Monday, May 25, 2015

හෘද රෝගී කුරේගේ හදිසි සැත්ක­මට ඔබේ ආධාර ඕනෑ

කොට්ටාව පන්නි­පි­ටිය,මාලඹේ පාරේ අංක 1626/1A නිවසේ පදිංචි බී එස් එච් කුරේ මහ­තාට (58) හෘද­යා­බා­ධ­ය­කින් වැළදී ඇති බැවින් හදිසි ශල්‍ය­ක­ර්ම­යක් සිදු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය වෛද්‍ය ජය­න්ති­මාලි ජය­ව­ර්ධන මහ­ත්මිය නිර්දේශ කර ඇත.

පෞද්ග­ලික ආර­ක්ෂක අංශ­යක සේවය කරන අත­ර­තුර හෘද­යා­බා­ධය වැළදී රෝහ­ල්ගත කර ඇති කුරේ මහතා අඩු ආදා­ය­ම්ලා­භි­යකු වන අතර ශල්‍ය කර්මය සඳහා රුලි­යල් ලක්ෂ තුනක මුද­ලක් අවශ්‍ය වන බවට දැනුම් දී ඇත.

ජනා­ධි­පති අර­මු­ද­ලින් රුපි­යල් එක්ලක්ෂ පනස් දහ­සක මුද­ලක් කුරේ මහ­තාට ලබා දී ඇති අතර ඉතිරි මුදල් කාරු­ණි­ක­ය­න්ගෙන් බලා­පො­රොත්තු වේ.

කුරේ මහ­තාගේ හෘද සැත්ක­මට ආධාර කිරී­මට කැමැති පින්ව­තුන්  කොට්ටාවේ සෙලාන් බැංකුවේ ගිණුම් අංක 0330-30424762-101 බී එස් එච් කුරේ මහ­තාගේ ගිණු­මට බැර කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටී.

Tuesday, May 19, 2015

යුවනි දැරි­යගේ සැත්ක­මට ඔබේ ආධාර ඕනෑ

කඩ­වත, සූරි­ගම දේවාල පාර අංක  37/14/3 දරන  නිවසේ පදිංචි  යුවනි රුවින්දි  මෙන්ඩිස්  (අවු 12) දැරිය  කොඳු ඇට පෙළේ  ඇද­වී­මක් නිසා සුසු­ම්නාව  අව­හිර වී  හුස්ම ගැනීමේ අප­හ­සු­ව­කින්  පෙළෙයි. 

ඇයට  ප්‍රති­කාර  කරන විශේ­ෂඥ වෛද්‍ය  වසන්ත  පෙරේරා  මහතා  පව­සන්නේ  ඇයව  යථා  තත්ත්ව­යට  පත්කි­රීම සඳහා  සැත්ක­මක් කළ යුතු බවයි. ඒ සඳහා  දාහත් ලක්ෂ විසි­ප­න්ද­හ­සක (1,725,000,00)  මුද­ලක් වැය වන බවත්  වෛද්‍ය­ව­රයා පවසා  ඇත. 

ඇයව  රෝගී  තත්ත්ව­යෙන්  මුදා ගැනී­මට මෙම ශල්‍ය­ක­ර්මය  නව­ලෝක රෝහලේ  දී කළ යුතු  බවත්  ඒ සඳහා හැකි පම­නින්  මුද­ලින්  ආධාර කරන ලෙස  දැරි­යගේ පියා  කාරු­ණි­කව  ඉල්ලී­මක් කරයි. 

හැටන්  නැෂ­නල්  බැංකුවේ  කඩ­වත  ශාඛාවේ  084020008194 ගිණුම් අංක­යට  ආධාර මුදල් බැර  කරන ලෙස  තොර­තුරු  දැන­ගැ­නී­මට  දුර­ක­ථන අංකය  0112975080 අම­තන  ලෙස  පියා ඉල්ලා සිටී.

Monday, May 18, 2015

නවෝද්‍යා පුංචි දිය­ණි­යගේ ජීවි­තය බේරා ­ග­නිමු

පස්යාල, කම්ම­ල්පි­ටිය, දෙවන පාරේ පදිංචි එච්.එම්. චමුදි නවෝද්‍යා ඒක­නා­යක දරුවා ලියු­කේ­මියා රෝගී තත්ත්ව­යෙන් පෙළෙන අතර රෝගය සුව­කර ගැනී­මට ශල්‍ය­ක­ර්ම­යක් සිදු කළ යුතුව ඇත. 

ඒ සඳහා රුපි­යල් ලක්ෂ විසි­ප­හත් තිස්ප­හත් අතර විශාල මුද­ලක් වැය වන බව විශේ­ෂඥ වෛද්‍ය ජී. ගණේ­ශා­න්තන් මහතා ප්‍රකාශ කර ඇත. 

දරු­වාගේ මාපි­යන්ට ස්ථිර රැකි­යා­වක් නොහැති අතර එබැ­වින් එවැනි මුද­ලක් සොයා­ගැ­නීම අසීරු වී ඇති බැවින් රෝගය සුව­කර ගැනීම සඳහා ඔබගේ ආධාර උප­කාර පතයි. 

මහ­ජන බැංකුවේ නිට්ට­ඹුව ශාඛාවේ ගිණුම් අංක 278-2-001-3-4864525 දරන ගිණු­මට මේ සඳහා මුදල් පරි­ත්‍යාග බැර කළ හැකිය.
දු.ක. 0722765316

Sunday, May 17, 2015

වකු­ග­ඩු­වක් පරිත්‍යාග කර ජීවි­ත­යක් බේරා ගනිමු

කඩ­වත, මහර ජින­සේන මාවතේ අංක 354 C, නිව­සෙහි පදිංචි අවු­රුදු 23ක් වය­සැති නිර්මාල් ලේල්වල පුතුගේ වකු­ගඩු දෙකම අක්‍රීය වී ඇත.

එබැ­වින් “ඒ” පොසි­ටිව් (A+)  හෝ “ඕ” පොසි­ටිව් (O+) වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව කොළඹ මාලි­ඟා­වත්තේ පිහිටි ජාතික වකු­ගඩු රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය අනුර හේවා­ගී­ගන මහතා නිර්දේශ කර ඇත.

‍මේ සඳහා “ඒ”පොසි­ටිව්  (A+) හෝ “ඕ”  පොසි­ටිව් (O+) වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කළ හැකි පින්ව­තකු වෙතොත් දුර­ක­තන අංක 011-2927847 හෝ 071-6861000 ට දැනුම් දෙන ලෙස මව ඉතා කරු­ණා­වෙන් ඉල්ලා සිටී.

ප්‍රති­කාර සඳහා ඉතා විශාල මුද­ලක් වැය වන බැවින් ඒ සඳහා පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ ආධාර මහර ශාඛාව, මහ­ජන බැංකු­වෙහි අංක 217 2003 1 4308162 දරන ගිණුම් අංක­යට යොමු කළ හැකිය.

Friday, May 15, 2015

වකුගඩු රෝගියාට පිහිට වෙමු

 නො. 114/4, පුවක්වත්ත, මීගොඩ ලිපිනයෙහි පදිංචි ඩී.එස්.එම්. අරංගල වකුගඩු දෙකම අකර්මන්‍ය වී ඇත. 

ඔහුට වහාම ‘බී’ පොසිටිව් හෝ ‘ඕ’ පොසිටිව් රුධිර කාණ්‍ඩයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි මාලිගාවත්ත වකුගඩු රෝගී මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

වකුගඩුවක් පරිත්‍යාග ශිල්පියකුට ඉහත ලිපිනයෙන් හෝ 075 2607232, 071 2675194 දුරකතන අංකවලට ඇමැතීමෙන් වැඩි විස්තර ලබාගත හැක.

වකුගඩු රෝගියාට පිහිට වෙමු

බේරුවල, මොරගල්ල මරදාන පාරේ 165/ඩී ලිපිනයේ එන්.එම්. ජයරත්න දරුණු වකුගඩු ‍ආබාධයකින් පෙළෙයි. 

ඔහුට ඕ පොසිටිව් රුධිර කාණ්ඩයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය විශේෂඥයෝ කියති. 

වකුගඩු පරිත්‍යාගශීලියකුට ඉහත ලිපිනයෙන් හෝ 0776947276, 0719041387 දුරකථන අංකවලට ඇමැතීමෙන් විස්තර ලබාගත හැක.

වකුගඩු රෝගියාට පිහිට වෙමු

වයික්කාල, සින්දාත්‍රිය, වේලක්කන්නි මාවතේ 302/බී/ 1 ලිපිනයේ ඩබ්ලිව්.ඩබ්ලිව්. පෝල් දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි. 

ඔහුට ‘ඕ’ පොසිටිව් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය විශේෂඥයෝ කියති. වකුගඩු පරිත්‍යාගශීලියකු ඉහත ලිපිනයෙන් වැඩි විස්තර ලබාගත හැක.

ලියුකේමියා රෝගි දරුවාට පිහිට වෙමු

පස්යාල, කම්මල්පිටිය, දෙවට පාරේ පදිංචි එච්.එම්. චමුදි නවෝද්‍යා ඒකනායක දරුවා ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පෙළෙන අතර රෝගය සුවකර ගැනීමට ශල්‍යකර්මයන් සඳහා රුපියල් ලක්ෂ විසිපහත් තිස් පහත් අතර මුදලක් වැය වන බව විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත. 
දරුවා‍ගේ දෙමවුපියන්ට ස්ථිර රැකියාවක් නොමැති රෝගය සුව කර ගැනීම සඳහා ආධාර පතයි. 

මහජන බැංකුවේ නිට්ටඹුව ශාඛාවේ 278 - 2 - 001 - 3 - 4864525 ගිණුමට මුදල් බැර කළ හැක. ඉහත ලිපිනයෙන් හෝ 0722765316 දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකි ය.

වකු­ගඩු රෝගි­යාට පිහිට වෙමු

 මොරොන්තුඩුව - පරගස්තොට පාර - මහවෙල පදිංචි ඇම්.ඩී. සමින්ද ගුණතිලක වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් ඔහුට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

ඒ සඳහා ‘බී’ හෝ ‘ඕ’ රුධිර කාණ්ඩයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියකු වේ නම් පහත දුරකතන අංකවලට අමතන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ. 

0779032268, 0776467365. මේ සඳහා විශාල මුදලක් වැය වන හෙයින් ඔහු මහජන ආධාර පතයි. බණ්ඩාරගම ලංකා බැංකුව 77278542 ගිණුමට මූල්‍යාධාර ලබාදිය හැක.

වකු­ගඩු රෝගි­යාට ඔබේ සහාය ඕනෑ

මහනුවර ලේවැල්ල පාරේ අංක 43 ලිපිනයේ එච්.එම්.එස්.ටී.‍ බණ්ඩාර දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි. 

ඔහුගේ රුධිරය පිරිසිදු කිරීම හා ඖෂධ ආදිය සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවෙයි. ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ඔහු ඒ සඳහා මහජන ආධාර පතයි. 

මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ 003200120057794 ගිණුමට මූල්‍යාධාර ලබාදිය හැක. ඉහත ලිපිනයෙන් හෝ 0718167463 දුරකථනයට ඇමැතීමෙන් වැඩි විස්තර ලබාගත හැක.

පිහිටවන්න

වරකාපොල, දොරවක, කුකුල්පනේ පදිංචි ප්‍රියංකා විජේසිරි ශිෂ්‍යාව මොලයේ හටගත් රෝගී තත්ත්වයෙන් මුදා ගැනීමට රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් වැය කොට ඉතා ඉක්මනින් සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරු පවසති.

මීට වසර 11 කට පෙර තම පියා මිය යාමෙන් ප්‍රියංකා විජේසිරි ශිෂ්‍යාව මේ වනවිට ස්ථිර රැකියාවක් නොමැති අම්මා සමඟ අසරණව ජීවත් වෙයි.

මොලයේ සැත්කමට විශාල මුදලක් වැය වන අතර එවැනි මුදලක් සොයා ගැනීම ඔවුන්ට ඉතා අසීරු කාර්යයක් බැවින් මේ මුදල සොයා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් උපකාර බලාපොරොත්තුවෙන් ප්‍රියංකා ශිෂ්‍යාවගේ නමින් වරකාපොල සම්පත් බැංකුවේ ගිණුම් අංක 120554783900 ගිණුමක් ආරම්භ කර ඇත.

මේ ශිෂ්‍යාවගේ ජීවිතය සුවපත් කිරීමට උදව් වන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඇයගේ මව වන කමලාවතී මහත්මිය කාරුණිකව ඉල්ලීමක් කර සිටී.

Thursday, May 14, 2015

වකු­ගඩු රෝගි­යාට ඔබේ සහාය ඕනෑ

මාතර, ඌරු­ග­මුව, වේහැල්ල ලන්දෙ කඩේ අංක 256 ලිපි­නයේ පදිංචි ඒ.ආර්. අනෝමා මහ­ත්මිය (55) දරුණු වකු­ගඩු රෝග­ය­කින් ‍පීඩා විඳියි.

එම මහ­ත්මි­යගේ ජීවි­තය බේරා ගැනී­මට 'ඕ' පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව ගාල්ල කරා­පි­ටිය රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය නදීකා රත්න­ම­ලල මහ­ත්මිය නිර්දේශ කර තිබේ.

අසාධ්‍ය තත්ත්වයේ පසු­වන එම මහ­ත්මි­යට වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමති අයෙකු වෙතොත් පහත සඳ­හන් දුර­ක­ථන අංක­ව­ලට අම­තන ලෙස ඉල්ලී­මක් කෙරේ.

දුර­ක­ථන අංක 077 5464138 / 077 8928790

Sunday, May 10, 2015

වකු­ගඩු රෝගි­යාට පිහිට වෙමු

නො. 165/D, මර­දාන පාර, මොර­ගල්ල, බේරු­වල ලිපි­නයේ පදිංචි එන්.එම්. ජය­රත්න නැමැත්තා වකු­ගඩු රෝග­ය­කින් පෙළෙයි. 

ඔහුට  O+ වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව මාලි­ගා­වත්ත වකු­ගඩු රෝහලේ වෛද්‍ය අනුර හේවා­ගී­ග­නගේ මහතා නිර්දේශ කර ඇත.

එබැ­වින් එවැනි වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට  කැමැති පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වෙතොත් පහත දුර­ක­තන අංක­යන්ට දැනුම් දිය හැකිය.

දුර­ක­තන අංක - 0776947276 / 0719041387

Tuesday, May 5, 2015

වකු­ගඩු රෝගියා පිහිට පතයි

ජේ. 6/23, දාබරේ මාවත,  නාරා­හේ­න්පිට, කොළඹ 5  ලිපි­නයේ   පදිංචි  එච්.  එස්. ඒ. සමන් ශ්‍රීලාල් (51)  නැමැත්තා  අසාධ්‍ය  වකු­ගඩු  රෝග­ය­කින්  පෙලෙයි.

ඔහුට ‘ඕ’ වර්ගයේ  වකු­ග­ඩු­වක්   බද්ධ කළ යුතු බව  ශල්‍ය වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. එම වර්ගයේ  වකු­ග­ඩු­වක්  පරි­ත්‍යාග කිරී­මට කැමැති පරි­ත්‍යාග කිරී­මට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලීන් වෙතොත්  0729666911 දුර­ක­තන  අංක­යට ඇමැ­තිය හැකිය.

මේ සඳහා මුදල් පරි­ත්‍යා­ග­යන් කොළඹ 5 ජාතික  ඉතිරි කිරීමේ බැංකුවේ 100640283762 ගිණුම් අංක­යට බැර කළ හැකිය.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts

Blog Archive