හෘද රෝගී කුරේගේ හදිසි සැත්කමට ඔබේ ආධාර ඕනෑ
කොට්ටාව පන්නිපිටිය,මාලඹේ පාරේ අංක 1626/1A නිවසේ පදිංචි බී එස් එච් කුරේ මහතාට (58) හෘදයාබාධයකින් වැළදී ඇති බැවින් හදිසි ශල්‍යකර්මයක් සිදු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය වෛද්‍ය ජයන්තිමාලි ජයවර්ධන මහත්මිය නිර්දේශ කර ඇත.පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන අතරතුර හෘදයාබාධය වැළදී රෝහල්ගත කර ඇති කුරේ මහතා අඩු ආදායම්ලාභියකු වන අතර ශල්‍ය කර්මය සඳහා රුලියල් ලක්ෂ තුනක මුදලක් අවශ්‍ය වන බවට දැනුම් දී ඇත.
ජනාධිපති අරමුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් කුරේ මහතාට ලබා දී ඇති අතර ඉතිරි මුදල් කාරුණිකයන්ගෙන් බලාපොරොත්තු වේ.
කුරේ මහතාගේ හෘද සැත්කමට ආධාර කිරීමට කැමැති පින්වතුන් කොට්ටාවේ සෙලාන් බැංකුවේ ගිණුම් අංක 0330-30424762-101 බී එස් එච් කුරේ මහතාගේ ගිණුමට බැර කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටී.
0 comments:
Post a Comment