Monday, July 6, 2015

හදවත් රෝගී රුවිනි පබසරා ඔබේ පිහිට පතයි

ලේක්හවුස් ආයතනයේ සේවයේ නියුතු ජයන්ත සේනාරත්නගේ අවුරුදු 4ක් වූ එකම දියණියගේ හදවතේ කර්ණික-කර්ණික බිත්තියේ සිදුරක් (ASD) උපතින්ම ඇති අතර එය වසාදැමීම සඳහා ශල්‍යකර්මයක් කළ යුතු බව වෛද්‍ය නිගමනය වී ඇත.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපති අරමුදල මගින් සපයා ඇති නමුත් ශල්‍යකර්මයෙන් පසු ඖෂධ සඳහා විශාල මුදලක් දැරීමට සිදුව ඇත.

ස්ථිර රැකියාවක නියුතු ඔහුගේ වැටුපෙන් ඖෂධ සඳහා විශාල මුදලක් දැරීමට නොහැක. ඔහුගේ බිරිඳ ද රැකියාවක් නොකරන අතර, ඇයද මෙම රෝගයෙන් පසුවෙයි.

ඇයගේ ශල්‍යකර්මය කිරීමට අවස්ථාවක් නොමැති බව වෛද්‍යවරුන්ගේ අදහසයි. දැනට ඖෂධ වලින් ජීවත්වන ඇය ඉතා අවධානයෙන් යුතුව රැකබලා ගතයුතු තත්ත්වයක් උදා වී ඇත.

මේ සඳහා ඔබගේ ආධාරය බලාපොරොත්තු වෙයි.

ලංකා බැංකුවේ ගිණුම් අංකය - 70466027
කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංකය - 8020016339
දු.ක. 071 80 30 660



0 comments:

Post a Comment

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts