ජීවිතය බේරා ගැනීමට ඔබේ සහාය පතයි
තෙලිජ්ජවිල, කැකුණවෙල, මහත්තන්නගොඩවත්ත, “ජානක” නිවසේ පදිංචි තිස් හය හැවිරිදි එච්. ටී. ක්‍රිෂ්නික ප්‍රදීප් කුමාර මහතා දීර්ඝ කාලයක සිට බඩවැල්වල ඇති වූ දරුණු පිළිකා රෝගයකින් පසු වෙයි.2013 නොවැම්බර් මාසයේ කරාපිටිය මහ රෝහලේ ශල්‍යකර්මයක් සිදු කර ඇත. එහෙත් ඔහුගේ පිළිකා රෝගී තත්ත්වය මේ වන විට කොන්ද ප්‍රදේශය දක්වා පැතිර ඇති බවට වෛද්‍යවරු පවසති.
එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මසකට දෙවරක් එන්නත් ලබා දිය යුතු වේ. මොහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා මොහුට නියම කරන ලද එන්නත් සහ බෙහෙත් සඳහා එක් වරකට විශාල මුදලක් වැය වේ.
අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනකුද සිටින මොහු ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ ජීවත් වන බැවින් ඖෂධ ලබා ගැනීම සඳහා මුදල් සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් වී ඇත.
එබැවින් පරිත්‍යාගශීලීන්ගේ සහාය ප්‍රාර්ථනා කරයි. ඔබේ පරිත්‍යාග මහජන බැංකුවේ අකුරැස්ස ශාඛාවේ ගිණුම් අංක 117200160012309 යටෙත් රෝගියාගේ බිරිඳ වන පුෂ්පාදරී අසාරප්පුලි හේවගේ මහත්මිය නමින් ඇති ගිණුමට යොමු කරන ලෙස ඉල්ලා සිටී. වැඩිදුර තොරතුරු 0774214008 යන දුරකතන අංකයට අමතා ලබා ගත හැකිය.
0 comments:
Post a Comment