත්  077 7278856 / 011 2517250 දුර­ක­ථන අංක­ව­ලට අම­තන ලෙස ජී. ජයන්ති පෙරේරා මිය (බිරිය) ඉල්ලා සිටී.

Sunday, September 15, 2013

ඇවි­දී­මට නොහැකි දරු­වාගේ සැත්ක­මට ආධාර පතයි

කොළො­න්නාව, පිරි­වෙණ පාර, අංක 5/ඒ දරණ ලිපි­නයේ පදිංචි මොහො­මඩ් රකීබ් නමැති අවු­රුදු තුනක් වය­සැති දරු­වාගේ එක් පාද­යක අස්ථි­යක් නොමැති වීමෙන් ඇවි­දී­මට නොහැ­කිව සිටී.

දරු­වාගේ පාදය යථා තත්ත්ව­යට පත් කර ගැනී­මට අවශ්‍ය ශල්‍ය­ක­ර්මය මෙර­ටදී සිදු කිරී­මට නොහැකි බව වෛද්‍ය­වරු පව­සති. සැත්කම සිදු කිරීම සඳහා දරුවා ඉන්දි­යා‍වට රැගෙන යා යුතු අතර ඒ සඳහා රුපි­යල් ලක්ෂ දහ­යක මුද­ලක් වැය වන බවට වෛද්‍ය­වරු ඇස්ත­මේන්තු කර ඇත.

එත­රම් විශාල මුද­ලක් සොයා ගැනී­මට අප­හ­සු­කම නිසා පරි­ත්‍යා­ග­ශී­ලින්ගේ මුදල් පරි­ත්‍යාග දරු­වාගේ මාපියෝ අපේක්ෂා කරති. 

මේ දරු­වාට මුදල් උප­කාර කිරී­මට කැමැ­ත්තක් දක්වන අයකු වේ නම් කොම­ර්ෂල් බැංකුව, බේස්ල­යින් ශාඛාවේ ගිණුම් අංකය 8113020251 නමින් ඇති ඊ.ඩී. නිලූකා සුද­ර්ශනී හෝ සම්පත් බැංකුව, වැල්ල­ම්පි­ටිය ශාඛාවේ ගිණුම් අංකය 104554300313 නමින් ඇති ඊ.ඩී.එන්. සුද­ර්ශනී හෝ මහ­ජන බැංකුව, කොළො­න්නාව ශාඛාවේ ගිණුම් අංකය194200283824217 නිලූකා සුද­ර්ශනී ඇඹු­ල්දෙ­නිය නමින් විවෘත කර ඇති ගිණු­මට යොමු කරන ලෙස රකීබ් දරු­වාගේ දෙමා­පි­යන් ඔබ­ගෙන් කාරු­ණි­කව ඉල්ලා සිටිති. 


මේ පිළි­බඳ වැඩි විස්තර 0723643447, 0722139490, 0778604581 දුර­ක­ථන අංක­ව­ලට කතා කිරී­මෙන් දැන ගත හැකිය.

Wednesday, September 11, 2013

වකු­ගඩු සැත්කමට පිහිට වෙන්න

ගණේ­මුල්ල බුළු­ග­හ­ගොඩ අංක 104 බී හි පදිංචි ඩී.ඒ. රණ­සිංහ මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළේ. 

ඔහුට වහාම වකු­ග­ඩු­වක් බද්ධ කළ­යුතු බව වෛද්‍ය­ව­රුන්ගේ නිග­ම­න­යයි. 

ඒ පොසි­ටිව් හෝ ඕ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් (අවු 25 – 50 අතර) පරි­ත්‍යාග කිරී­මට කැමති පරි­ත්‍යා­ග­ශී­ලි­ය­කුගේ සහාය පතයි. වැඩි විස්තර 0718337815, 0112241066 අංක­ය­න්ගෙන් දැන­ගත හැකිය.

සැත්ක­මට ආධාර පතයි

මහ­නු­වර දීගල අංක 09 අකු­රණ ලිපි­නයේ පදිංචි ඒ. ඇම්. ඩී. සීල­වතී මහ­ත්මිය උකුල් ඇට දිරා­ප­ත්වීමේ රෝග­යෙන් පෙළෙන අතර, ඇයගේ එක් උකුල් ඇට­යක් දැනට සැත්ක­ම­කින් බද්ධ කර ඇත.

ඇය මෙම රෝගය හේතු­වෙන් දැනට ඇවි­දී­මට අප­හසු තත්ත්ව­යෙන් පසු­වෙයි.
සීල­වතී මහ­ත්මි­යගේ වම් උකුල් ඇටය බද්ධ කිරීමේ සැත්ක­මක් කිරී­මට දැනට අව­ශ්‍යව ඇති අතර, ඇය ත්‍යාග­ශීලී පින්ව­තු­න්ගෙන් ආධාර බලා­පො­රොත්තු වේ.

මහ­ජන බැංකුවේ අකු­රණ ශාඛාවේ ඇති අංක 153 - 2001 – 1 – 0065067 දරන ගිණු­මට ආධාර ලබා දෙන මෙන් සීල­වතී මහ­ත්මිය ඉල්ලා සිටී.

වකු­ග­ඩු­වක් දන්දී තරු­ණි­යගේ ජීවි­තය බේරාගනිමු

අංක 333 / 1 වේර­හැර බොර­ලැස්ස ලිපි­නයේ පදිංචි ටෙක්ලා ගයනි තිසේරා අවු­රුදු (26) දරුණු වකු­ගඩු රෝග­ය­කින් පීඩා­වට පත්ව මේ වන විට මාලි­ගා­වත්ත වකු­ගඩු රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටී.

ඇයට ප්‍රති­කාර කරන අනුර හේවා­ගී­ගන මහතා විසින් ඇයට ඉතා ඉක්ම­නින් ඕ හෝ බී (O, B) වර්ගයේ නෙග­ටිව් හෝ පොසි­ටිව් වර්ග­වල වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව නිර්දේශ කර ඇත. 

ඊට උප­කාර කළ හැකි අයකු වේ නම් 071 - 9391194 දුර­ක­ථන අංක­යට අම­තන ලෙස ඉල්ලී­මක් කෙරේ.

Tuesday, September 10, 2013

ශල්‍යකර්මයට ඔබේ පිහිට ඕනෑ

කඩුගන්නාව කුරුකුත්තල අංක 224/බී නිවසේ පදිංචි ඩබ්ලිව්. එන්. කේ. කරුණානායක මහත්මිය හදිසි රිය අනතුරකට මුහුණපෑමෙන්, තදබල ස්නායු තදවීමේ රෝග තත්ත්වයකට මුහුණ පා ඇති බවත්, කඩිනමින් විශේෂ ශල්‍යකර්මයට ලක් කළ යුතු බවත් ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කැර ඇත.

අදාළ ශල්‍යකර්මය සඳහා රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් වැය වන බවත්, මෙම ශල්‍යකර්මය ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසා තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාගේ බිරිය වන කරුණානායක මහත්මිය සුවපත් කරගැනීම සදහා කැමති පින්වත් අයෙකු වෙතොත්, පිළිමතලාව ලංකා බැංකුවේ ගිණුම් අංක 72376936 ට ආධාර මුදල් බැර කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.

Sunday, September 8, 2013

වකු­ගඩු සැත්ක­මට පිහිට වෙන්න

225/8 නිව­සෙහි පදිංචි ෆාතිමා නසීනා මහ­ත්මිය දරු­වන් සිවු­දෙ­නෙ­කුගේ මෑණි­යන්ය. 

ඇය මේ වන විට වකු­ගඩු රෝග­යෙන් පෙළෙන අතර ඇයගේ වකු­ගඩු දෙකම නරක් වී ඇති බව වෛද්‍ය­වරු පව­සති. මේ සඳහා ඇයට වහාම “ඕ පොසි­ටිව්” වර්ගයේ වකු­ග­ඩු­වක් සති­යක් තුළ අවශ්‍ය බවත්, වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමති අයෙ­කුට පහත සඳ­හන් දුර­ක­ථන අංක­ව­ලට අම­තන ලෙස කාරු­ණි­කව ඉල්ලා සිටී. දුර­ක­ථන අංක 0775399643, 0774975455

Wednesday, September 4, 2013

කොඳු ඇට රෝගියා පිහිට පතයි

නො:02 නිව්සිටි, බට­කැ­ත්තර, මඩ­පාත. පදිංචි පී. එල්. අනෝමා නන්දනී යන අයට කොඳු ඇට 03ක් ඉවත් කොට ඇණ 06ක් බද්ධ කිරීම සඳහා ශල්‍ය කර්ම­යක් කිරී­මට ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර රෝහලේ වික­ලාංග රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය ආනන්ද පෙරේරා මහතා නිර්දේශ කර ඇත.

 ඒ සඳහා රු. ලක්ෂ 8ක් පමණ වැයවේ. එය දැරී­මට නොහැ­කිව ඇය මහත් අසී­රු­තා­ව­යට පත්ව සිටී. උප­කාර කිරී­මට කැමැති ඔබ සැම­ගෙන් ආධාර පතයි.

කොම­ර්ෂල් බැංකුවේ 8212000555 දරන ගිණු­මට බැර කරන මෙන් කරු­ණා­වෙන් ඉල්ලා සිටිමි. දු.ක. 0775833327,

Tuesday, September 3, 2013

වකුගඩුවක්‌ දන් දී ජීවිතයක්‌ බේරා ගනිමු

ඇඹිලිපිටිය, පදලංගල, කුට්‌ටිගලහි පදිංචි ඩබ්ලිව්. කේ. මහින්දරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ.

එA මහතාගේ ජීවිතය බේරා ගැනීමට නම් වයස අවුරුදු විසිඑකත් අවුරුදු හැටත් අතර වයසේ පසුවන අයකුගේ වකුගඩුවක්‌ බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. 

වකුගඩුවක්‌ පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීන් ඉහත ලිපිනයට හෝ දුරකථන අංක 077-4333875 ට හෝ 071-5382743 ට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.

මේ දරුවා වෙනුවෙන් අපිත් ආධාර කරමු

උපතින්ම අංගවිකලව සිටින මේ දරුවාගේ පියා නැත. දරුවාගේ වයස අවුරුදු පහක්‌ පමණ වේ. දරුවා රැකබලා ගැනීමේ ගැටලුව මත තරුණ මවට කුලී වැඩකට යැමට වත් නුපුළුවන.
දරුවාගේ මව ඇයගේ මව ළඟ ජීවත්වෙයි. මේ දරුවා නඩත්තු කර ගැනීමට, බේත් ගැනීමට ඇයට අසීරු වී ඇත.
පින් කැමැති අයට ඇය ආරාධනා කරන්නේ මේ අංගවිකල දරුවා නඩත්තු කරගැනීමට ආධාර කරන ලෙසය. 

එප්පාවල මහජන බැංකුවේ අංක "170-2-001-8-1561316" ගිණුම මේ දරුවාගේ මව වන වසන්ති චතුරානි දිසානායක නමින් ඇත. එප්පාවල - රත්න බී. එකනායක

Monday, September 2, 2013

වකු­ගඩු සැත්ක­මට පිහිට පතයි

යුද හමුදා කමාන්ඩෝ   රෙජි­මේ­න්තුවේ සේවයේ නියු­තුව සිටි ගණේ­මුල්ල කලු­වල පාරේ 20/ 12 ලිපි­නයේ පදිංචි 42 හැවි­රිදි එස්. පී. ගමගේ නම් දෙදරු පියා වකු­ගඩු  රෝග­ය­කින් පෙළෙයි.

ඔහුගේ ජීවි­තය බේරා ගැනී­මට “ඕ  පොසි­ටිව්” (O+) වකු­ග­ඩු­වක් ඉතා ඉක්ම­නින් අවශ්‍ය බැවින් පරි­ත්‍යා­ග­ශීලී පින්ව­තෙක් වෙතොත් 0773913244 දුර­ක­ථන අංකය අම­තන ලෙස ඉල්ලා සිටී.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts

Blog Archive