Thursday, March 26, 2015

වකු­ග­ඩු­වක් දන් දී ජීවි­තයක් බේරා­ග­නිමු

පැල්පොල,ගල්පාත පදිංචි එම්.ඩී.එස්.සුභා­ෂිනී අබේ­රත්න මිය (අවු.31) දරුණු වකු­ගඩු  රෝග­ය­කින් පෙළෙයි.

එක්දරු මවක් වන ඇයට ඉක්ම­නින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව ජාතික රෝහලේ  වකු­ගඩු රෝග පිළි­බඳ විශේ­ෂඥ ඒ.එල්.එම්.නසාර් මහතා නිර්දේශ කර ඇත.

ඇයට ‘ඕ’ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් දිය හැකි පරි­ත්‍යා­ග­ශීලි අයෙකු වෙතොත් පහත දුර­ක­තන අංක­ව­ලට දන්වන ලෙස කාරු­ණික ඉල්ලී­මක් කරයි.

071-9055757   071 – 8474028

Tuesday, March 17, 2015

වකු­ගඩු රෝගී නදී­රාට පිහිට වෙමු

මීරි­ගම - වේවැ­ල්දෙ­ණිය පහ­ළ­ගම අංක 155/31 ලිපි­නයේ පදිංචි පී.ජී.ආර්.නදීරා දමිත්‍රි ජය­න­න්දන මහ­ත්මිය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙලෙන අතර ඇයට ඉක්ම­නින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත.

33 හැවි­රිදි වියේ පසු වන එක්දරු මවක් වන නදීරා දමිත්‍රි ජය­න­න්දන මහ­ත්මි­යට අවශ්‍ය A+ ,O+ වර්ගයේ වකු­ග­ඩු­වක් ලබා දිය හැකි පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වේ නම් 071-5137242 / 077-6906981 දුර­ක­තන අංක­ව­ලට දැනුම් දිය හැකිය.

නදීරා දමිත්‍රි මහ­ත්මි­යගේ වෛද්‍ය ප්‍රති­කාර සඳහා විශාල මුද­ලක් වැය­වන බැවින් ඒ සඳහා ආධා­රද පරි­ත්‍යා­ග­ශී­ලි­න්ගෙන් බලා­පො­රොත්තු වෙයි.

වකු­ගඩු රෝගී මවට ඔබේ ආධාර පතයි

අම්බ­ල­න්තොට, බැර­ගම,  ගල්වැව අංක 334/1 ලිපි­නයේ පදිංචි ජේ.එල්.ඒ. සුනීතා මහ­ත්මිය  (අවු 29)  දරුණු වකු­ගඩු  රෝග­යෙන් පීඩා  විඳියි. 

දෙදරු  මවක්  වන ඒ මහ­ත්මි­යගේ ජීවි­තය  බේරා­ගැ­නී­මට කඩි­න­මින් ‘ඕ’ පොසි­ටිව් වර්ගයේ හෝ  ‘ඕ’ නෙග­ටිව්  වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව හම්න්තොට  රෝහලේ වෛද්‍ය සී.ආර්. කුල­තුංග මහතා නිර්දේශ කර  තිබේ.

වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමැති අයෙකු වෙතොත්  0715992883  හා  0710957186 දුර­ක­තන අංක­ව­ලට  අම­තන ලෙස  ඉල්ලී­මක්  කෙරේ.

Sunday, March 15, 2015

සිඟිති දිය­ණි­යගේ හෘද සැත්ක­මට ඔබේ සහාය පතයි

හුංගම,  මුලන, පළමු පටු­මඟ,  අංක 173/1, ලිපි­නයේ පදිංචි  මාස හයක් වය­සැති ජනුල්  පහන්යා රත්නා­යක සිඟිති  දිය­ණිය   උප­තින්ම දරුණු  හෘද­යා­බාධ තත්ව­යෙහි පසුවේ.

මෙම හෘද රෝගී තත්ත්වය  හේතු­වෙන් දිය­ණි­යට වයස   අවු­රු­ද්දක් වීමට ප්‍රථම ශෛල්‍ය  කර්ම­යක්  සිදු කළ යුතු බව ශෛල්‍ය  වෛද්‍ය  කාංචන සිංග­ප්පුලි  මහතා  ප්‍රකාශ කරයි. 

මෙම සැත්කම සඳහා  රුපි­යල්  හත් ලක්ෂ පනස්  දහ­සක (රු: 750,000/=) පමණ මුද­ලක් වැය  වේ. 

මේ තරම් විශාල මුද­ලක්  සොයා  ගැනී­මට ජනුල්  පහ­න්යාගේ මවු­පි­යන්ට  හැකි­යා­වක්  නොමැති බැවින් පරි­ත්‍යා­ග­ශීලී   ඔබගේ සහය පතයි. 

මේ සඳහා මුදල්  පරි­ත්‍යාග   කිරී­මට  කැමැති  පරි­ත්‍යා­ග­ශී­ලි­යෙකු  ඇතොත්  මහ­ජන බැංකුවේ මාතර උය­න්වත්ත ශාඛාවේ 032 2 003 4 0022743 ගිණුම් අංක යටතේ දරු­වාගේ  මව වන සඳු­නිකා  පියු­මාලි ගිංතොට හේවා විතා­ර­ණගේ නමින් ආරම්භ කර ඇති ගිණු­මට යොමු කරන ලෙස ඉල්ලා සිටී.  

වැඩි­දුර  විස්තර  077-9575718   / 041 – 2288880 යන  දුර­ක­ථ­න­යට අමතා ලබා  ගත හැකිය.

අල්විස්ට පිහිට වෙන්න

කිරි­බ­ත්ගොඩ, සමු­ප­කාර නිවාස ක්‍රමයේ අල්විස් නමැති අය වකු­ගඩු රෝග­ය­කින් පෙළේ. 

ඔහුට AB පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේ­ශ­යයි. 

පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වේ නම් දුර­ක­ථන 0779158191ට අම­තන මෙන් කාරු­ණි­කව ඉල්ලා සිටිමු.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts