Thursday, July 21, 2016

මානෙල්ගේ සැත්කමට ඔබේ අාධාර ඕන


 දෙල්ගොඩ අකුරුමුල්ල අංක 124/5 ලිපිනයේ පදිංචි මානෙල් චන්ද්‍රලතා දහනායක (44) නැමති එක්දරු තරුණ මවට උකුල් ඇට සහ දණහිස් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කළ යුතු බවට විශේෂඥ ‍ශල්‍ය වෛද්‍ය වී. ස්වර්ණකුමාර් මහතා නිර්දේශ කර ඇත.

ඒ සඳහා රුපියල් ලක්ෂ 12ක පමණ මුදලක් වැය වන අතර කුලී වැඩ කරමින් ජීව්තවන ඇයගේ ස්වාමියාට එවන් මුදලක් වැය කිරීෆම් හැකියාව නොමැති බව ඇය පවසයි.


මේ හේතුවෙන් ඇය මෙම මුදල සපයා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ සහය පතයි. මහජන බැංකුව දෙල්ගොඩ ශාඛාවේ 118200134227-929 දරණ ගිණුමට ආධාර බැර කරන මෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.
මේ පිළිබඳ වැඩි විස්තර 0714092094 දුරකථන අංකයෙන් විස්තර ලබාගත හැකි වේ.

වකුගඩු ෙරා්ගියාට පිහිට වෙමු




නො. 221, කළුවාමෝදර, අලුත්ගම පදිංචි නිරෝෂනී සේනාරත්න (අවු. 42) වන එක්දරු මව වකුගඩු දෙකම අක්‍රීය වී අසාධ්‍ය තත්ත්වයට පත්වී ඇත. ඇගේ වම් පාදය ද දණහිස ලඟින් ඉවත් කර ඇත.

ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති නිසා ඇයට වකුගඩු බද්ධ කරගැනීමට නොහැකි තත්ත්වයක පවතී.

මේ නිසා කරුණාකර පරිත්‍යාගශීලී වෙතොත් මේ සඳහා වකුගඩුවකින් ආධාර උපකාරයක් කරන මෙන් ඉල්ලීමක් කරයි.

මෙම ආධාරය කරන අයට වටිනා ත්‍යාගයක් ද ලබාදෙනු ලැබේ.


 වැඩි විස්තර 0723000215, 0712993462 දුරකථන අංක මඟින් ලබාගත හැකි වේ.

සැත්කමට ඔබේ ආධාර පතයි



කොටපොළ, කළුකඳ, අංක 203 බී යන ලිපිනයේ පදිංචි විසිනව හැවිරිදි හෙට්ටිආරච්චිගේ නිමේෂා දර්ශනී මෙනවිය අස්ථි දිරායාමේ රෝගී තත්ත්වයෙන් පසුවෙයි.

මෙම රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා එක් පාදයක කඩිනමින් සැත්කමක් කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

එම සැත්කම සඳහා රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් වැය වන බව පවසයි. මේ තරම් විශාල මුදලක් එකවර සොයා ගැනීම ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ ජීවත්වන මැ‍යගේ දෙමාපියන්ට ඉතා අසීරු කටයුත්තක් බැවින් පරිත්‍යාගශීලීන්ගේ සහාය පතයි.



 ඔබේ කාරුණික පරිත්‍යාග මහජන බැංකුවේ මොරවක ශාඛාවේ ගිණුම් අංක 2077149770 යටතේ නිමේෂාගේ පියා වන එච්. ඒ. සුනිල් මහතාගේ නමින් ආරම්භ කර ඇති ගිණුමට යොමුකරන ලෙස ඉල්ලා සිටී.

ලියුකේමියාවෙන් පෙළෙන සිඟිති පුතුට පිහිට වෙමු


ගන්දර, මාරගහකොරටුව ලිපිනයේ පදිංචි ඒ. ජී. නිලූකා මනෝහරී මහත්මියගේ වයස අවුරුදු දෙකයි මාස හතරක් වයසැති ජී. එල්. සනුල උමංජ සිඟිති පුතු මාස හතරක පමණ සිට ඒ. එම්. එල්. ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පසුවෙයි.

දැනට මොහු මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසන්ත රත්නායක මහතා යටතේ ප්‍රතිකාර ලබා ගනී.

සිඟිති පුතුට අවශ්‍ය පෝෂණය මෙන්ම ඖෂධ හා ප්‍රතිකාර ලබාගැනීම සඳහා මහරගම පිළිකා රෝහල වෙත යාමට ද විශාල මුදලක් වැයවෙන බව මව පවසයි.

පියාට ද ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ ජීවත්වන මොවුන් පරිත්‍යාගශීලීන්ගේ සහාය ප්‍රාර්ථනා කරයි.



 ඔබේ පරිත්‍යාග මහජන බැංකුවේ ගන්දර ශාඛාවේ ගිණුම් අංක 307200190032805 යටතේ රෝගී දරුවාගේ මව වන ඒ. ජී. නිලූකා මනෝහරී මහත්මිය නමින් ආරම්භ කර ඇති ගිණුමට යොමු කරන ලෙස ඉල්ලා සිටී. වැඩිදුර විස්තර 0713731653 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts