වකුගඩු රෝගී මල්ලිකාගේ ජීවිතය ඔබේ අතේ
මාකේවිට ජාඇළ අංක 170E ලිපිනයේ පදිංචි එලිවිට මුදියන්සේලාගේ මල්ලිකා එලිවිට මහත්මිය (50) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා මේ දෙදරු මවට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බවට නිර්දේශ කර ඇත.
එබැවින් ‘A’හෝ ‘O’ රුධිර වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතකු වෙත්නම් පහත සඳහන් ලිපිනයට දන්වා එවන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටී. ඊ. එම්. එම්. එලිවිට, අංක 170E , මාකවිට , ජාඇළ , දුරකථන අංකය -033 5710320, 071 - 3129624


