පුංචි දරුවාට ඔබේ පිහිට ඕනැ
අලව්ව කොහොලාන අංක 81/1 හි පදිංචි ගගන සංඛජිත් සුගතදාස දරුවා උපතින්ම දරුණු හෘදයාබාධයකින් පෙළෙයි. ඔහුට සුවය ලබා දීමට නම් සැත්කම් හතරක් කළ යුතු බවත් එම හෘදයාබාධය සුව කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පහසුකම් නොමැති නිසා ඉන්දියාවේ සිදු කිරීම ආරක්ෂාකාරී බව එම දරුවාට ප්‍රතිකාර කරන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග විශේෂඥවරයා නිර්දේශ කර ඇතැයි ඔහුගේ මව වන ඩී. ඒ. මංජුලා විජේවර්ධන මහත්මිය පවසයි.
මේ දරුවාට ඉන්දියාවේ එම්. එම්. එම්. රෝහලේ දී ශල්‍ය කර්මයක් සිදු කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 7500ක් වැය වන බවත් එම විශාල මුදල පෞද්ගලිකවම සොයා ගැනීමට නොහැකි නිසා පරිත්‍යාගශීලීන්ගේ ආධාර අපේක්ෂා කරන බවත් මංජුලා විජයවර්ධන මහත්මිය පවසයි.
තම දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ආධාර කරන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එවනු ලබන ආධාර ලංකා බැංකුවේ අලව්ව ශාඛාවේ ගිනුම් අංක 75317192 ට යොමුකරන ලෙස ඇය ඉල්ලීමක් කරයි. මේ සඳහා අවශ්‍ය විස්තර දුරකතන අංක 071-2148076 071-8240439 වෙතින් දැනගත හැකිය.


