ලක්මාලිගේ ජීවිතය බේරා ගනිමු
පන්නිපිටිය, දෙපානම, දේවාල පාර, අංක 416 ලිපිනයේ පදිංචි එක් දරු මවක් වන ඩබ්ලිව්. කේ. එස්.ලක්මාලි (46) මහත්මියට උදරය ආශ්‍රිතව ඇති වී තිබෙන බරපතළ රෝගී තත්වයක් සඳහා කඩිනමින් සැත්කමක් කළ යුතු බව උතුරු කොළඹ මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය කේ.අයි. ඩීන් මහතා නිර්දේශ කර ඇත.මේ ශල්‍යකර්මයට හා අනෙකුත් ප්‍රතිකාර කටයුතු සඳහා රුපියල් ලක්ෂ විසි පහක පමණ මුදලක් වැය වේ.
දීර්ඝ කාලයක් ඇයගේ රෝගී තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා දැනටමත් විශාල මුදලක් වැය වී ඇති බැවින් ඇයගේ සැමියාට මෙතරම් මුදලක් සොයා ගැනීම අපහසු කාර්යක් වී ඇති බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර පතයි.
මේ සඳහා මුදල් පරිත්‍යාගයන් මහරගම කොමර්ෂල් බැංකුවේ ඩබ්ලිව්. කේ.එස්. ලක්මාලි නමින් ඇති ගිණුම් අංක 8180055561 දරණ ගිණුමට බැර කළ හැකිය.




