වකුගඩු රෝගී ඔහුට පිහිට වන්න
මැදිරිගිරිය දිවුලංකඩවල දියවර ගම්මානයේ අංක 80 නිවසේ පදිංචි ඩබ්. එච්. එම්. ධර්මරත්න මහතා 93%ක්ම වකුගඩු දෙකම දියවී ඇති දරුණු ලෙස වකුගඩු අමාරුවෙන් පීඩා විඳින අයෙකි. ඒ බව න්නරුව මහ රෝහලේ වකුගඩු සායනයේ වෛද්‍යවරයා
නිගමනය කර ඇත.
ඔහු දරුවන් හතරදෙනකුගේ පියෙකි. පවුල නඩත්තු කිරීමට බිරිඳ කුලී වැඩ කරයි. ඔවුන්ට ස්ථිර ආදායමක් නැත.
ඔහු ජීවත්කරලීමට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය වාර්තාව නිරිදේශ කරයි.
ඔහුට වකුගඩුවක් ලබා දෙන ලෙසත් ඔවුන්ගේ පවුල ජීවත් වීමට ආධාරයක් ලබා දෙන ලෙසත් ඔහු ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. දුරකථන අංකය 0714016754.
මැදිරිගිරිය මහජන බැංකු ගිණුම් අංකය 23120016006002.


