සුෂුම්නා සැත්කමට ඔබේ ආධාර පතයි
මාතර දිස්ත්‍රික්කයේ, උස්ගොඩ, කැලේවත්ත අකුරුගොඩ, තෙලිජ්ජවිල ලිපිනයේ පදිංචි විසිහතර හැවිරිදි (24) දිනේෂ් චතුරංග මහතා හදිසි අනතුරකට මුහුණපා ඇත.එම අනතුරින් සුසුම්නාවට හානි සිදුවී තුනටියෙන් පහළ කොටස අප්‍රාණිකව මාස හතරකට ආසන්න කාලයක් ගතවී තිබේ. ඔහු මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
පෙදරේරුවකු ලෙස සේවය කරමින් සිටිය දී අනතුරට පත් චතුරංග මහතා සුවපත් කිරීමට නම් ශල්‍ය කර්මයකට භාජනය කළ යුතු බව කරාපිටිය රෝහලේ සුසුම්නා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා නිර්දේශ කර ඇත.
ඒ සඳහා විශාල මුදලක් වැය වන අතර කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව එදිනෙදා කුලී වැඩක් කර ජීවිතය ගැටගසා ගන්නා ඔහුගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයන්ට ඔහු වෙනුවෙන් වියදම් දැරීම අපහසුවී ඇත.
ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මුදල් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලීන් වෙතොත් තෙලිජ්ජවිල මහජන බැංකුවේ 0036164 අංක දරණ ගිණුමට පරිත්‍යාග මුදල් බැරකරන මෙන් ඔහුගේ මව්පියන් කාරුණිකව ඉල්ලා සිටිති. දුරකථන අංකය - 071-7680250 ට කතා කර වැඩිදුර විස්තර දැනගැනීමට හැකිය.



