Friday, September 18, 2015

වකු­ගඩු රෝගී කල්‍යාණි ඔබේ පිහිට පතයි

බෙලි­අත්ත, පැඟි­රි­වත්ත , නො. 33 පදිංචි තිදරු මවක් වන එන්. එම්. එස්. එච්. කල්‍යාණි මහ­ත්මි­යගේ (58) වකු­ගඩු දෙකම අක්‍රීය වී ඇති හෙයින් වකු­ග­ඩු­වක් ඉතා  ඉක්ම­ණින් බද්ධ කළ යුතු බව ශ්‍රී  ජය­ව­ර්ධ­න­පුර මහ රෝහ‍ලේ   විශේ­ෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා  විසින් නිර්දේශ  කර ඇත.
  

ඕ පොසි­ටිව්  වර්ගයේ  ‍හෝ බී පොසි­ටිව් වර්ගයේ  වකු­ග­ඩු­වක්   ඉක්ම­ණින් ලබා­දිය හැකි අයෙකු සිටී­නම්  0774390927 දුර­ක­ථන අංක­යට  දැනුම් දෙන ලෙස කාරු­ණි­කව ඉල්ලා සිටී.

වකු­ගඩු රෝගි­යාට පිහිට වෙමු

මොර­ටුවේ, කොර­ළ­වැල්ල අංක 56 ලිපි­නයේ පදිංචි සී.පී.  මංච­නා­යක (පාලිත) මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර   ඔහුට ඉතා ඉක්ම­ණින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව කොළඹ  මාළි­ගා­වත්ත   රෝහලේ  වකු­ගඩු රෝග පිළි­බඳ විශේ­ෂඥ  වෛද්‍ය අනුර ගීග­නගේ මහතා නිර්දේශ කර ඇත.

ඔහුට  අවශ්‍ය ‘O’ වර්ග­යට අයත් ‘A’ හෝ ‘O’ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක්  ලබා­දිය හැකි පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වේ නම්  ඒ බව  077-9839750 හෝ 077-7139917 දුර­ක­ථන අංක­ව­ලට දැනුම් දෙන ලෙස  මංච­නා­යක  මහතා ඉල්ලී­මක් කර සිටී.

ප්‍රති­කාර කට­යුතු සඳහා මාස­ය­කට (ලේ පිරි­සි­දු­කර පෙරීම සඳහා) විශාල මුද­ලක් වැය­වන බැවින් ඒ සඳහා ආධාර මුදල් මොර­ටුවේ කොම­ර්සල් බැංකු  ශාඛාවේ සී.පී. මංච­නා­යක  නමින් විවෘත කර ඇති  අංක 8590028869 දරන ගිණු­මට බැර­කළ හැකිය.

Wednesday, September 16, 2015

පුංචි දුවට පිහිට වෙමු

අනු­රා­ධ­පුර, දුමු­ම­ඩ­ලාව, කදු­රු­පි­ටිය අශෝ­ක­මාලා විදු­හලේ 3 වන ශ්‍රේණියේ ඉගෙ­නීම ලබන තරූෂි නවෝද්‍යා නිශාන්තා (8) දැරිය තැල­සී­මියා රෝග­යෙන් පෙලෙ­මින් සිටී.

දැනට අනු­රා­ධ­පුර රෝහලේ තැල­සී­මියා ඒක­කය මගින් ඇය ප්‍රති­කාර ලබ­මින් සිටී.

මෙම සැත්ක­මක් සඳහා රුපි­යල් ලක්ෂ 25කට වැඩි මුද­ලක් වැය­වෙන බව, නව­ලෝක රෝහලේ ඇට­මි­දුලු සැත්කම් ඒක­කයේ විශේ­ෂඡ වෛද්‍ය ජී. ගනේ­ෂ­නා­දන් මහතා ප්‍රකාශ කර සිටිති.

මෙම දැරි­යගේ මව වන කදු­රු­පි­ටිය, දුනු­ම­ඩ­ලාව පදිංචි ඩබ්ලිව්. එස්. එස්. හේම­ලතා මහ­ත්මිය, තම දිය­ණි­යගේ ජීවි­තය බේරා ගැනීම සඳහා සැත්ක­මක් කිරී­මට පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් ආධාර ඉල්ලා සිටී.

නොච්චි­යා­ගම හැටන් නැෂ­නල් බැංකුවේ ඇයගේ නමින් ඇති අංක 02602023517 දරන ගිණුම් අංක­යට ආධාර මුදල් බැර කළ යුතු වේ. ඇයගේ දුර­ක­ථන අංකය 0778902953 ඇම­තී­මෙන් වඩාත් තොර­තුරු දැන ගත හැකි වේ.

හෘද සැත්ක­මට ආධාර කළොත් පින්

රත්තොට ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පල්ලේ­ගම ග්‍රාම නිල­ධාරි වසමේ පදිංචි වී සිටින ජී. කේ. ජී. රත්නා­යක (අවු. 51) මහතා දැඩි හෘද රෝග­ය­කින් පෙළෙ­මින් සිටී.

මහ­නු­වර ශික්ෂණ මහ රෝහලේ හෘද රෝග අංශ­යෙන් දැනට වෛද්‍ය ප්‍රති­කාර ලබ­මින් සිටී. ඔහුට ඉතා ඉක්ම­ණින් සැත්ක­මක් කළ යුතු බවට හෘද රෝග විශේ­ෂඥ වෛද්‍ය ගාමිණී වීර­කෝන් මහතා ප්‍රකාශ කරයි.

ඒ සඳහා වැය වන මුදල රුපි­යල් හාර ලක්ෂ නව දහ­සකි. මෙම මුදල තමාට සොයා­ගැ­නී­මට අප­හසු බැවින්  ජනා­ධි­පති අර­මු­ද­ලින් ආධා­ර­යක් ද ඉල්ලා ඇත.

පාස‍ෙල් හත­ර­වන ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන දිය­ණි­යක් හා අ. පො. ස. (සා. පෙළ) හැදෑරූ පුත­කුගේ ආද­ර­ණීය පිය­තුමා රත්නා­යක මහතා වන අතර ඔහු කලින් මේෂන් වැඩ කළත් දැන් රැකි­යා­වක් කිරී­මට අප­හසු තත්ත්ව­යක සිටී.

පිං කැමති පරි­ත්‍යා­ග­ශීලී ලංකා­වාසී සහෝ­දර ජන­තා­ව­ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ තමාට හැකි අයු­රින් උප­කාර කරන ලෙස­ටයි. රත්තොට මහ­ජන බැංකුවේ ගි. අ. 128200170059521 හා ඔහුගේ දුර­ක­ථන අංකය - 0722864019 වේ.

මුදල් ඇණ­වු­මක් එවන්නේ නම් මාරු කරන කාර්යා­ලය “කයි­කා­වල” තැපැල් කාර්යා­ලය ලෙස සඳ­හන් කළ යුතුය.

වකු­ගඩු රෝගියා ආධාර පතයි

මුල්ලේ­රි­යාව උදර රණ­බිම මාවතේ අංක 283/ ඩී ලිපි­නයේ පදිංචි එගො­ඩ­වත්ත ආර­ච්චිගේ දොන් අජන්ත (44) මහතා වකු­ගඩු රෝග­ය­කින් පෙළෙයි.

ඕ පොසි­ටිව් වර්ගයේ  වකු­ග­ඩු­වක් මේ වන විට ලැබී ඇති අතර ශල්‍ය­ක­ර්මය කිරීම සඳහා ලක්ෂ 20ක මුද­ලක් වැය වන බවට ගණන් බලා තිබේ.

ශල්‍ය­ක­ර්මය සඳහා මුද­ලින් ආධාර කිරී­මට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වෙතොත් අංගොඩ ශාඛාවේ ලංකා බැංකුවේ අංක 3305610 ගිණු­මට මුදල් බැර කරන ලෙස ඉල්ලී­මක් කරයි.

ඔහුගේ 0112418460 දුර­ක­ථන අංක­යෙන් මේ පිළි­බඳ වැඩි විස්තර ලබා­ගත හැකිය.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts