ලියුකේමියාවෙන් පෙළෙන සිඟිති පුතුට පිහිට වෙමු
ගන්දර, මාරගහකොරටුව ලිපිනයේ පදිංචි ඒ. ජී. නිලූකා මනෝහරී මහත්මියගේ වයස අවුරුදු දෙකයි මාස හතරක් වයසැති ජී. එල්. සනුල උමංජ සිඟිති පුතු මාස හතරක පමණ සිට ඒ. එම්. එල්. ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පසුවෙයි.
දැනට මොහු මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසන්ත රත්නායක මහතා යටතේ ප්‍රතිකාර ලබා ගනී.
සිඟිති පුතුට අවශ්‍ය පෝෂණය මෙන්ම ඖෂධ හා ප්‍රතිකාර ලබාගැනීම සඳහා මහරගම පිළිකා රෝහල වෙත යාමට ද විශාල මුදලක් වැයවෙන බව මව පවසයි.
පියාට ද ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ ජීවත්වන මොවුන් පරිත්‍යාගශීලීන්ගේ සහාය ප්‍රාර්ථනා කරයි.
ඔබේ පරිත්‍යාග මහජන බැංකුවේ ගන්දර ශාඛාවේ ගිණුම් අංක 307200190032805 යටතේ රෝගී දරුවාගේ මව වන ඒ. ජී. නිලූකා මනෝහරී මහත්මිය නමින් ආරම්භ කර ඇති ගිණුමට යොමු කරන ලෙස ඉල්ලා සිටී. වැඩිදුර විස්තර 0713731653 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

0 comments:
Post a Comment