Wednesday, September 16, 2015

හෘද සැත්ක­මට ආධාර කළොත් පින්

රත්තොට ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පල්ලේ­ගම ග්‍රාම නිල­ධාරි වසමේ පදිංචි වී සිටින ජී. කේ. ජී. රත්නා­යක (අවු. 51) මහතා දැඩි හෘද රෝග­ය­කින් පෙළෙ­මින් සිටී.

මහ­නු­වර ශික්ෂණ මහ රෝහලේ හෘද රෝග අංශ­යෙන් දැනට වෛද්‍ය ප්‍රති­කාර ලබ­මින් සිටී. ඔහුට ඉතා ඉක්ම­ණින් සැත්ක­මක් කළ යුතු බවට හෘද රෝග විශේ­ෂඥ වෛද්‍ය ගාමිණී වීර­කෝන් මහතා ප්‍රකාශ කරයි.

ඒ සඳහා වැය වන මුදල රුපි­යල් හාර ලක්ෂ නව දහ­සකි. මෙම මුදල තමාට සොයා­ගැ­නී­මට අප­හසු බැවින්  ජනා­ධි­පති අර­මු­ද­ලින් ආධා­ර­යක් ද ඉල්ලා ඇත.

පාස‍ෙල් හත­ර­වන ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන දිය­ණි­යක් හා අ. පො. ස. (සා. පෙළ) හැදෑරූ පුත­කුගේ ආද­ර­ණීය පිය­තුමා රත්නා­යක මහතා වන අතර ඔහු කලින් මේෂන් වැඩ කළත් දැන් රැකි­යා­වක් කිරී­මට අප­හසු තත්ත්ව­යක සිටී.

පිං කැමති පරි­ත්‍යා­ග­ශීලී ලංකා­වාසී සහෝ­දර ජන­තා­ව­ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ තමාට හැකි අයු­රින් උප­කාර කරන ලෙස­ටයි. රත්තොට මහ­ජන බැංකුවේ ගි. අ. 128200170059521 හා ඔහුගේ දුර­ක­ථන අංකය - 0722864019 වේ.

මුදල් ඇණ­වු­මක් එවන්නේ නම් මාරු කරන කාර්යා­ලය “කයි­කා­වල” තැපැල් කාර්යා­ලය ලෙස සඳ­හන් කළ යුතුය.

0 comments:

Post a Comment

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts