හදවත් සැත්කමට ඔබේ ආධාරය පතයි
කොටපොළ, ළිඳගාවහේන ලිපිනයේ පදිංචි තිස් දෙහැවිරිදි එක් දරු මවක් වන පී. එන්. නිලූෂි නාලිකා මහත්මිය දරුණු හදවත් රෝගයකින් පසුවේ.ඇය සුව කර ගැනිම සඳහා ඉතා ඉක්මනින් හෘද සැත්කම් කළ යුතු බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ මහතා නිර්දේශ කර ඇත. එම සැත්කම් සඳහා රුපියල් ලක්ෂ හතරක පමණ මුදලක් වැයවේ.
ආර්ථික අපහසුතා රැසක් මධ්‍යයේ ජීවත් වන නිලූෂි නාලිකා මහත්මියට මේ තරම් විශාල මුදලක් එකවර සොයා ගැනීමට අපහසු බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහාය බලාපොරොත්තු වේ.
මේ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් ලංකා බැංකුවේ මොරවක ශාඛාවේ 75282351 ගිණුම් අංක යටතේ ආරම්භ කර ඇති ගිණුමට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මොරවක ශාඛාවේ 1-0090-80-2297-6 ගිණුම් අංක යටතේ ආරම්භ කර ඇති ගිණුමට යොමු කරන ලෙස දන්වා සිටී.
0 comments:
Post a Comment