Wednesday, June 11, 2014

ස්ටැන්ලි ද අල්විස්ට කඩි­න­මින් පිහිට වෙන්න

ප්‍රවීණ සිනමා  සංස්ක­රණ ශිල්පී ස්ටැන්ලි ද අල්විස් මහතා වකු­ගඩු අක්‍රීය වීමේ  රෝගී තත්ත්වය  යටතේ මේ වන­විට  ජය­ව­ර්ධ­න­පුර  රෝහලේ  ප්‍රති­කාර ලබ­මින් සිටී.

දැනට ඒ මහ­තාට  සති­ය­කට  දෙව­රක් රුධිර  පාර­වි­ල­නය  ලබා­දී­මට  සිදුවී ඇත. ඔහුට නිර්දේශ  කර ඇති වකු­ගඩු බද්ධය සඳහා “ඕ පොසි­ටිව්” වර්ගයේ වකු­ග­ඩු­වක් ද අවශ්‍ය  වී ඇත.

විශේ­ෂ­යෙන් ස්ටැන්ලි ද අල්විස්  මහ­තාට බද්ද කිරී­මට  සුදුසු “ඕ පොසි­ටිව්” වර්ගයේ  වකු­ග­ඩු­වක්  පරි­ත්‍යාග කිරී­මට  කැමැති පුද්ග­ල­යෙක් සිටී නම් ඒ සඳහා  ඉදි­රි­පත් වන ලෙස  සංස­දය කාරු­ණික  ඉල්ලී­මක් කර සිටී.  සියලු  පරි­ත්‍යාග ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ  ස්ටැන්ලි ද  අල්විස් මහ­තාගේ 100532016087 දරන ගිණු­මට බැර කරන ලෙස ද ශ්‍රී ලංකා  සිනමා අධ්‍ය­ක්ෂ­ක­ව­රුන්ගේ සංස­දට සිය­ලුම පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් ඉල්ලී­මක් කර සිටී. ස්ටැන්ලි ද අල්විස් මහ­තාගේ  දුර­ක­ථන අංක 0112 848974 හා  0714 947105 වේ.

සැත්ක­ම­කින් පසු ආබා­ධිත වූ කුමා­රිට පිහිට වන්න

මැද මහ­නු­වර, වෑගල, මීග­හ­ම­ඩිත්ත, අංක 96/1 ලිපි­නයේ පදිංචි නදීකා කුමාරි දස­නා­යක දිය­ණිය ආබා­ධිත තත්ත්ව­යට ලක්ව සිටි­න්නීය. වයස අවු­රුදු 27 ක් වන ඇයට උකුල් ඇටයේ සැත්ක­මක් සිදු කිරී­මෙන් පසුව ආබා­ධිත තත්ව­යට ලක් වන්නට සිදු විය.

මැද මහ­නු­වර ඉප­දුණු නදී­කාට ප්‍රති­කාර ලබා ගැනීම සඳහා ඇගේ මව ඇය හර­හට වඩා­ගෙන මීටර් 300 පමණ පහ­ළට බසි­න්නීය. එවිට මවගේ දෑස්වල කඳුළු නලි­යන බවත් ඒ කඳුළු දකින විට තමාගේ හද­ව­තට තද වේද­නා­වක් දැනෙන බවත් නදීකා පව­ස­න්නීය.


පාර මට්ට­මින් තිබෙන ඉඩ­මක නිව­සක් සාදා ගැනී­මට උදව් කරන ලෙස නදීකා පරි­ත්‍යා­ග­ශී­ලි­න්ගෙන් ඉල්ලී­මක් කරයි. 
තමාගේ මේ අහිං­සක කතාව දැක තමාට ප්‍රති­කාර ලබා­දී­මට හැකි මිහි­පිට වෛද්‍ය­ව­ර­යකු ඉදි­රි­පත් වේවායි ඇය අහිං­සක ප්‍රාර්ථ­නා­වක් කරයි.

ඇයට නිව­සක් තනා දීමට කැමැ­ත්තක් දක්වන පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වේ නම් නදීකා කුමාරි නමින් තෙල්දෙ­නිය ලංකා බැංකුව ශාඛාවේ ආරම්භ කර ඇති 73999111 හෝ 75549084 ගිණුම් අංක­යන්ට ඔබගේ මුදල යොමු කරන ලෙස නදීකා ඉතා කාරු­ණි­කව ඉල්ලා සිටියි.

මේ සම්බ­න්ධ­යෙන් 0729003729, 0779518927, 0713813227 දුර­ක­ථන අංක­ය­කට කතා කිරී­මෙන් වැඩි විස්තර දැන ගැනී­මට හැකි ය.

වකු­ගඩු සැත්ක­මට පිහිට පතයි

රත්න­පුර උඩ­නි­රි­ඇල්ල, මැණි­ක්දෙ­ණිය පදිංචි විශ්‍රා­මික ගුරු­භ­ව­තකු වන ඩබ්. ඇම්. ජගත් බණ්ඩාර මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන හෙයින්, ඔහුට “ඕ” පොසිට්ව් ( ‘O’+ ) වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ද කළ යුතු බවට  විශේ­ෂඥ වෛද්‍ය චින්තන ගල­හි­ටි­යාව මහතා නිර්දේශ කර ඇත.‍ 

අංක 108A නාග­ස්තැන්න, මහ­නු­වර ලිපි­න­යට දන්වන ලෙසත් 071 – 7513132/ 071- 6794068 දුර­ක­ථන අංක­ව­ලට අම­තන ලෙසත් කාරු­ණි­කව ඉල්ලා සිටී.

Wednesday, June 4, 2014

වකු­ගඩුවක් දන් දී ජීවිතයක් බේරාගන්න

බුල­ත්සිං­හල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මහ­ගම අර­ඹ­කන්දේ පදිංචි ජී. චන්ද්‍රා කුසු­ම්සිරි මහ­ත්මිය මාරා­න්තික වකු­ගඩු රෝග‍ය­කින් පෙළෙයි.

මහ­නු­වර රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය නිශාන්ත නානා­ය­ක්කාර මහතා ඇගේ ජීවි­තය බේරා ගැනී­මට ඒ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් අවශ්‍ය බව වෛද්‍ය වාර්තාවේ සඳ­හන් කරයි. 


ඇයගේ ජීවි­තය ‍බේරා ගැනී­මට වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කරන ලෙස ‍ඉල්ලීමක් කරයි. බුල­ත්සිං­හල ලංකා බැංකුවේ ගිණුම් අංක 75633317 ගිණු­මට ඔබේ පරි­ත්‍යාග ලබා­දෙන්න.


වකු­ගඩු රෝගියා පිහිට පතයි

කළු­තර කල­මුල්ල බඩ­ල්පොල අංක 450හි පදිංචි ජී.ඩී. ගාමිණී ලක්ෂ්මන් මහතා වකු­ගඩු ආබා­ධ­ය­කින් අසා­ධ්‍යව සිටී.

ඔහුගේ ජීවි­තය බේරා ගැනීම සඳහා O පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් අව­ශ්‍යව ඇති බැවින් ඒ සඳහා පරි­ත්‍යා­ග­ශී­ලි­යෙ­කුගේ සහාය පතයි.

O පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමැති අයෙකු වෙතොත් දුර­ක­ථන අංක 077 - 3267997 071 - 6174440 හා 0715444491 වෙතින් විම­සන ලෙස ඒ මහතා කාරු­ණික ඉල්ලී­මක් කරයි.