Wednesday, September 16, 2015

වකු­ගඩු සැත්ක­මට පිහිට වෙන්න

කඳාන තෙරේසා මාවතේ අංක 95/4 දරන ලිපි­නයේ පදිංචි ඊ. එන්. පී. සොයිසා මහතා වකු­ගඩු ආබා­ධ­ය­කින් පෙළෙයි.

ඔහුට ‘ඒ පොසි­ටිව්’ වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත‍.

එවැනි වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමති පින්ව­තකු සිටී නම් 0773054330,  අංක­යට දැනුම් දෙන ලෙස පවුලේ ඥාතීන් ඉල්ලා සිටින අතර එම සැත්කම සඳහා යම් පරි­ත්‍යාග කිරී­මට කැමති පින්ව­තකු සිටී නම් කඳාන කොම­ර්ෂල් බැංකුවේ 8310036497 ගිනු­මට බැර­ක­රන ලෙස ද ඉල්ලී­මක් කරයි.

Thursday, July 30, 2015

වකු­ගඩු රෝගී රසි­කාට ඔබේ අත හිත ඕනෑ

වේය­න්ගොඩ දඩ­ග­මුවේ, 21/72 ලිපිනයේ පදිංචි ඇම්. ඒ. රසිකා සඳ­මාලි මහ­ත්මිය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළේ.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය­ව­රුන් ඒ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කිරී­මට නිර්දේශ කර ඇත.

මැයගේ ස්වාමි පුරු­ෂ­යා­ටද ස්ථිර රැකි­යා­වක් නැත. දැන­ට­මත් කලක් බෙහෙත් කිරීම නිසා සියලු සම්පත් හීනවී ගොස් මහත් අස­රණ තත්ත්ව­ය­කට පත්වී සිටී.

එම නිසා ඇයගේ ජීවි­තය ගලවා ගැනීමේ මහා පින්ක­මට ඔබත් දාය­කවී සඟ­මොක් සුව ලබා­ගන්නා ලෙස ඉතා කාරු­ණි­කව මෙත් සිත් පෙර­ටුව ඉල්ලා සිටී. දු.ක 0711668631.

Monday, July 13, 2015

මටත් ආසයි අම්මේ කියන්න ඒත් මට කතා කර­ගන්න බෑනේ

“මටත් ආසයි අම්මේ කියන්න” ඒත් මට කථා­ක­ර­ගන්න බෑනේ! අවු­රුදු 1 ½ ක් වය­සැති සාරන්‍ය දුවට එහෙම හිතෙ­නවා ඇති අන­න්ත­වත්.

මීග­මුව කටාන කොන්ගො­ඩ­මුල්ලේ 89/2 ලිපි­නයේ පදිංචි ටී. සී. සඳසි සාරන්‍ය දුව උප­තින්ම දෙකන නොඇ­සෙන පුංචි දැරි­යකි.

කථා කිරී­මට නොහැකි බව දැන­ගත් දෙමා­පි­යන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ළමා විශේ­ෂඥ වෛද්‍ය ඒ. ඩී. කේ. එස්. එන්. යස­ව­ර්ධන මහ­තාට පෙන්වූ පසු කරන පරී­ක්ෂ­ණ­ව­ලින් ඇයගේ දෙකන් ආබා­ධය නිසා කථා කිරීම නොහැකි බව දන්වා ඇත.

එමෙන්ම මෙම ආබා­ධ­යට අදාළ ශෛල්‍ය­ක­ර්මය සඳහා ලක්ෂ 30ක මුද­ලක් වැය වන බව  ද දන්වා ඇත.

එදි­නෙදා උප­යා­ගන්නා මුද­ලින් ජීවත් වන ඇයගේ පියා වන දිනේෂ් ප්‍රිය­වංශ මහ­තාට මෙම ශෛල්‍ය­ක­ර්මය සිදු­කි­රී­මට අවශ්‍ය මුදල් සොයා­ගැ­නීම සිහි­න­යකි. එන­මුත් ජනා­ධි­පති අර­මු­දල හරහා ද හිත­ව­තුන් මගින්ද වැඩ­පි­ළි­වෙ­ළක් සකසා ඇති බව ඔහු කියා සිටී. නමුත් මේ වන­තුරු රුපි­ය­ලක හෝ මුද­ලක් එක­තුවී නොමැත.

එසේම ඔහු පව­සන්නේ ශෛල්‍ය­ක­ර්මය කෙරෙන තෙක් මූලි­කව දරු­වාගේ කථන හැකි­යාව වැඩි කර­ගැ­නී­මට 31/1, ලුම්බිණි මාවත, දළු­ගම, කැල­ණිය ලිපි­නයේ ඇති ශ්‍රවණ ළම­යින්ගේ ශික්ෂණ මධ්‍ය­ස්ථා­න­යෙන් (0112 910623) මෙම දරු­වාට හැකි බවත් කථා කිරීමේ පුහු­ණුව ලබා­දිය හැකි බවත් ඒ සඳහා ශ්‍රව­ණා­ධාර උප­ක­ර­ණ­යක් ලබා­ගැ­නී­මට සිදු­වන බවත් පව­සයි.

එම උප­ක­ර­ණය (ලක්ෂ 4ක්) හාර­ල­ක්ෂ­යක මුද­ලක් බවත් කිසි­යම් පින්ව­තකු හෝ ආය­ත­න­යක් විසින් ශ්‍රවණ උප­ක­රණ ලබා දෙන්නේ නම් එය මහත් පිනක් බවයි.

ඇයට ආධාර කිරී­මට ඔබට සිතෙ­න්නේ­නම් ගිණුම් අංක 72027677 (T LD ප්‍රිය­වංශ) ලංකා බැංකුව මීග­මුව (දෙමං­හ­න්දිය) දුර. (077 9696362, 071 3458192) අම­තන්න.

ලක්මා­ලිගේ ජීවි­තය බේරා ගනිමු

පන්නි­පි­ටිය, දෙපා­නම, දේවාල පාර, අංක 416 ලිපි­නයේ පදිංචි එක් දරු මවක් වන ඩබ්ලිව්. කේ. එස්.ලක්මාලි (46) මහ­ත්මි­යට උද­රය ආශ්‍රි­තව  ඇති වී තිබෙන බර­ප­තළ රෝගී තත්ව­යක් සඳහා කඩි­න­මින් සැත්ක­මක් කළ යුතු බව උතුරු කොළඹ මහ රෝහලේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය මහා­චාර්ය කේ.අයි. ඩීන් මහතා නිර්දේශ කර ඇත.

මේ ශල්‍ය­ක­ර්ම­යට හා අනෙ­කුත් ප්‍රති­කාර කට­යුතු සඳහා රුපි­යල් ලක්ෂ විසි පහක පමණ මුද­ලක් වැය වේ.

දීර්ඝ කාල­යක් ඇයගේ රෝගී තත්ව­යට ප්‍රති­කාර කිරීම සඳහා දැන­ට­මත් විශාල මුද­ලක් වැය වී ඇති බැවින් ඇයගේ සැමි­යාට මෙත­රම් මුද­ලක් සොයා ගැනීම අප­හසු කාර්යක් වී ඇති බැවින් පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් ආධාර පතයි.

මේ සඳහා මුදල් පරි­ත්‍යා­ග­යන් මහ­ර­ගම කොම­ර්ෂල් බැංකුවේ ඩබ්ලිව්. කේ.එස්. ලක්මාලි නමින් ඇති ගිණුම් අංක 8180055561 දරණ ගිණු­මට බැර කළ හැකිය.

Sunday, July 12, 2015

They need your help

Fathima Rikkasa, 12 and Fathima Rimasa, 2 have been suffering from blood cancer for the past two years.

Rikkasa has been recommended treatment at the Meenatchy Mission in Tamil Nadu, India.

The treatment will cost Rs. 2.5 million. According to Rikkasa’s father, A. S. Kafoor, a three wheeler driver, he is unable to find money for his child’s treatment.

Kafoor, a father of four is a widower and seeks public assistance to raise funds for his daughter’s cause.

Forward your contributions to Bank of Ceylon, Norochcholai account No. 71449879. For details contact Kafoor on 0723584862.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts