ප්‍රේමකුමාරගේ ජීවිතය ඔබේ අතේ
ඇඹිලිපිටිය සංඛපාල ග්‍රාම සේවක වසමේ වැල්ලෑව යාලත්ගේකුඹුර ප්‍රදේශයේ පදිංචි කේ.ඩී. එල්. ප්‍රේමකුමාර නමැති 36 හැවිරිදි තිදරු පියා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ඔහුට ප්‍රතිකාර කරන කොළඹ ජාතික වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසීර් මහතා නිර්දේශ කැර ඇත.ඕ වර්ගයේ වකුගඩුවක් ඔහුට බද්ධ කළ යුතුව ඇත.
කොළඹ ජාතික වකුගඩු රෝහලේදී මේ ශල්‍යකර්මය සිදු කළ හැකි වුවත් ප්‍රතිකාරවලට රුපියල් එක්ලක්ෂ පනස්දහසක පමණ මුදලක් වැය වන අතර ගොවිතැන් කටයුතුවලින් ජීවත් වන රෝගියාට මේ සඳහා වත්කමක් නොමැති බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි.
ඕ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියකු සිටී නම් 071 3281178 හෝ 071 7646415 අංකවලට ඇමතිය හැකි අතර මුදල් පරිත්‍යාගයන් පල්ලේබැද්ද මහජන බැංකුවේ 245200170047221 ගිණුමට බැර කළ හැකිය.
0 comments:
Post a Comment