Monday, June 1, 2015

අස­රණ පිය­සෝ­මට ඔබේ සරණ ඕනෑ

අලව්වේ පදිංචි පිය­සෝම චන්ද්‍ර­සිරි මහතා (54) උප­තින්ම ආබා­ධිත අයෙකි. පාද­යෙහි ඇති වී තිබෙන ආබා­ධ­යක් හේතු­වෙන් ඔහුට ඇවි­දී­මට නොහැකි වී තිබේ.

මෙතෙක් කලක් ගම­නා­ග­මන කට­යුතු සඳහා ඔහුට ආධාර කළේ ඔහුගේ රෝද තුනේ බයි­සි­ක­ල­යයි. 

නමුත් දැන් එය අබ­ලන් තත්ත්වයේ පවතී. එහි අලු­ත්වැ­ඩියා කට­යුතු සඳහා රුපි­යල් 85000ක මුද­ලක් වැය වන බව පිය­සෝම මහතා පව­සයි. 

අත්වා­රු­වෙන් දින­මිණ කාර්යා­ලය වෙත පැමිණි පිය­සෝම මහතා තම දුක්ගැ­න­විල්ල පැව­සුවේ ඔබගේ ආධාර උඵ­කා­ර­යක් ලබා­ගැ­නීම සඳ­හාය.

ස්විප් වෙළ­ඳාම කර­ගෙන යන පිය­සෝම මහ­තාට දෛනික ආදා­ය­මක් උප­යා­ගත හැකි වෙනත් රැකි­යා­වක් කිරී­ම­ටද අප­හ­සුය. 

එහෙ­යින් තම සුපු­රුදු රැකි­යාව කර­ගෙන යාමට ගම­නා­ග­ම­නය බාධා­වක් වී තිබේ.

ඔහු තම රෝද තුනේ බයි­සි­ක­ලය අලු­ත්වැ­ඩියා කර­ගෙන යාම සඳහා කාරු­ණික ඔබගේ උප­කාර පතයි. 

පිය­සෝම චන්ද්‍ර­සිරි, වැව­ළඟ ගෙදර, අඹ­ර­පනේ, මාහ­ර­ච්චි­මුල්ල යන ලිපි­නයේ පදිංචි ඒ මහ­තාට ඔබගේ උප­කාර ලබා­දිය හැකි නම් ඒකල කොම­ර්ෂල් බැංකුවේ 8710013769 යන බැංකු ගිණු­මට ඔබගේ ආධාර බැර කළ හැකිය.

ඔහුගේ දුර­ක­ථන අංක 071 1457425 ඇම­තී­මෙන් විස්තර ලබා­ගත හැකිය. 

Monday, May 25, 2015

හෘද රෝගී කුරේගේ හදිසි සැත්ක­මට ඔබේ ආධාර ඕනෑ

කොට්ටාව පන්නි­පි­ටිය,මාලඹේ පාරේ අංක 1626/1A නිවසේ පදිංචි බී එස් එච් කුරේ මහ­තාට (58) හෘද­යා­බා­ධ­ය­කින් වැළදී ඇති බැවින් හදිසි ශල්‍ය­ක­ර්ම­යක් සිදු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය වෛද්‍ය ජය­න්ති­මාලි ජය­ව­ර්ධන මහ­ත්මිය නිර්දේශ කර ඇත.

පෞද්ග­ලික ආර­ක්ෂක අංශ­යක සේවය කරන අත­ර­තුර හෘද­යා­බා­ධය වැළදී රෝහ­ල්ගත කර ඇති කුරේ මහතා අඩු ආදා­ය­ම්ලා­භි­යකු වන අතර ශල්‍ය කර්මය සඳහා රුලි­යල් ලක්ෂ තුනක මුද­ලක් අවශ්‍ය වන බවට දැනුම් දී ඇත.

ජනා­ධි­පති අර­මු­ද­ලින් රුපි­යල් එක්ලක්ෂ පනස් දහ­සක මුද­ලක් කුරේ මහ­තාට ලබා දී ඇති අතර ඉතිරි මුදල් කාරු­ණි­ක­ය­න්ගෙන් බලා­පො­රොත්තු වේ.

කුරේ මහ­තාගේ හෘද සැත්ක­මට ආධාර කිරී­මට කැමැති පින්ව­තුන්  කොට්ටාවේ සෙලාන් බැංකුවේ ගිණුම් අංක 0330-30424762-101 බී එස් එච් කුරේ මහ­තාගේ ගිණු­මට බැර කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටී.

Tuesday, May 19, 2015

යුවනි දැරි­යගේ සැත්ක­මට ඔබේ ආධාර ඕනෑ

කඩ­වත, සූරි­ගම දේවාල පාර අංක  37/14/3 දරන  නිවසේ පදිංචි  යුවනි රුවින්දි  මෙන්ඩිස්  (අවු 12) දැරිය  කොඳු ඇට පෙළේ  ඇද­වී­මක් නිසා සුසු­ම්නාව  අව­හිර වී  හුස්ම ගැනීමේ අප­හ­සු­ව­කින්  පෙළෙයි. 

ඇයට  ප්‍රති­කාර  කරන විශේ­ෂඥ වෛද්‍ය  වසන්ත  පෙරේරා  මහතා  පව­සන්නේ  ඇයව  යථා  තත්ත්ව­යට  පත්කි­රීම සඳහා  සැත්ක­මක් කළ යුතු බවයි. ඒ සඳහා  දාහත් ලක්ෂ විසි­ප­න්ද­හ­සක (1,725,000,00)  මුද­ලක් වැය වන බවත්  වෛද්‍ය­ව­රයා පවසා  ඇත. 

ඇයව  රෝගී  තත්ත්ව­යෙන්  මුදා ගැනී­මට මෙම ශල්‍ය­ක­ර්මය  නව­ලෝක රෝහලේ  දී කළ යුතු  බවත්  ඒ සඳහා හැකි පම­නින්  මුද­ලින්  ආධාර කරන ලෙස  දැරි­යගේ පියා  කාරු­ණි­කව  ඉල්ලී­මක් කරයි. 

හැටන්  නැෂ­නල්  බැංකුවේ  කඩ­වත  ශාඛාවේ  084020008194 ගිණුම් අංක­යට  ආධාර මුදල් බැර  කරන ලෙස  තොර­තුරු  දැන­ගැ­නී­මට  දුර­ක­ථන අංකය  0112975080 අම­තන  ලෙස  පියා ඉල්ලා සිටී.

Monday, May 18, 2015

නවෝද්‍යා පුංචි දිය­ණි­යගේ ජීවි­තය බේරා ­ග­නිමු

පස්යාල, කම්ම­ල්පි­ටිය, දෙවන පාරේ පදිංචි එච්.එම්. චමුදි නවෝද්‍යා ඒක­නා­යක දරුවා ලියු­කේ­මියා රෝගී තත්ත්ව­යෙන් පෙළෙන අතර රෝගය සුව­කර ගැනී­මට ශල්‍ය­ක­ර්ම­යක් සිදු කළ යුතුව ඇත. 

ඒ සඳහා රුපි­යල් ලක්ෂ විසි­ප­හත් තිස්ප­හත් අතර විශාල මුද­ලක් වැය වන බව විශේ­ෂඥ වෛද්‍ය ජී. ගණේ­ශා­න්තන් මහතා ප්‍රකාශ කර ඇත. 

දරු­වාගේ මාපි­යන්ට ස්ථිර රැකි­යා­වක් නොහැති අතර එබැ­වින් එවැනි මුද­ලක් සොයා­ගැ­නීම අසීරු වී ඇති බැවින් රෝගය සුව­කර ගැනීම සඳහා ඔබගේ ආධාර උප­කාර පතයි. 

මහ­ජන බැංකුවේ නිට්ට­ඹුව ශාඛාවේ ගිණුම් අංක 278-2-001-3-4864525 දරන ගිණු­මට මේ සඳහා මුදල් පරි­ත්‍යාග බැර කළ හැකිය.
දු.ක. 0722765316

Sunday, May 17, 2015

වකු­ග­ඩු­වක් පරිත්‍යාග කර ජීවි­ත­යක් බේරා ගනිමු

කඩ­වත, මහර ජින­සේන මාවතේ අංක 354 C, නිව­සෙහි පදිංචි අවු­රුදු 23ක් වය­සැති නිර්මාල් ලේල්වල පුතුගේ වකු­ගඩු දෙකම අක්‍රීය වී ඇත.

එබැ­වින් “ඒ” පොසි­ටිව් (A+)  හෝ “ඕ” පොසි­ටිව් (O+) වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව කොළඹ මාලි­ඟා­වත්තේ පිහිටි ජාතික වකු­ගඩු රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය අනුර හේවා­ගී­ගන මහතා නිර්දේශ කර ඇත.

‍මේ සඳහා “ඒ”පොසි­ටිව්  (A+) හෝ “ඕ”  පොසි­ටිව් (O+) වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කළ හැකි පින්ව­තකු වෙතොත් දුර­ක­තන අංක 011-2927847 හෝ 071-6861000 ට දැනුම් දෙන ලෙස මව ඉතා කරු­ණා­වෙන් ඉල්ලා සිටී.

ප්‍රති­කාර සඳහා ඉතා විශාල මුද­ලක් වැය වන බැවින් ඒ සඳහා පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ ආධාර මහර ශාඛාව, මහ­ජන බැංකු­වෙහි අංක 217 2003 1 4308162 දරන ගිණුම් අංක­යට යොමු කළ හැකිය.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts