Thursday, November 28, 2013

වකු­ගඩු රෝගී රේණුකා ඔබේ සහාය පතයි

මාතර, වල්ගම උතුර සිරි­වි­ජ­ය­ති­ල­කා­රාම මාවතේ පදිංචි කේ. රේණුකා මිය දරුණු වකු­ගඩු ආබා­ධ­ය­කින් පෙළෙයි.

ඉතා ඉක්ම­නින් ඇයට වකු­ග‍ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේ­ශ­යයි. පරි­ත්‍යා­ග­ශී­ලි­ය­කු­ගෙන් කාරු­ණික ඉල්ලී­මක් කරයි. 

දුර­ක­ථන අංක 077-5773576 හෝ 0715604822.

Sunday, November 24, 2013

වකු­ගඩු සැත්ක­මට ඔබේ පිහිට ඕනෑ

අංක 56, බදු­ලු­පුර  ගින්නො­රුව පදිංචි 28 වියැති  ඒ. එම්. නන්ද­සිරි මහ­තාට වකු­ගඩු බද්ධ කිරී­මක් සඳහා O + (ඕ - පොසි­ටිව්) වර්ගයේ  වකු­ග­ඩු­වක්  අව­ශ්‍යව  ඇති  බැවින් පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ පිහිට පතයි.

ඒ සඳහා   0715252022, 0555787592 අම­තන  ලෙස ද  ඉල්ලා  සිටියි.

වකු­ගඩු සැත්ක­මට පිහිට පතයි

පුත්ත­ලම  කට්ට­ක­ඩුව  පදිංචි  වයස  අවු 30 ඩෙනි­සන්  සිල්වා   මහ­තාගේ  වකු­ගඩු  දෙකම  අක්‍රිය වී ඇති   නිසා  වකු­ග­ඩු­වක්   බද්ධ කළ යුතු  බව වෛද්‍ය­ව­රුන්  නිර්දේශ   කර ඇත.   

ඒ සඳහා  අවශ්‍ය O+ (පොසි­ටිව්)  වර්ගයේ   වකු­ග­ඩු­වක්   දීමට  කැමති අයක්  සිටී නම්  මෙම දුර­ක­ථන අංක­ව­ලට    අම­තන ලෙස  ඉල්ලා සිටී.  0779131483 – 0729413152

ප්‍රති­කාර සඳහා   අධික මුද­ලක්  අවශ්‍ය  වන නිසා මුද­ලින්   ආධාර   කිරී­මට  කැමති අය හැටන් නැෂ­නල්  බැංකුවේ   මූල­ස්ථාන  සහ­කාර  ගිණුම්  අංක  00302061774 දරන  ගිණු­මට  මුදල් බැර  කරන ලෙසත්  ඉල්ලා  සිටි.

Monday, November 4, 2013

රෝගී හිරු­ෂාන් තාරු­කට ඔබේ පිහිට ඕනෑ

49/A, පන්සල වත්ත, පට්ටි­ගල බෙර­ල­ප­නා­තර ලිපි­නයේ පදිංචි ජේ හිරු­ෂාන් තාරුක (වයස අවු­රුදු 4යි මාස 08) දරුවා කොඳු ඇට පෙළ ඇද­වීමේ දරුණු රෝග­ය­කට ගොදුරු වී සිටියා.

මේ සඳහා ඉන්දි­යාවේ චෙන්නායි ඇපලෝ රෝහලේ දී සැත්ක­මක් සිදු කළ යුතු බව වෛද්‍ය­ව­රුන් තීර­ණය කර ඇත.

රුපි­යල් ලක්ෂ 15ක පම­ණක් මුද­ලක් වැය වන බැවින් එම මුදල සොයා ගැනී­මට නොහැකි බැවින් කාරු­ණික ඔබගේ ආධාර පතයි.

දරු­වාගේ පියා වන ජේ. මෛත්‍රි­දාස මහතා මැහුම් ආය­ත­න­යක සුළු රැකි­යා­වක නිරත වන අතර ඔහුට එම මුදල සොයා ගැනී­මට නොහැකි වී තිබේ.

ඔබගේ ආධාර මහ­ජන බැංකු ගිණුම් අංක 271200190040509ට හෝ හැටන් නැෂ­නල් බැංකුව 199020022960ට හෝ බැර කළ හැකිය.

Wednesday, October 23, 2013

වකු­ගඩු රෝගියා පිහිට පතයි

කොළඹ - 02 පල්ලිය පාරේ අංක 41 නිවසේ පදිංචි බී.ජී. ප්‍රියන්ති (අවු. 45) මහ­ත්මිය දරුණු වකු­ගඩු ආබා­ධ­ය­කින් පෙළෙයි. 

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා පවසා ඇත්තේ හැකි ඉක්ම­නින් ඕ + වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කරන ලෙසය. 

වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට පරි­ත්‍යා­ග­ශීලී කෙනෙකු සිටී නම් පහත අංක වලට හැකි ඉක්ම­නින් දැනුම් දෙන්න. 071 6882561 / 075 7483466

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts