Wednesday, March 5, 2014

දෙහි­අ­ත්ත­ක­ණ්ඩියේ සිව්දරු පියාට පිහිට‍ෙවන්න


දෙහි­අ­ත්ත­ක­ණ්ඩියේ සම­න­ල­තැන්න අංක 117 නිවසේ පදිංචි ලිය­න­ආ­ර­ච්චිගේ ප්‍රේම­දාස මහතා පසු­ගිය වසරේ සිට දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළේ.

ඔහුගේ පුත­නු­වන් ද වකු­ගඩු රෝග­යට ගොදු­රුව ප්‍රති­කාර ගනි­මින් සිටියි. දැනට වකු­ගඩු රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය ඊ. එම්. ඊ. කීර්ති බණ්ඩාර මහ­තා­ගෙන් ප්‍රති­කාර ලබා ගනී.

වෛද්‍ය ප්‍රති­කාර සඳහා පින්වත් ඔබ සැමගේ සහ­යෝ­ගය බෙහෙ­වින් අව­ශ්‍යව ඇත. ඒ සඳහා පිහි­ටුවා ඇති බැංකු ගිණු­ම්ව­ලට මුදල් තැන්පත් කර මේ පවු­ලට සහ­යෝ­ගය දැක්විය හැකි වේ.

ගිණුම් අංක 7179006 ලංකා බැංකු ශාඛාව දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය හෝ 112200160057885 මහ­ජන බැංකුව තෙල්දෙ­ණිය.

වැඩි විස්තර සඳහා හංවැල්ලේ රත­න­සිරි හිමි, සමිද්ධි සුමන විහා­රය, සිංහල ගම්මා­නය නාව­ක්කුලි - කයි­තඩි, යාප­නය 0713708537 අම­තන්න.

Monday, February 24, 2014

වකු­ගඩු රෝගි­යාට ආධාර කරන්න

බළ­න්ගොඩ  කිරි­ඳි­ගල දේහ­පි­ටිය අංක 764හි පදිංචි  දක්ෂ ලී කැට­යම් ශිල්පී චන්දන ප්‍රශන්ත ගුණ­ව­ර්ධන 44 දරුණු වකු­ගඩු රෝග­යෙන්  පෙළෙ­මින් සිටී.

මේ අයගෙ ජීවි­තය  බේරා­ගැ­නී­මට   වකු­ග­ඩු­වක් බද්ධ කිරී­මට සිදුව ඇති බවත්  දින තුන­කට වරක්  වකු­ගඩු  ලේ පිරි­සිදු කිරී­මට තිබෙන බවත්  කුරු­ණෑ­ගල ජාතික රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය එස්. මාතු මහතා පව­සයි. 
මොහු‍ගේ  බිරිය වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග  කිරී­මට    කැමැත්ත පළ­ක­රයි.

එක්දරු පියෙකු වන  මොහුගේ බිරි­යට ද රැකි­යා­වක්  ද නැත. 
විශාල මුද­ලක් විය­දම් කිරී­මට සිදුව තිබෙන නිසා පරි­තා­ග­ශී­ලී­න්ගෙන් එම මුදල ලබා­ග­න්නට  සිදුව තිබේ.  

එසේ ලබා­දෙන  මුදල් බළ­න්ගොඩ   ලංකා බැංකුවේ  අංක 71545409 ගිණු­මට බැර කරන ලෙසත්  වැඩි විස්තර දුර­ක­ථන අංක 0756013875 ඇම­තී­මෙන් ලබා­ගත හැකිය.

වකු­ග­ඩු­වක් දන් දී ජීවි­ත­යක් බේරා ගනිමු

මාතර කළු­බෝ­වි­ටි­යන  මහ විදු­හලේ 11 වැනි වසරේ ඉ‍ෙග­නුම ලබන  වයස අවු­රුදු 16ක් වන  ඩබ්ලිව්. ජී.  අසේල   ප්‍රිය­ද­ර්ශන පාසල් ශිෂ්‍යයා   දරුණු  වකු­ගඩු රෝග­ය­කින්  පෙළෙන අතර දැන­ට­මත් 80%ක් පමණ  වකු­ග­ඩු­වල අක්‍රි­ය­තා­වක් ඇති බැවින්  ඉක්ම­නින්ම  ඔහුට  වකු­ගඩු යුග­ළ­යක්   බද්ධ කළ  යුතුව  ඇත.  

එබැ­වින්  එක් වකු­ග­ඩු­වක් හෝ  ලබා­දී­මට කට­යුතු කරන පින් කැමැති උතු­මකු අස­රණ  මවු­පියෝ බලා­පො­රොත්තු වෙති. දුර­ක­ථ­නය - 0915784286 හා 0719142598.      ලිපි­නය ඩබ්ලිව්. ජී. අජිත්, අඟු­රු­මැ­ලේ­විල, හල්වි­ටි­ගල ජන­ප­දය,  දාම්මල.

Friday, February 21, 2014

වකු­ගඩු සැත්ක­මට පිහිට පතයි

නො. 105/2, දංවි­ලාන, වේය­න්ගොඩ ලිපි­නයේ පදිංචි ඉරේෂා එදි­රි­සිංහ (30) මෙ‍නවි­යට “0” (ඕ) රුධිර ගණයේ වකු­ග­ඩු­වක් ඉක්ම­නින් බද්ධ කළ යුතුව ඇත. 

ඇගේ ජීවි­තය බේරා­ගැ­නී­මට වකු­ග­ඩු­වක් ලබා­දි­මට කැමති  පරි­ත්‍යා­ග­ශී­ලීන් වෙතොත් කඩි­න­මින් පහත දුර­ක­තන අංක­වෙත දන්වන ලෙස මාපියෝ කාරු­ණි­කව ඉල්ලා සිටිති.

0717072108, 0717069800, 0332290367.

Wednesday, February 12, 2014

තිදරු පියාගේ ජීවි­තය බේරා­ග­නිමු

තංගල්ල  නොටො­ල්පි­ටියේ පදිංචි චන්ද්‍ර ලලිත් ජය­වීර මහතා වස­රක පමණ කාල­යක සිට ආමා­ශයේ දරුණු පිළිකා රෝගී තත්ව­ය­කින් පෙළෙන අතර ශල්‍ය­ක­ර්ම­ය­කට ද භාජ­නය කර ඇත.

ඔහු දැනට මහ­ර­ගම පිළිකා රෝහලේ අංක 17 වාට්ටුවේ විශේ­ෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණ­සේ­කර මහතා යටතේ ප්‍රති­කාර ලබ­මින් සිටී.

ඖෂධ එන්නත් සඳහා විශාල මුද­ලක් වැය­වෙන බැවින් පාසල් යන දරු­වන් තිදෙ­නෙ­කුගේ පියකු වන ජය­වීර මහ­තාට ප්‍රති­කාර සඳහා සහ­යෝ­ගය ලබා දී මේ පුණ්‍ය කර්ම­යට සහය වී ඔහුගේ දිවි රැක­ගැ­නී­මට උප­කාරී වන මෙන් ඔහු ඉල්ලා සිටී.

ඔබගේ පරි­ත්‍යා­ගය ලංකා බැංකුවේ තංගල්ල ශාඛාවේ ගිණුම් අංක 3407587ට බැර­ක­රන ලෙස ජය­වීර මහතා කාරු­ණි­කව ඉල්ලා සිටි. දුර­ක­ථන අංක 071 7591159

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts