උපතින්ම ශ්‍රවණාබාධිත සචිර සිඟිති පුතුට ඔබේ සහාය පතයි
දෙනියාය, ඕලකුඹුර, ලිපිනයේ පදිංචි එස්. කේ. කේ. නිමල් වීරරත්න මහතාගේ අවුරුදු දෙකයි මාස හයක් වයසැති සචිර නිශාන් නැමති දරුවා උපතින්ම ශ්‍රවණාබාධිත තත්ත්වයෙහි පසුවේ.මෙම සිඟිති දරුවාට කන් ඇසීම ලබාදීම ශ්‍රවණ උපකරණයක ආධාරයෙන් කළ හැකි බව වෛද්‍යවරු පවසා ඇත. ඒ සඳහා අවශ්‍ය ශ්‍රවණ උපකරණ යුගලය සඳහා රුපියල් තුන්ලක්ෂ හැත්තෑදහසක් වැය වන බව වෛද්‍යවරුන් පවසති.
දරුවාගේ පියාටද ස්ථිර රැකියාවක් නොමැති බැවින් මෙතරම් විශාල මුදලක් සොයා ගැනීම මොවුන්ට අපහසු වී ඇත. මේ සඳහා ඔවුන් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය අපේක්ෂා කරයි.
මේ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු ඇතොත් සම්පත් බැංකුවේ දෙනියාය ශාඛාවේ 101450076954 ගිණුම් අංක යටතේ දරුවාගේ පියා වන එස්. කේ. කේ. එන්. වීරරත්න නමින් ආරම්භ කර ඇති ගිණුමට හෝ මහජන බැංකුවේ දෙනියාය ශාඛාවේ 207-087640-8 ගිණුම් අංක යටතේ දරුවාගේ පියා වන එස්. කේ. කේ. නිමල් වීරරත්න නමින් ආරම්භ කර ඇති ගිණුමට යොමු කරන ලෙස ඉල්ලා සිටී.
(වැඩිදුර තොරතුරු දරුවාගේ පියා වන නිමල් වීරරත්න මහතාගේ 077 – 3128127 යන දුරකථන අංකය අමතා ලබාගත හැකිය.

