සෙවුමිණි දියණිය සුවපත් කරමු
තෙලිජ්ජවිල, ඇල්ගිරිය, නිශාන් ලිපිනයේ පදිංචි අවුරුදු හතරක් වයසැති තීක්ෂණා සෙවුමිණි සිඟිති දියණියගේ හදවතේ සිදුරක් ඇති බැවින් ඇය සුව කිරීමට ශල්‍යකර්මයක් සිදු කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.මේ සඳහා රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක (175000) මුදලක් වැය වන බවට වෛද්‍යවරු පවසා ඇති නමුත් ඇයගේ මව්පියන් සතුව එපමණ මුදලක් නොමැති නිසා එම මුදල සොයා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය අපේක්ෂා කරයි.
මේ ශල්‍යකර්මය සිදු කර සිඟිති තීක්ෂණාගේ ජීවිතය බේරා ගැනීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙතොත් ලංකා බැංකුවේ අකුරැස්ස ශාඛාවේ 4010777 ගිණුම් අංකයට මුදල් බැර කරන ලෙස ඉල්ලීමක් කෙරේ.
මෙම ගිණුම තීක්ෂණාගේ පියා එස්. දන්තනාරායන නමින් ආරම්භ කර තිබේ. 0776214954 දුරකතනයෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.


