Tuesday, September 10, 2013

ශල්‍යකර්මයට ඔබේ පිහිට ඕනෑ

කඩුගන්නාව කුරුකුත්තල අංක 224/බී නිවසේ පදිංචි ඩබ්ලිව්. එන්. කේ. කරුණානායක මහත්මිය හදිසි රිය අනතුරකට මුහුණපෑමෙන්, තදබල ස්නායු තදවීමේ රෝග තත්ත්වයකට මුහුණ පා ඇති බවත්, කඩිනමින් විශේෂ ශල්‍යකර්මයට ලක් කළ යුතු බවත් ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කැර ඇත.

අදාළ ශල්‍යකර්මය සඳහා රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් වැය වන බවත්, මෙම ශල්‍යකර්මය ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසා තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාගේ බිරිය වන කරුණානායක මහත්මිය සුවපත් කරගැනීම සදහා කැමති පින්වත් අයෙකු වෙතොත්, පිළිමතලාව ලංකා බැංකුවේ ගිණුම් අංක 72376936 ට ආධාර මුදල් බැර කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.

0 comments:

Post a Comment

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts

Blog Archive