වාසනා කුමාරිට ඔබේ පිහිට ඕනෑ:
ජීවිතේට එල්ලවෙන බාධක මොනතරම් නම් කටුක වුණත් අපට මේ ලෝකේ ජීවත්වෙන්නට සිද්ධ වෙනවා.
ඒක ඔබට අපට කාටත් උරුමයි. හැබැයි සමහරු ජීවිතේට එන ප්‍රශ්න එක්ක හැප්පිලා අන්ත අසරණව දුක් විඳිනවා අපට මේ සමාජයේ ඕන තරම් මුණ ගැහිලා තියෙනවා.
අද අපි කියන්න යන කතාවේ දිග්ගල හීංවැල්ල අටාල පදිංචි අජිත් කුමාරගේ පවුලේ උදවියත් ඒ අසරණකමේ ආගාධයටම ඇද වැටිලා.
අජිත්ගේ ආදරණීය වැඩිමහල් දෝණි ගෞරි වාසනා කුමාරි මේ පවුලට වාසනාව අරගෙන ආවත්, අද එයා පසුපස අඳුරු සෙවනැල්ලක් වැටෙන්න පටන් අරන්.
ඒ අවාසනාවෙන් එයාව ගලවා ගන්න අද ඔබේත් මගේත් දෑත ඇය වෙනුවෙන් දිගු කරන්නට වෙනවා කියන එක ඔබට කියන්නම ඕන කියලා හිතුවේ අජිත් එයාගේ දුව ගැන කිව්වට පස්සෙයි.
මගේ වැඩිමහල් දුවට දැන් අවුරුදු හයයි. දැන් අවුරුදු තුනක් විතර තිස්සේ ඉඳන් එයා ලෙඩ ඇඳේ ඉන්නේ. දුව පැන ඇවිදින කාලේ දුව හොඳින් හිටියා. සෙල්ලම් කළා. ඒත් මහත්තයෝ දවසක් දුවට තදට උණ හැදිලා වලිප්පුව හැදුණා. එදා දුවට ටිකක් අමාරු වුණා. ඊට පස්සේ දුවට ඉඳගන්න බැහැ. කොන්ද කෙළින් කරගන්න බැහැ. අදටත් දුව මූත්‍රා මළපහ පවා කරන්නේ ඇඳේමයි.
අපි ගොඩක් අසරණ වුණා. දන්න කියන හැම දොස්තර මහත්තයෙකුටම පෙන්නුවා. හැමෝම කියන්නේ දුවට ස්නායු ආබාධයක් තියෙනවා දිගටම බෙහෙත් කරන්න ඕන කියලයි. එහෙම වුණොත් දුව සනීප කරගන්න පුළුවන් වෙයි කියලා කියනවා.
තව අපිට අවුරුදු තුනක පුංචි දුවෙක් ඉන්නවා. අපි දෙන්නම කරන්නේ කුලී වැඩ. දැන් මගේ බිරිඳට වැඩකට යන්න විදිහක් නෑ. දුව මේ විදිහට ගෙදර දාලා. මම කරන්නෙත් රබර් කිරි කපන එක. ඒකෙන් ලැබෙන මුදලින් තමයි මේ හැමදේම කරන්නේ මහත්තයෝ. දැන් දුවගේ බේත් හේත්වලට මාසෙකට රුපියල් විසිදාහක් විතර මුදලක් යනවා.
ඒත් ඒ වගේ මුදලක් අද අපට හොයාගන්න හරි අමාරුයි මහත්තයෝ. ඒ නිසයි පත්තරේට හරි කියන්න ඕන කියලා හිතුවේ. ගෞරි වාසනා හය හතරක් නොදත් මේ පුංචි දියණිය අද ලෙඩ ඇඳකට වෙලා ජීවිතේ හෙට දවස ගැන බලාපොරොත්තු පොදි බඳිනවා.
ඒත් ඒ බලාපොරොත්තු අද ගෞරීගේ මුළු පවුලේ උදවියගේ ආර්ථිකය මත තීන්දු තීරණය වෙලා. ඇත්තම කිව්වොත් අදටත් අපි ඉන්නේ කුලී ගෙදරක. දැන් මාස කිහිපයකම කුලී ගෙවන්න අපිට බැරිව ගියා. කොයිවෙලාවේ අපිට මේ ගෙදරින් පාරට වැටෙන්න වෙයි ද දන්නේ නැහැ.
එහෙම වුණොත් මේ දරුවන් අරගෙන අපට යන්න තැනක්වත් නැහැ. අපි ගැන අනුකම්පාවක් තියෙනවා නම් මහත්තයෝ මේ දරුවා සනීප කරගන්න පොඩි හරි ආධාරයක් කරල දෙන්න. ගෞරිගේ ආදරණීය පියා අජිත්ගේ ඒ අසරණ ඉල්ලීම අපි ඔබ ඉදිරියේ කියන්නේ හැකිනම් මේ පුංචි දෝණිගේ හෙට දවසට ආලෝකයක් එක් කරන්න ඔබට පුළුවන් වේවි කියන බලාපොරොත්තුවෙන්.
ලිපිනය - අජිත් කුමාර,
දිග්ගල, හීංවැල්ල,
අටාල, කෑගල්ල හෝ දුරකථන 077 2744994 ඔස්සේ අමතා ඔබට විස්තර ලබාගත හැකිය.
පරිත්‍යාගයන් මහජන බැංකුව, කොටියාකුඹුර 355-2-001-7-0045654 ගිණුම් අංකයට බැර කළ හැකිය.

0 comments:
Post a Comment