Friday, February 7, 2014

වකු­ගඩු සැත්ක­මට පිහිට පතයි

මැදි­රි­ගි­රිය දම්සෝ­පුර පදිංචි ටී. එම්. සමන් බණ්ඩාර නැමැති අය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළේ. ඔහුට රුධි­රය පිරි­සිදු කිරීමේ  ප්‍රති­කා­ර­යෙන් පසුව වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව පොළො­න්න­රුව මහ රොහලේ වකු­ගඩු රෝගී  ඒක­කයේ  විශේ­ෂඥ වෛද්‍ය කීර්ති බංඩාර මහතා නිර්දේශ කර ඇත.

ඔහු වෙත ඉතාම ඉක්ම­නින් B+ සහ O+  වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කිරී­මට අවශ්‍ය හෙයින් වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමති අයකු වෙතොත් ටී. එච්. සමන් බංඩාර, අංක 26, දම්සෝ­පුර, මැදි­රි­ගි­රිය යන ලිපි­න­යට හෝ දු.ක.අ. 0721656163 හෝ දු.ක.අ. 0778980092 වෙත දැනුම් දෙන ලෙස කාරු­ණි­කව ඉල්ලා සිටී.

ඉතාම අඩු ආදා­ය­ම්ලාභී දුප්පත් පවු­ලක් වූ මොවුන් වෙත  ජීව­ත්වීම සඳහා ආධාර කිරී­මට කැමති   පිංව­තුන් හෝ  සැදැ­හැ­ව­තුන් ඇතොත් මැදි­රි­ගි­රිය මහ­ජන බැංකුව ගිණුම් අංක 231-2-001-8-0017429 වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටී.

Monday, January 20, 2014

වකු­ගඩු සැත්ක­මට පිහිට පතයි

 බොර­ලැ­ස්ග­මුව,  වේර­හැර, නො: 333/1 නිවසේ පදිංචි ටෙක්ලා ගයනි තිසේරා (අවු: 26) දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර ඇයට ‘B’ හෝ ‘O වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බවට වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත. ඒ සඳහා පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ පිහිට පතන අතර දුර­ක­ථන අංක:- 0719091926, 0719391194 අම­තන ලෙස ඉල්ලා සිටී.

හද­වත් සැත්ක­මට ඔබේ ආධා­රය පතයි

 කොට­පොළ, ළිඳ­ගා­ව­හේන ලිපි­නයේ පදිංචි තිස් දෙහැ­වි­රිදි එක් දරු මවක් වන පී. එන්.‍ නිලූෂි නාලිකා මහ­ත්මිය දරුණු හද­වත් රෝග­ය­කින් පසුවේ.

ඇය සුව කර ගැනිම සඳහා ඉතා ඉක්ම­නින් හෘද සැත්කම් කළ යුතු බව හෘද රෝග විශේ­ෂඥ වෛද්‍ය නාමල් විජේ­සිංහ මහතා නිර්දේශ කර ඇත. එම සැත්කම් සඳහා රුපි­යල් ලක්ෂ හත­රක පමණ  මුද­ලක් වැයවේ.

ආර්ථික අප­හ­සුතා රැසක් මධ්‍යයේ ජීවත් වන නිලූෂි නාලිකා මහ­ත්මි­යට මේ තරම් විශාල මුද­ලක් එක­වර සොයා ගැනී­මට අප­හසු බැවින් ඒ සඳහා පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ සහාය බලා­පො­රොත්තු වේ.

මේ සඳහා මුදල් පරි­ත්‍යාග කිරී­මට කැමති පරි­ත්‍යා­ග­ශී­ලි­යෙකු වෙතොත් ලංකා බැංකුවේ මොර­වක ශාඛාවේ 75282351 ගිණුම් අංක යටතේ ආරම්භ  කර ඇති ගිණු­මට  හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මොර­වක ශාඛාවේ 1-0090-80-2297-6 ගිණුම් අංක යටතේ ආරම්භ කර ඇති ගිණු­මට යොමු කරන ලෙස දන්වා සිටී.

වකු­ගඩු සැත්ක­මට සහාය වෙන්න

නායක ගුවන් භට­යකු (අවි උප­දේ­ශක) වශ­යෙන් රට වෙනු­වෙන් විශිෂ්ට සේව­යක් සිදු කළ මාතර පඹු­රණ ජය මහ විහාර පාර නො: 52/2 ලිපි­නයේ පදිංචි  වී. පී. ජයන්ත මහතා (52) වසර (1)ක පමණ කාල­යක සිට දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළන අයෙකි.

මේ වන­විට ඔහුගේ වකු­ගඩු දෙකම නරක් වී ඇති නිසා ඔහුගේ ජීවි­තය රැක ගැනීම සඳහා ඉතා කඩි­න­මින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බවට වෛද්‍ය­ව­රුන් විසින්  නිර්දේශ කර ඇති හෙයින් ඔහුගේ ජීවි­තය බේරා ගැනීම සඳහා පින් කැමති පරි­ත්‍යා­ග­ශීලී අයකු  වෙතොත් “ඕ පොසි­ටිව්” වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කරන ලෙස ඉල්ලී­මක් කරනු ලබයි.

මේ සම්බ­න්ධ­යෙන් අංක 041-2220464, 071-3607514 යන දුර­ක­ථන අංක ඔස්සේ අම­තන ලෙස වැඩි­දු­ර­ටත් කාරු­ණි­කව ඉල්ලී­මක් කරනු ලබයි.

Friday, January 10, 2014

චිත්‍ර­පට අධ්‍යක්ෂ සුනිල් සෝම පිරීස්ගේ වකු­ගඩු සැත්ක­මට පිහිට වෙන්න

මහ­ර­ගම වත්තේ­ගෙ­දර පාර, නො:12 නිවසේ පදිංචි චිත්‍ර­පට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන බැවින් වහාම වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බවට වෛද්‍ය­ව­රු  නිර්දේශ කර සිටිති.

ඒ සඳහා ඕ නෙග­ටිව් (O-) හෝ ඕ පොසි­ටිව් (O+) වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බැවින් එම පරි­ත්‍යා­ගය කිරී­මට කැමැති පින්ව­තුන්ගේ පිහිට අපේක්ෂා කරයි. 

වැඩිදුර විම­සුම් සඳහා දුර­ක­තන අංක 077-4921942, 077-5506002, 011- 2843000 අම­තන ලෙස කාරු­ණි­කව ඉල්ලා සිටී.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts