Friday, May 15, 2015

වකු­ගඩු රෝගි­යාට ඔබේ සහාය ඕනෑ

මහනුවර ලේවැල්ල පාරේ අංක 43 ලිපිනයේ එච්.එම්.එස්.ටී.‍ බණ්ඩාර දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි. 

ඔහුගේ රුධිරය පිරිසිදු කිරීම හා ඖෂධ ආදිය සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවෙයි. ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ඔහු ඒ සඳහා මහජන ආධාර පතයි. 

මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ 003200120057794 ගිණුමට මූල්‍යාධාර ලබාදිය හැක. ඉහත ලිපිනයෙන් හෝ 0718167463 දුරකථනයට ඇමැතීමෙන් වැඩි විස්තර ලබාගත හැක.

පිහිටවන්න

වරකාපොල, දොරවක, කුකුල්පනේ පදිංචි ප්‍රියංකා විජේසිරි ශිෂ්‍යාව මොලයේ හටගත් රෝගී තත්ත්වයෙන් මුදා ගැනීමට රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් වැය කොට ඉතා ඉක්මනින් සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරු පවසති.

මීට වසර 11 කට පෙර තම පියා මිය යාමෙන් ප්‍රියංකා විජේසිරි ශිෂ්‍යාව මේ වනවිට ස්ථිර රැකියාවක් නොමැති අම්මා සමඟ අසරණව ජීවත් වෙයි.

මොලයේ සැත්කමට විශාල මුදලක් වැය වන අතර එවැනි මුදලක් සොයා ගැනීම ඔවුන්ට ඉතා අසීරු කාර්යයක් බැවින් මේ මුදල සොයා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් උපකාර බලාපොරොත්තුවෙන් ප්‍රියංකා ශිෂ්‍යාවගේ නමින් වරකාපොල සම්පත් බැංකුවේ ගිණුම් අංක 120554783900 ගිණුමක් ආරම්භ කර ඇත.

මේ ශිෂ්‍යාවගේ ජීවිතය සුවපත් කිරීමට උදව් වන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඇයගේ මව වන කමලාවතී මහත්මිය කාරුණිකව ඉල්ලීමක් කර සිටී.

Thursday, May 14, 2015

වකු­ගඩු රෝගි­යාට ඔබේ සහාය ඕනෑ

මාතර, ඌරු­ග­මුව, වේහැල්ල ලන්දෙ කඩේ අංක 256 ලිපි­නයේ පදිංචි ඒ.ආර්. අනෝමා මහ­ත්මිය (55) දරුණු වකු­ගඩු රෝග­ය­කින් ‍පීඩා විඳියි.

එම මහ­ත්මි­යගේ ජීවි­තය බේරා ගැනී­මට 'ඕ' පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව ගාල්ල කරා­පි­ටිය රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය නදීකා රත්න­ම­ලල මහ­ත්මිය නිර්දේශ කර තිබේ.

අසාධ්‍ය තත්ත්වයේ පසු­වන එම මහ­ත්මි­යට වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමති අයෙකු වෙතොත් පහත සඳ­හන් දුර­ක­ථන අංක­ව­ලට අම­තන ලෙස ඉල්ලී­මක් කෙරේ.

දුර­ක­ථන අංක 077 5464138 / 077 8928790

Sunday, May 10, 2015

වකු­ගඩු රෝගි­යාට පිහිට වෙමු

නො. 165/D, මර­දාන පාර, මොර­ගල්ල, බේරු­වල ලිපි­නයේ පදිංචි එන්.එම්. ජය­රත්න නැමැත්තා වකු­ගඩු රෝග­ය­කින් පෙළෙයි. 

ඔහුට  O+ වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව මාලි­ගා­වත්ත වකු­ගඩු රෝහලේ වෛද්‍ය අනුර හේවා­ගී­ග­නගේ මහතා නිර්දේශ කර ඇත.

එබැ­වින් එවැනි වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට  කැමැති පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වෙතොත් පහත දුර­ක­තන අංක­යන්ට දැනුම් දිය හැකිය.

දුර­ක­තන අංක - 0776947276 / 0719041387

Tuesday, May 5, 2015

වකු­ගඩු රෝගියා පිහිට පතයි

ජේ. 6/23, දාබරේ මාවත,  නාරා­හේ­න්පිට, කොළඹ 5  ලිපි­නයේ   පදිංචි  එච්.  එස්. ඒ. සමන් ශ්‍රීලාල් (51)  නැමැත්තා  අසාධ්‍ය  වකු­ගඩු  රෝග­ය­කින්  පෙලෙයි.

ඔහුට ‘ඕ’ වර්ගයේ  වකු­ග­ඩු­වක්   බද්ධ කළ යුතු බව  ශල්‍ය වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. එම වර්ගයේ  වකු­ග­ඩු­වක්  පරි­ත්‍යාග කිරී­මට කැමැති පරි­ත්‍යාග කිරී­මට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලීන් වෙතොත්  0729666911 දුර­ක­තන  අංක­යට ඇමැ­තිය හැකිය.

මේ සඳහා මුදල් පරි­ත්‍යා­ග­යන් කොළඹ 5 ජාතික  ඉතිරි කිරීමේ බැංකුවේ 100640283762 ගිණුම් අංක­යට බැර කළ හැකිය.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts