Tuesday, May 19, 2015

යුවනි දැරි­යගේ සැත්ක­මට ඔබේ ආධාර ඕනෑ

කඩ­වත, සූරි­ගම දේවාල පාර අංක  37/14/3 දරන  නිවසේ පදිංචි  යුවනි රුවින්දි  මෙන්ඩිස්  (අවු 12) දැරිය  කොඳු ඇට පෙළේ  ඇද­වී­මක් නිසා සුසු­ම්නාව  අව­හිර වී  හුස්ම ගැනීමේ අප­හ­සු­ව­කින්  පෙළෙයි. 

ඇයට  ප්‍රති­කාර  කරන විශේ­ෂඥ වෛද්‍ය  වසන්ත  පෙරේරා  මහතා  පව­සන්නේ  ඇයව  යථා  තත්ත්ව­යට  පත්කි­රීම සඳහා  සැත්ක­මක් කළ යුතු බවයි. ඒ සඳහා  දාහත් ලක්ෂ විසි­ප­න්ද­හ­සක (1,725,000,00)  මුද­ලක් වැය වන බවත්  වෛද්‍ය­ව­රයා පවසා  ඇත. 

ඇයව  රෝගී  තත්ත්ව­යෙන්  මුදා ගැනී­මට මෙම ශල්‍ය­ක­ර්මය  නව­ලෝක රෝහලේ  දී කළ යුතු  බවත්  ඒ සඳහා හැකි පම­නින්  මුද­ලින්  ආධාර කරන ලෙස  දැරි­යගේ පියා  කාරු­ණි­කව  ඉල්ලී­මක් කරයි. 

හැටන්  නැෂ­නල්  බැංකුවේ  කඩ­වත  ශාඛාවේ  084020008194 ගිණුම් අංක­යට  ආධාර මුදල් බැර  කරන ලෙස  තොර­තුරු  දැන­ගැ­නී­මට  දුර­ක­ථන අංකය  0112975080 අම­තන  ලෙස  පියා ඉල්ලා සිටී.

0 comments:

Post a Comment

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts

Blog Archive