Monday, July 13, 2015

මටත් ආසයි අම්මේ කියන්න ඒත් මට කතා කර­ගන්න බෑනේ

“මටත් ආසයි අම්මේ කියන්න” ඒත් මට කථා­ක­ර­ගන්න බෑනේ! අවු­රුදු 1 ½ ක් වය­සැති සාරන්‍ය දුවට එහෙම හිතෙ­නවා ඇති අන­න්ත­වත්.

මීග­මුව කටාන කොන්ගො­ඩ­මුල්ලේ 89/2 ලිපි­නයේ පදිංචි ටී. සී. සඳසි සාරන්‍ය දුව උප­තින්ම දෙකන නොඇ­සෙන පුංචි දැරි­යකි.

කථා කිරී­මට නොහැකි බව දැන­ගත් දෙමා­පි­යන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ළමා විශේ­ෂඥ වෛද්‍ය ඒ. ඩී. කේ. එස්. එන්. යස­ව­ර්ධන මහ­තාට පෙන්වූ පසු කරන පරී­ක්ෂ­ණ­ව­ලින් ඇයගේ දෙකන් ආබා­ධය නිසා කථා කිරීම නොහැකි බව දන්වා ඇත.

එමෙන්ම මෙම ආබා­ධ­යට අදාළ ශෛල්‍ය­ක­ර්මය සඳහා ලක්ෂ 30ක මුද­ලක් වැය වන බව  ද දන්වා ඇත.

එදි­නෙදා උප­යා­ගන්නා මුද­ලින් ජීවත් වන ඇයගේ පියා වන දිනේෂ් ප්‍රිය­වංශ මහ­තාට මෙම ශෛල්‍ය­ක­ර්මය සිදු­කි­රී­මට අවශ්‍ය මුදල් සොයා­ගැ­නීම සිහි­න­යකි. එන­මුත් ජනා­ධි­පති අර­මු­දල හරහා ද හිත­ව­තුන් මගින්ද වැඩ­පි­ළි­වෙ­ළක් සකසා ඇති බව ඔහු කියා සිටී. නමුත් මේ වන­තුරු රුපි­ය­ලක හෝ මුද­ලක් එක­තුවී නොමැත.

එසේම ඔහු පව­සන්නේ ශෛල්‍ය­ක­ර්මය කෙරෙන තෙක් මූලි­කව දරු­වාගේ කථන හැකි­යාව වැඩි කර­ගැ­නී­මට 31/1, ලුම්බිණි මාවත, දළු­ගම, කැල­ණිය ලිපි­නයේ ඇති ශ්‍රවණ ළම­යින්ගේ ශික්ෂණ මධ්‍ය­ස්ථා­න­යෙන් (0112 910623) මෙම දරු­වාට හැකි බවත් කථා කිරීමේ පුහු­ණුව ලබා­දිය හැකි බවත් ඒ සඳහා ශ්‍රව­ණා­ධාර උප­ක­ර­ණ­යක් ලබා­ගැ­නී­මට සිදු­වන බවත් පව­සයි.

එම උප­ක­ර­ණය (ලක්ෂ 4ක්) හාර­ල­ක්ෂ­යක මුද­ලක් බවත් කිසි­යම් පින්ව­තකු හෝ ආය­ත­න­යක් විසින් ශ්‍රවණ උප­ක­රණ ලබා දෙන්නේ නම් එය මහත් පිනක් බවයි.

ඇයට ආධාර කිරී­මට ඔබට සිතෙ­න්නේ­නම් ගිණුම් අංක 72027677 (T LD ප්‍රිය­වංශ) ලංකා බැංකුව මීග­මුව (දෙමං­හ­න්දිය) දුර. (077 9696362, 071 3458192) අම­තන්න.

0 comments:

Post a Comment

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts