සුගන්ධිනි දැරියගේ මොළයේ සැත්කමට ඔබේ සහාය ඕනෑ
කුලියාපිටිය පන්නල පාරේ අංක 69 දරණ නිවසේ පදිංචි කේ.ඩබ්ලිව්. ජී. මල්ෂා සුගන්ධිනි දැරිය මොළයේ හටගත් ගෙඩියක් නිසා දරුණු ලෙස රෝගාතුර වී තිබේ.මේ දැරිය වෙනුවෙන් හැකි ඉක්මණින් ශල්‍යකර්මයක් සිදු කළ යුතු බව ස්නායු විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා පවසයි.
මේ සඳහා රුපියල් ලක්ෂ 25ක පමණ මුදලක් වැයවෙන අතර දැරියගේ මවුපියන් මේ මුදල් සොයා ගැනීමට පරිත්‍යාගශීලි ඔබ සැමගේ දායකත්වය බලාපොරොත්තු වෙයි.
ඒ සඳහා ආධාර කිරීමට කැමැති අය වෙතොත් පන්නල කොමර්ෂල් බැංකු ශාඛාවේ ඇති අංක 8144001473 දරණ ගිනුමට මුදල් බැර කළ හැකිය.
වැඩි විස්තර 0772400788 හෝ 0771103460 දුරකතනයන් අමතා ලබා ගත හැකියි.




