Friday, August 22, 2014

සුෂුම්නා සැත්ක­ම­ට ඔබේ ආධාර පතයි

මාතර දිස්ත්‍රි­ක්කයේ, උස්ගොඩ, කැලේ­වත්ත අකු­රු­ගොඩ, තෙලි­ජ්ජ­විල ලිපි­නයේ පදිංචි විසි­හ­තර හැවි­රිදි (24) දිනේෂ් චතු­රංග මහතා හදිසි අන­තු­ර­කට මුහු­ණපා ඇත.

එම අන­තු­රින් සුසු­ම්නා­වට හානි සිදුවී තුන­ටි­යෙන් පහළ කොටස අප්‍රා­ණි­කව මාස හත­ර­කට ආසන්න කාල­යක් ගතවී තිබේ. ඔහු මේ වන­විට කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබයි.

පෙද­රේ­රු­වකු ලෙස සේවය කර­මින් සිටිය දී අන­තු­රට පත් චතු­රංග මහතා සුව­පත් කිරී­මට නම් ශල්‍ය කර්ම­ය­කට භාජ­නය කළ යුතු බව කරා­පි­ටිය රෝහලේ සුසුම්නා අංශයේ විශේ­ෂඥ වෛද්‍ය දීපාල් අත්ත­නා­යක මහතා නිර්දේශ කර ඇත.

ඒ සඳහා විශාල මුද­ලක් වැය වන අතර කිසිදු ආදා­යම් මාර්ග­යක් නොමැ­තිව එදි­නෙදා කුලී වැඩක් කර ජීවි­තය ගැට­ගසා ගන්නා ඔහුගේ පියා ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන්ට ඔහු වෙනු­වෙන් විය­දම් දැරීම අප­හ­සුවී ඇත.

ඔහුගේ ජීවි­තය බේරා ගැනී­මට මුදල් පරි­ත්‍යාග කළ හැකි පරි­ත්‍යා­ග­ශී­ලීන් වෙතොත් තෙලි­ජ්ජ­විල මහ­ජන බැංකුවේ 0036164 අංක දරණ ගිණු­මට පරි­ත්‍යාග මුදල් බැර­ක­රන මෙන් ඔහුගේ මව්පි­යන් කාරු­ණි­කව ඉල්ලා සිටිති. දුර­ක­ථන අංකය - 071-7680250 ට කතා කර  වැඩි­දුර විස්තර දැන­ගැ­නී­මට හැකිය.

0 comments:

Post a Comment

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts