අස්මීර්ට වකුගඩුවක් අවශ්‍යයි
කොල්ලුපිටිය ගාලු පාරේ අංක 143/2 ස්ථානයේ පදිංචි 50 හැවිරිදි එම්. කේ. එම්. අස්මීර් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි.ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා හදිසි වකුගඩු බද්ධ කිරීෙම් සැත්කමකට භාජනය කළ යුතු බව විශේෂඥ වෛද්‍ය සී. ඒ. හේරත් මහතා නිර්දේශ කර තිබේ.
සැත්කමට විශාල වියදමක් යන බැවින් එය තමන්ට පුද්ගලිකව සොයා ගැනීමට අපහසු බව පවසන අස්මීර් මහතා තමන්ට ඒ සඳහා මුදලින් ආධාර කරන මෙන් පරිත්‍යාගශීලීන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ සඳහා දායකත්වය සපයන අය මුදල් කොල්ලුපිටිය කොමර්ෂල් බැංකු ශාඛාවේ අංක 8110029544 ගිණුමට බැර කරන මෙන් ඔහු කරුණාවෙන් ඉල්ලා සිටී.
තවද තමන්ට ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැත්තක් ඇති දානපතියෙක් සිටීනම් ජංගම දුරකථන අංක 0775431450 විමසන ලෙස ඔහු කාරුණිකව ආයාචනා කරයි.
0 comments:
Post a Comment