Wednesday, November 5, 2014

පිළිකා රෝගී දැරිය පිහිට පතයි

වැලි­ඔය, ඇතා­වැ­ටු­ණු­වැව, නො: 271 ලිපි­නයේ පදිංචි බුද්ධං­ගල මධ්‍ය මහා විද්‍යා­ලයේ 11 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන ඩී. එම්. සජි­නිකා මධු­ෂානි දිසා­නා­යක දැරි­යගේ මොළයේ පිළිකා තත්ත්ව­යක් ඇති බව වෛද්‍ය පරී­ක්ෂණ මඟින් සොයා­ගැ­නී­මෙන් පසු එම පිළි­කාව කොළඹ ජාතික රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය හිමාෂි කුල­රත්න විසින් ශල්‍ය­ක­ර්ම­යක් මඟින් ඉවත් කෙරිණි. 

එහෙත් එය නැවත වර්ධ­නය වන බව වෛද්‍ය­ව­රුන් පව­සන අතර එය නැවත ඉවත් කිරීම සඳහා රු. 8,73,000/- ක මුද­ලක් වැය වන බව විශේ­ෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ඔබේ­සේ­කර මහතා නිර්දේශ කර ඇත. ආර්ථික අප­හ­සු­තා­ව­යෙන් පෙළෙන ඇගේ පියාට එත­රම් මුද­ලක් සොයා­ගැ­නී­මට නොහැකි බැවින් මෙම මුදල සොයා ගැනී­මට පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ ආධාර පතයි. 

පරි­ත්‍යා­ග­යන් පහත ගිණුම් අංක වෙත බැර කළ හැකියි. 6409711 ලංකා බැංකුව, පරා­ක්‍ර­ම­පුර, 043200170004266 මහ­ජන බැංකුව, පද­විය.
විස්තර සඳහා පහත දුර­ක­ථන අංක අම­තන්න. 071-2700303, 071-2744042, 072-6566700

වකු­ගඩු රෝගියාට පිහිට වන්න

අවු­රුදු 35ක් වය­සැති ටී. එම්. ශ්‍රියාන් ක්‍රිශාන්ත නැමැත්තා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙ­මින් සිටියි. 

ඔහුට ඉතා ඉක්ම­නින් ශල්‍ය­ක­ර්ම­යක් සිදු­කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. ඔහුට අවශ්‍ය වී තිබෙන්නේ O+ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වකි. 

ඔහු වෙනු­වෙන් වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමැති අයකු වේ නම් ඔහුගේ මවට අම­තන ලෙස ඉල්ලා සිටියි. ලිපි­නය - 123/7, වැලි­මැදේ, වැලි­කල, පොකු­ණු­විට, දුර­ක­ථන අංකය 077 6811804

වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කර ජීවි­ත­යක් බේරා ගනිමු

කුඩා­වැව පදිංචි අයි­වන් සිල්වා නැමැත්තා බර­ප­තළ වකු­ගඩු ආබා­ධ­ය­කින් පසු­වන බැවින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය­ව­රයා නිර්දේශ කර ඇත. 

ඕ පොසි­ටිව් “ඕ කාණ්ඩයේ” වකු­ග­ඩු­වක් ඇති පරි­ත්‍යා­ග­ශීලී අයෙක් වේ නම් පහත දුර­ක­ථන අංක­යන්ට අම­තන්න.
077 9724213, 077 1406141

වකු­ගඩු රෝගී ලක්ෂ්මීට පිහි­ට­ වන්න

සීදූව, රද්දො­ළු­ගම, මුතු­වා­ඩිය අංක 153/සී දරන නිවසේ පදිංචි ඒ. ඩී. ටී. ලක්ෂ්මී ජය­රත්න මහ­ත්මිය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙයි. 

ඇයට බී පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ද කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා පවසා ඇත. එම වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට හැකි පරි­ත්‍යා­ග­ශීලී අයෙක් වෙතොත්, 077 5851044, 072 2042335 දුර­ක­ථන අංක­ව­ලට අම­තන ලෙස ඇගේ ‍සැමියා ඉල්ලී­මක් කරයි.

මේ සඳහා මුද­ලින් ආධාර ලබා­දෙන්නේ නම්, රද්දො­ළු­ගම කොම­ර්ෂල් බැංකුවේ අංක 8131005809 දරන ගිණු­මට බැර කළ හැකියි.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts