Wednesday, April 22, 2015

වකු­ග­ඩු­වක් දන් දී ජීවි­ත­යක් බේරා­ ග­නිමු

වකු­ගඩු රෝග­යෙන් අසාධ්‍ය තත්ත්ව­යෙන් පසු­වන රෝගි­යකු සඳහා වහාම වකු­ගඩු බද්ධ කිරීමේ සැත්ක­මක් කළ යුතුව ඇති බවට වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත.

එම සැත්කම සඳහා ඕනෑම ලේ වර්ග­යක අවු­රුදු 40 ට අඩු, බද්ධ කිරීමේ සැත්ක­මට විදේ­ශ­ග­ත­වී­මට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලින් වේ නම් efbee 31@ yahoo.com ජාලය වෙත තොර­තුරු දන්වන ලෙස කාරු­ණි­කව ඉල්ලා සිටී.

වකු­ගඩු රෝගියා පිහිට පතයි

මාකොළ, උතුර අංක 365/1 දරන ලිපි­නයේ පදිංචි මනෝජ් තුෂාර පෙරේරා නැමැත්තා දරුණු වකු­ගඩු ආබා­ධ­ය­කින් පෙළෙනා බැවින් කඩි­න­මින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව කොළඹ මහ රෝහලේ වෛද්‍ය ආර්. ඩී. ලැන­රෝල් මහතා නිර්දේශ කර ඇත.

ඒ සඳහා ඒ බී පොසි­ටිව් (AB+) වර්ගයේ වකු­ග­ඩු­වක් අවශ්‍ය වන අතර,  එවැනි වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමැති පින්ව­තෙකු සිටී නම් දුර­ක­තන අංක 0778966816 ඇම­තිය හැකිය.

හද­වත් රෝගි­ය­කුට ඕ නෙග­ටිව් රුධි­රය අව­ශ්‍යයි

හෙයි­ය­න්තු­ඩුව අංක 691/1 නිවසේ පදිංචි එච්.ඩී. මහින්ද මහතා දරුණු හද­වත් රෝග­ය­කින් පෙළෙන බව විශේ­ෂඥ වෛද්‍ය ගාමිණි රණ­සිංහ මහතා නිර්දේශ කර ඇති අතර ඒ මහතා වෙනු­වෙන් හැකි ඉක්ම­ණින් හද­වත් සැත්ක­මක් කළ යුතු බව පව­සයි. 

රුධි­රය හෙට (24) දින අත්‍යා­වශ්‍ය බවත් මහින්ද මහතා වෙනු­වෙන් ඕ නෙග­ටිව් (O-) වර්ගයේ රුධි­රය පරි­ත්‍යාග කිරී­මට කැමැති පරි­ත්‍යා­ග­ශීලි අය වෙතොත්  0718007490 දුර­ක­තන අංක­යට අම­තන ලෙස දන්වා සිටී.

Monday, April 20, 2015

අක්මාවේ සැත්ක­මට ආධාර කරන්න

වල­පනේ තැඹි­ලි­ගල කනිෂ්ඨ විද්‍යා­ලයේ විදු­හ­ල්පති බී.කේ. උඩු­ව­ලගේ මහතා දැනට වසර හයක පමණ සිට අක්මාවේ සිරෝ­සිස් (ඇල්කො­හොල් රහිත) රෝග­යෙන් පෙළෙයි. 

මෙතෙක් ඖෂධ ලබා ගැනී­මෙන් පාල­නය වූ රෝගය සඳහා මේ වන විට අක්මා බද්ධ­යක් සිදු කිරී­මට අවශ්‍ය බව මහ­නු­වර මහ රෝහලේ අක්මා අන්ත්‍ර පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය උදය කළු­බෝ­විල මහතා නිර්දේශ කර ඇත. මෙම සැත්කම සිදු කළ යුතුව ඇත්තේ ඉන්දි­යාවේ චෙන්නායි හි පිහිටි 'Globle Hospital' හි දීය.

ඒ සඳහා රුපි­යල් කෝටි­ය­කට ආසන්න මුද­ලක් වැය වන අතර අදාළ මුදල් සොයා ගැනීම තමාට අසීරු කට­යු­ත්තක් බවත් ඔහු කියයි. සැත්කම් සහ ඖෂධ වෙනු­වෙන් විශාල මුද­ලක් විය­දම් කිරී­මට සිදුවී ඇත. 

සැත්කම සඳහා අවශ්‍ය ඒ පොසි­ටිව් වර්ගයේ අක්මා­වෙන් කොට­සක් පරි­ත්‍යාග කරනු ලබන්නේ ඔහුගේ භාර්යාව විසිනි. 


ශල්‍ය­ක­ර්මය සඳහා ඔබගේ නොම­සුරු සහ­යෝ­ගය උඩු­ව­ලගේ මහතා කාරු­ණි­කව අපේක්ෂා කරන අතර ඒ සඳහා මූල්‍ය ආධාර ලබා­දෙන්නේ නම් ගම්පල ලංකා බැංකු ශාඛාවේ අංක 77193026 දරන ගිණු­මට බැර කරන ලෙස කාරු­ණි­කව ඉල්ලා සිටී.


විම­සීම් 077 - 9428861 පී.එම්.සී. කුමා­රි­හාමි
077 - 0259039 බී.කේ. උඩු­ව­ලගේ

වකු­ගඩු රෝගි­යාට ඔබේ සහාය ඕනෑ

දිව­යිනේ ප්‍රධාන පෙළේ මුද්‍රිත මාධ්‍ය ආය­ත­න­යක කළ­ම­නා­කාර ධුර­යක් දරන පිළි­ය­න්දල පදිංචි කමල් ද සිල්වා මහතා වකු­ගඩු ආබා­ධ­ය­කින් පෙළෙනා හෙයින් ඒ මහ­තාට කඩි­න­මින් ඒ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර ‍රෝහලේ වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇත.

එම­නිසා ඒ මහ­තාට ඒ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් දීමට කැමති අයකු වෙතොත් පහත සඳ­හන් දුර­ක­ථන අංක­යට අම­තන මෙන් ඉල්ලා සිටී.
දුර­ක­ථන - 071 8154695

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts