Monday, May 25, 2015

හෘද රෝගී කුරේගේ හදිසි සැත්ක­මට ඔබේ ආධාර ඕනෑ

කොට්ටාව පන්නි­පි­ටිය,මාලඹේ පාරේ අංක 1626/1A නිවසේ පදිංචි බී එස් එච් කුරේ මහ­තාට (58) හෘද­යා­බා­ධ­ය­කින් වැළදී ඇති බැවින් හදිසි ශල්‍ය­ක­ර්ම­යක් සිදු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය වෛද්‍ය ජය­න්ති­මාලි ජය­ව­ර්ධන මහ­ත්මිය නිර්දේශ කර ඇත.

පෞද්ග­ලික ආර­ක්ෂක අංශ­යක සේවය කරන අත­ර­තුර හෘද­යා­බා­ධය වැළදී රෝහ­ල්ගත කර ඇති කුරේ මහතා අඩු ආදා­ය­ම්ලා­භි­යකු වන අතර ශල්‍ය කර්මය සඳහා රුලි­යල් ලක්ෂ තුනක මුද­ලක් අවශ්‍ය වන බවට දැනුම් දී ඇත.

ජනා­ධි­පති අර­මු­ද­ලින් රුපි­යල් එක්ලක්ෂ පනස් දහ­සක මුද­ලක් කුරේ මහ­තාට ලබා දී ඇති අතර ඉතිරි මුදල් කාරු­ණි­ක­ය­න්ගෙන් බලා­පො­රොත්තු වේ.

කුරේ මහ­තාගේ හෘද සැත්ක­මට ආධාර කිරී­මට කැමැති පින්ව­තුන්  කොට්ටාවේ සෙලාන් බැංකුවේ ගිණුම් අංක 0330-30424762-101 බී එස් එච් කුරේ මහ­තාගේ ගිණු­මට බැර කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටී.

Tuesday, May 19, 2015

යුවනි දැරි­යගේ සැත්ක­මට ඔබේ ආධාර ඕනෑ

කඩ­වත, සූරි­ගම දේවාල පාර අංක  37/14/3 දරන  නිවසේ පදිංචි  යුවනි රුවින්දි  මෙන්ඩිස්  (අවු 12) දැරිය  කොඳු ඇට පෙළේ  ඇද­වී­මක් නිසා සුසු­ම්නාව  අව­හිර වී  හුස්ම ගැනීමේ අප­හ­සු­ව­කින්  පෙළෙයි. 

ඇයට  ප්‍රති­කාර  කරන විශේ­ෂඥ වෛද්‍ය  වසන්ත  පෙරේරා  මහතා  පව­සන්නේ  ඇයව  යථා  තත්ත්ව­යට  පත්කි­රීම සඳහා  සැත්ක­මක් කළ යුතු බවයි. ඒ සඳහා  දාහත් ලක්ෂ විසි­ප­න්ද­හ­සක (1,725,000,00)  මුද­ලක් වැය වන බවත්  වෛද්‍ය­ව­රයා පවසා  ඇත. 

ඇයව  රෝගී  තත්ත්ව­යෙන්  මුදා ගැනී­මට මෙම ශල්‍ය­ක­ර්මය  නව­ලෝක රෝහලේ  දී කළ යුතු  බවත්  ඒ සඳහා හැකි පම­නින්  මුද­ලින්  ආධාර කරන ලෙස  දැරි­යගේ පියා  කාරු­ණි­කව  ඉල්ලී­මක් කරයි. 

හැටන්  නැෂ­නල්  බැංකුවේ  කඩ­වත  ශාඛාවේ  084020008194 ගිණුම් අංක­යට  ආධාර මුදල් බැර  කරන ලෙස  තොර­තුරු  දැන­ගැ­නී­මට  දුර­ක­ථන අංකය  0112975080 අම­තන  ලෙස  පියා ඉල්ලා සිටී.

Monday, May 18, 2015

නවෝද්‍යා පුංචි දිය­ණි­යගේ ජීවි­තය බේරා ­ග­නිමු

පස්යාල, කම්ම­ල්පි­ටිය, දෙවන පාරේ පදිංචි එච්.එම්. චමුදි නවෝද්‍යා ඒක­නා­යක දරුවා ලියු­කේ­මියා රෝගී තත්ත්ව­යෙන් පෙළෙන අතර රෝගය සුව­කර ගැනී­මට ශල්‍ය­ක­ර්ම­යක් සිදු කළ යුතුව ඇත. 

ඒ සඳහා රුපි­යල් ලක්ෂ විසි­ප­හත් තිස්ප­හත් අතර විශාල මුද­ලක් වැය වන බව විශේ­ෂඥ වෛද්‍ය ජී. ගණේ­ශා­න්තන් මහතා ප්‍රකාශ කර ඇත. 

දරු­වාගේ මාපි­යන්ට ස්ථිර රැකි­යා­වක් නොහැති අතර එබැ­වින් එවැනි මුද­ලක් සොයා­ගැ­නීම අසීරු වී ඇති බැවින් රෝගය සුව­කර ගැනීම සඳහා ඔබගේ ආධාර උප­කාර පතයි. 

මහ­ජන බැංකුවේ නිට්ට­ඹුව ශාඛාවේ ගිණුම් අංක 278-2-001-3-4864525 දරන ගිණු­මට මේ සඳහා මුදල් පරි­ත්‍යාග බැර කළ හැකිය.
දු.ක. 0722765316

Sunday, May 17, 2015

වකු­ග­ඩු­වක් පරිත්‍යාග කර ජීවි­ත­යක් බේරා ගනිමු

කඩ­වත, මහර ජින­සේන මාවතේ අංක 354 C, නිව­සෙහි පදිංචි අවු­රුදු 23ක් වය­සැති නිර්මාල් ලේල්වල පුතුගේ වකු­ගඩු දෙකම අක්‍රීය වී ඇත.

එබැ­වින් “ඒ” පොසි­ටිව් (A+)  හෝ “ඕ” පොසි­ටිව් (O+) වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව කොළඹ මාලි­ඟා­වත්තේ පිහිටි ජාතික වකු­ගඩු රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය අනුර හේවා­ගී­ගන මහතා නිර්දේශ කර ඇත.

‍මේ සඳහා “ඒ”පොසි­ටිව්  (A+) හෝ “ඕ”  පොසි­ටිව් (O+) වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කළ හැකි පින්ව­තකු වෙතොත් දුර­ක­තන අංක 011-2927847 හෝ 071-6861000 ට දැනුම් දෙන ලෙස මව ඉතා කරු­ණා­වෙන් ඉල්ලා සිටී.

ප්‍රති­කාර සඳහා ඉතා විශාල මුද­ලක් වැය වන බැවින් ඒ සඳහා පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ ආධාර මහර ශාඛාව, මහ­ජන බැංකු­වෙහි අංක 217 2003 1 4308162 දරන ගිණුම් අංක­යට යොමු කළ හැකිය.

Friday, May 15, 2015

වකුගඩු රෝගියාට පිහිට වෙමු

 නො. 114/4, පුවක්වත්ත, මීගොඩ ලිපිනයෙහි පදිංචි ඩී.එස්.එම්. අරංගල වකුගඩු දෙකම අකර්මන්‍ය වී ඇත. 

ඔහුට වහාම ‘බී’ පොසිටිව් හෝ ‘ඕ’ පොසිටිව් රුධිර කාණ්‍ඩයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි මාලිගාවත්ත වකුගඩු රෝගී මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

වකුගඩුවක් පරිත්‍යාග ශිල්පියකුට ඉහත ලිපිනයෙන් හෝ 075 2607232, 071 2675194 දුරකතන අංකවලට ඇමැතීමෙන් වැඩි විස්තර ලබාගත හැක.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts